Liyawilla [ ලියවිල්ල ]: අපි දැන් යාළුවෝනේ... දැන්වත් නම කියන්න බැරිද ඔයාට... (සාවරියා-3)

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


අපි දැන් යාළුවෝනේ... දැන්වත් නම කියන්න බැරිද ඔයාට... (සාවරියා-3)

Posted by Gayan Anuradh Liyanage Labels:





(පසුගිය කොටස්...)




සමාවෙන්න, මට ඔයාව ගෙදරට වෙනකම් ඇරලවන්න පුළුවන්ද?
නෑ... එපා මම ඔයාව දන්නේ නෑ......
බලන්න, මමත් ඔයාව දන්නේ නෑ තමයි. එත් මේ වෙලාවේ මට අවසර දෙන්න ඔයාව ගෙදරට යනකම් එක්කගෙන යන්න.
විහග මධුගේ පිටු පසින්ම ඇය සමග ගමන් කළේය.


මැඩම්.. අර මිනිස්සු ආයේ එන්න පුළුවන් ඔයාට කරදරයක් එහෙම උනොත්, විහග මධුගේ සමීපයටම විත් කිවේය.
මේ අහනවා.. ඔයා මම ගැන කරදර වෙන්න එපා මට යන්න පුළුවන් මධු විහගගේ මුහුණ දෙස නොබලාම තරහින් යුතුව පැවසිය.


කරදරක් නෙමෙයි. මම ඔයාව ගෙදරට යනකම් එක්කන් යන්නම්.. විහග උත්සාහය අත් හැරිමට අකමැතිව.. මැදියම් රාත්‍රිය පසු වී ඔහුට හමුවු මෙම කාන්තාව කෙරෙහි විහගගේ සිතෙහි ආදරයක් ඇති වි ඇති බව ඔහුට තවමත් පැහැදිලි නැත.


නෑ.... එපා ස්තුතියි! මධු අත තිබු කුඩය දිග හැරියේය ඇය පිටු පසින් සිටි විහග කුඩය එසවනවාත් සමගම අඩි කිහිපයක් පිටු පසට විය. මධු කුඩය රැගෙන විහගගෙන් මිදි ඉදිරියට ගමන් කරන්නට විය.


අහන්න..... විහග අසල තිබු කණුවකට හේත්තු වෙනවාත් සමගම නැවත මධුව ඇමතිය.
ඔයාට හිතෙන්නේ මමත් අර බිලා පාරේ ඇවිදින මනුස්සයෙක් වගේද?


ඔවු... එහෙම තමයි දැනෙන්නේ අර පාර අයිනේදි මගේ දිහා බලාගෙන ඉදපු විදියට. වැස්සක් කඩා හැලිමට මුලික ලකුණු පහළ වෙමින් තිබු නිසා හිටි හැටියේ ඇති වු සුළග පිළිබදව මධු එතරම් තැකිමක් නොදැක්විය එහෙත් ඇය අත තිබු කුඩය නැවත හකුලා ගැනිමට ඇයට අවශ්‍යය වුවත් එය කිරිමට තරම් ශක්තියක් ඒ අවස්ථාවේ ඇය සතුව තිබුනේ නැත.


නෑ... නෑ... මැඩම් ඔයා හිතලා තියෙන්නේ වැරදි විදියට විහග මධු සිටි ස්ථානයට පැමිණ අයගේ කුඩය හකුලා දෙන්නට තැත්කලේය ඇය කුඩය විහග අත තබා ඔහු දෙස බැලිය විහග කුඩය හකුලමින් ඇයට පැහැදිලි කිරිමට උත්සුක විය.  බලන්න, පාර අයිනේ ඔයා තනියම ඉන්නකොට මම හිතුවේ...
මොනවද හිතුවේ...  මමත් අර ගැණු වගේ රැට..... මධු විහගට කිසිවක් කිමට අවස්ථාව නොදිම ඇය එක දිගට කියවාගේන ගියේය. ඇයට ඉබේටම හැඩුනේය. විහගට සිදු වු කිසිවක් තේරුම් ගැනිමට නොහැකි විය.
නෑ.... නෑ..... මැඩම්... ඔයා ආයෙමත් වැරදි මම ඔයා ගැන එහෙම හිතුවේ නෑ..... විහග සිහින් ස්වරයෙන් මධුව ඇමතිය එහෙත් ඇය හඩමින් විහගගේ මුහුණෙන් මිදි අනෙක් පස බලා හඩන්නට විය
බලන්න ඔයා අඩනවා...  මම හිතුවේ මේ මගේ පළවෙනි මුණ ගැහිම නිසා ඔයාට උදව් කරන්න ඕනි කියලාඑත් ඔයා නම්, විහග කෙන්තියෙන් මෙන් එය පවසා අනෙක් පස බැලිය. මධු විහග දෙස නැවත හැරි බැලිය. විහගද ඇය දෙස බැලිය.
මධු කිසිවක් නොකියා.. විහග දෙස නොබලාම එතැනින් ඉවතට ගියේය.  ඇයට වැඩි දුරක් ගමන් කිරිමට නොහැකි විය. ඇය ඉදිරියේ නැවතත් බිමතින් සිටි මිනිසුන් කිහිපයක් විය.
ඇයට කිසිවක් සිතිමටවත්... පලා යෑමටවත්... නොහැකි විය. ඇය අනෙක් පස හැරි මුහුණ සලුවෙන් වසා ගත්තේය.
විහග මෙතක් වෙලා ඇය පසු පසින්ම සිටියේය. මධුගේ කුඩය තිබුනේද විහග අතට විහග ඇය නැවතත් අසරණ තත්වයට පත්ව ඇති බව වටහා ගෙන ඇයට කිසිවක් නොකියාම ඇය දෙසට කුඩය දිගු කළේය.
එන්න... මම ඔයාව ගෙදරට යනකම් එක්කන් යන්නම්... මධු විහග දිගු කළ කුඩය අල්ලා ගත්තේය. එහි අනෙක් පසින් විහග අල්ලා ගෙන සිටියේයත මධු නැවතත් අනෙක් පස හැරි ඉදිරියට ගමන් කළේය. විහගද ඇය පසු පසම ඇගේ කුඩයේ පිටු පස කෙටසින් අල්ලාගෙන ඇය සමග ගමන් කළේය.


එක දෙයක් නම් අහන්නම වෙනවා ඇයි ඔයා එතනට වෙලා අඩ අඩ හිටියේ... විහග මෙතක් වෙලා තිබු නිෂ්ශබ්දතාවය බිද දමා නැවතත් මධු සමග කතාවට මුල පිරිය.
මම මේ කුලි නිවසක ජිවත් වෙන්නේ..
විහගට මධුගේ කතාවට සිනහ ගියේය. ඒ නිසා ද ඇඩුවේ...  මමත් මේ කුලි නිවසක තමයි ජිවත් වෙන්නේ.
මම නම් කියන්නේ මැඩම් ඔයා නම් හරිම විහිලුකාරියක් තමයි. විහග සිනා සෙමින් කිවේය.
මධු එක විටම ගමන නතර කළේය. විහග ඇය ඉදිරියට පැමිණියේය.
දැක්කද... පාරවල් වල හැටි... වලවල් නැතිව පාරවල් නෑ... ඒ වගේම තමයි ප්‍රශ්ණ නැති ජිවිතත් හොයා ගන්න නෑ...


විහග එම විදියෙහි තිබු විශාල මඩ වලකින් එගොඩට පැන මධු දෙසට අත දිගු කළේය. ඇය විහග දෙසට අත දිගු කර නැවත තමන් කරා ගත්තේය.
විහග කිසිවක් නොකියා ඇය දෙසම බලා තමන්ගේ අතින් තමන්ගේ හදවතට තට්ටු කර නැවත ඇය දෙට අත දිගු කළේය. විහග මධුට එයින් ඇගවුයේ තමන් විශ්වාස කරනු ලෙසය.
ඇය කිසිවක් නොකියා ඇය අත තිබු කුඩය විහග අත තැබිය. විහගට කිසිවක් සිතා ගැනිමට නොහැකි විය. මධු නැවත ඇය ඇද සිටි දිගු සාය ටිකක් ඔසවා එම වතුර වලෙන් එගොඩට පැණිමට සුදානම් විය.
ඇය පැළද සිටි පාසලඹේ චම්.... චම්... නාදය හා පිටු පසින් පැමිණි සුළගේ නාදයද එකට එකතු වි අලංකාර ස්වර කණ්ඩයක් වාදනය වෙනවා මෙන් පසු බිමෙන් දැනෙන්නට විය.
ඇය එම පාරේ තිබු මඩ වලවල් කිහිපය එම ආකාරයට එකිනෙක තරණය කරන්නට විය. ඇය පසු පසම විහගද එලෙස ආවේය.
එක විටම මධු නැවතිය නැවත පිටු පස බැලිය. විහග සිතුවේ ඇය දෙස බලනවා යන්නය. එහෙත් ඇය බැලුවේ විහග දෙසද කාදෙසද යන්න විහගට සිතා ගැනිමට නොහැකි විය.


විහග ඇයගෙන් කිසිවක් ඇසුවේ නැත එහෙත් මුහුණෙන් ඉගි කර ඇගෙන් කුමක් දැයි ඇසිය. මධු විහග දෙස බලා ඇය සිටි ස්ථානයට පැන්නේය. විහග වහා පිටු පසට පැන්නේය.
නැවතත් ඇය විහග සිටි ස්ථානයට පැන්නේය.  විහග ද නැවත පිටු පසට පැනිය. මධු එක විටම විහග සිටි ස්ථානයට පැනිය එහෙත් විහග එතනින් ඉවත් නොවිය. ඇය විහගගේ කකුල් දෙක ළග දණ ගස්සනට විය.


මැඩම් මේ මොකද මොකද මේ මගේ කකුල් දෙක ළග..... විහගට කිසිවක් කිමට නොහැකි විය මධුගේ පාසලඹක් විහග සිටි තැන බිම තිබි ඇය එක ගැනිමට දණ ගැසු බව විහගට වැටහිණි.
ඕ........ පාසළඹ වැටුණද ඔයාගේ.....  ඔයාගේ පසළඹ නම්... විහග සිනා සෙන්නට විය. එහෙත් විහගට වඩා සිදු වු අකරතැබ්බයට වඩාත් සිනා සුනේ මධුය ඇයට සිනහව නතර කර ගැනිමට නොහැකි විය.
දැක්කද... ඔයා හිනා වෙනකොට කොච්චර ලස්සනද කියලා... හැම වෙලේම අඩලා මුණ කැත කරගන්නවා... විහග තරහින් මෙන් පැවසීය.
මධු සිනහව නතර කර තරහින් මෙන් විහග දෙස බැලිය. ඇගේ බැල්මට විහග බය විය....
නෑ... ඇත්තටම අඩනකොටත් ඔයා හරි ලස්සනයි. මධු නැවත බිම බැලිය.


එත් මම දෙයක් කියන්නද ? මේ දුක කියන්නේ හරියට හතුරෝ වගේ හැමෝගේම ජිවිත වලට එනවා එත් බයවෙන්න එපා...
මම කියා දෙන්නම් එයත් එක්ක සටන් කරන්නේ කොහොමද කියලා.. එක රහසක්... අහගන්න....  ජිවිතේ බොක්සිං ගෙම් එකක් වගේ දුක ඔයාගේ පරාජය..
එයාට අත් දහසක් තියෙන්න පුළුවන් එත් ඔයාට අත් දෙකයි. තමන්ගේ ඉස්සරහට ආවට බයවෙන්න එපා එයාගේ ඇසි දිහා බලන්න එයාගේ විශ්වාස බිදලා දාන්න,
ඊට පස්සේ... (විහග මධුට බොක්සං ගෙම් එකක් කියන්නේ මොකක්ද කියලා රගපාලා පෙන්නනවා එක පොඩ්ඩක් හිතින් ගලප ගන්න හොදේ)
ටින්... ටින්... ටින්... පැමිණ සිටින සියළු දෙනාම අහගන්න....
සාදරයෙන් පිළි ගන්නවා අද දිනයේ සටනට, එක පැත්තක සුරුපි කාන්තාවක්, සහ අනෙක් පස දුක සිටි... 
එත් ඔයා අමතක කරන්න එපා... ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න විහග රග පෑම මදකට නතර කර මධු ළගට පැමිණ කිවේය.
නැවත විහග ඔහුගේ පැහැදිලි කිරිම කරන්නට විය. දැන් සටන ආරම්භ වෙන්න යන්නේ...
එහාට වෙනවා මෙහාට වෙනවා ඉදිරියට එනවා... පළමු පාර ඔයාගේ මුහුණට වදින්න පුළුවන්.. ඔයාට රිදෙයි ... වැඩිය හිතන්න එපා විහග මධු ඉදිරියෙහි රග දක්වමින් පවසයි.
නැවත සටන ආරම්භ කරන්න..  අයෙත් ඔයාට පහරක් වදි ඔයා එත් වැටෙන්නේ නෑ මොකද තුන් වෙනි වතාවේදි අනිවාර්යෙන්ම එයා පරාද කරන්න පුළුවන්...  මුහුණ දිහාම බලන්න දුක ගැන සුළුවෙන් හිතන්න ඇස් දෙක දිහාම බලන්න සටන් කරන්න පරාද කරන්න ...
චියස් චියස් චියස්....  ජයග්‍රහකයා බිහිවි ඇත. විහග හුස්ම නොගෙන කියවගෙන ගියේයත මධුට කිසිවක් සිතා ගැනිමට නොහැකි විය. ඇය ගල් ගැසි බලා සිටින්නට විය.


ඇය අත තිබු කුඩය රැගෙන කැගසමින් විහග පසුපස පන්නන්න විය විහග බයවි දුවන්නට විය.  මධු නැවතිය ඇය හති අරිමින් සිදුවුයේ කුමක්ද යන්න නැවත මතක් කරන්න විය.  ඇයට තනියම සිනහ ගියේය. විහග සිදු කළ මෙම කිඩාවට ඇය ඇලුම් කර බව ඇයට වැටහිණි.
දැක්කද ඔයාගේ සතුට ඔයාව දිනෙව්වා.. මම කිව්ව නේද විහග මධු පිටු පස නැවත සිට ගෙන සිටි. මධුට නැවත නැවතත් සිනහ ගියේය.
ඇය අත තිබු පා සලඹ ඇය වතුර පිරුණ වළකට විසි කළේය. එහෙත් පාසළඹේ ශබ්දයෙහි නම් කිසිම අඩුවක් නොවිය. එය විසිකරනවාත් සමගම වැස්ස ආරම්භ විය.  ඇය අත තිබු කුඩය දිග හැරිය විහගටද එයින් නොතෙමෙන ආකාරයටය. විහගට සිදුවුයේ කුමක්දැයි සිතා ගැනිමට නොහැකිය.. විහග තනිව සිනාසෙමින් මධු සමග ඇයව ගෙදර තෙක් ගෙනයන්නට විය.
වර්ෂාව ටිකෙන් ටික අඩු වන්නට විය. මධුත් විහගත් මධුගේ නිවසකරා ළග වි තිබුනේය......


මේ තියෙන්නේ මගේ ගෙදර... මධු හඩ අවදි කරන්නට විය.  ඔයාගේ නිවස නම් මාර ලස්සනයිනේ.... විහග පැවසිය.
ඔයාට හිතෙන්නේ නැද්ද මේ ගේ ලොකු වැඩි කියලා... අනික තනියම ජිවත් වෙන අයට මේතරම් ලොකු ගෙදරක් මොකටද මධු අතින් ෂ්... යන ශබ්දය පිටකරමින් විහගට හයියෙන් කතා කරන්න එපා යන්න පැවසීය. විහග හිස වැනිය. තව ටික වෙලාවක්...... විහග නැවතත් කතා කරන්නට විය මධු එවර හයියෙන් විහග දෙස බලා ශබ්ද නොකරන ලෙසට තම ඇගිල්ල කටමත තබා ෂ්.... ලෙස ශබ්ද කරන්නට විය.
එවර විහග අතපය එහා මෙහා කරමින් කතා කරන්නට විය. මධුට කිසිවක් තේරුම් ගැනිමට නොහැකි විය. ඇයට සිනහ ගියේය.


වැස්සත් නැවතිලා අපි දෙන්න තාමත් කුඩේ ඉහළ ගෙන ඉන්නේ මොකද? විහග කිවේය. මධුට එවිට මතක් වුයේ තමත් තමා කුඩ ඔසවා ගෙන සිටින බවය. මධු කුඩය පසෙකින් තැබිය.  නැවත විහග දෙස බැලිය.
ඇය හයියෙන් හිනා වෙන්නට විය. එවර විහග ඇයට ශබ්ද කොරන ලෙසට පැවසීය. දෙන්නම අතින් කට වසා ගෙන සිනහ සෙන්නට විය.
විහග සත්සර... ඔයාට මට විහග කියලා කතා කරන්න පුළුවන්, ඔයාගේ නම? විහග මධු දෙසට අත දිගු කොට පැවසීය.
විහග මධුගේ නම විමසන විට ඇය බිම බලා ගත්තේය.. විහග නැවතත් ඇසීය. ඔයාගේ නම....


ඇය කිසිවක් නොකිය... කුඩය රැගෙන එය හකුලා ගෙදර දෙසට ගියේය. විහගට කිසිවක් සිතා ගැනිමට නොහැකිය. විහග ඇයට දිගු කළ අතින්ම ඔළුවට තට්ටු කර නැවත ඇය පසු පස ගමන් කරන්නට විය.
ටිකක් ඉන්න.....  ඔහොම පොඩ්ඩක් ඉන්න....... විහග මධුගේ ඉදිරියට ගියේය.  ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද?
අපි දැන් යාළුවෝනේ දැන් වත් නම කියන්න බැරිද ඔයාට...  මධු කටින් කිසිවක් නොකිය හිස වැනිය..
දැන් මම විනාඩි ගනක් තිස්සේ ඔයත් එක්ක ආවා... එත් මම ඔයාගේ නම දන්නේ නෑ.... දැන් මම පහට ගණන් කරන්න කළින් ඔයා නම කිව්වේ නැත්තම්.. ඔයාට මගේ අතින් අල්ලන් වෙනවා,
මධු විහග දෙස බලා සිනාසිය. එකයි... දෙකයි... විහග ඇගිලි ගණන් කරමින් මධුගෙන් ඈත් වන්නට විය..


මධු බිම බලා සිනාසෙන්නට විය .... ඇගේ නිවසේ උඩු මලේ සිටි කාන්තාවක් ඇගේ නම කියා ඇයට කතා කළේය..
මධු...... දැන් ගොඩක් රැවෙලා ඇතුළට එනන්න කවුරුහරි දැක්කොත්... ඇය නැවත මධුට කතා කළේය.
ඔයා මධු.......  විහග ප්‍රිතියෙන් යුතුව ඇගෙන් ඇසිය.  මධු ඔහු දෙස බලා හිස සැලිය.
දැන් ඔයා ඇතුලට ආවේ නැති වුනොත්... මම දන්නවා මෙතන මහා ලොකු ප්‍රශ්ණයක් ඇති වෙන්නේ ඉක්මණට ඇතුලට එනන්න... උඩු මහලේ සිටි කාන්තාව නැවත වරක් කෙන්තියෙන් මෙන් මධුව අමතන්නට විය,
හරි  නැන්දේ මම මේ එනවා..  මධු පිළිතුරු දෙමින් නිවසේ දොර දෙසට ගියේය. විහග සිටියේද දොරටුව අසලය මධු දොරටුවට ලං වනවාත් සමගම විහග ඇය දෙසට අත දිගු කළේය. විහග දිගු කළ අතට අනෙක් අතෙහි ඇගිලි වලින් තට්ටු කරමින් තත්පර කිහිපයකට කලින් කියු පොරොන්දුව මධුට මතක් කොට දුන්නේය.


මධු බිම බලාගෙන විහගගේ අත ඇල්ලීය.  හෙට රැට ආයෙත් මුණ ගැහෙනවද, විහග මධුගේ අතින් අදිමින් අසීය.
හෙට..........
දන්නේ නෑ හෙට මොනවා වෙයිද කියලා.... මධු නැවතත් කල්පනා ලෝකයක අතරමං වු සමනලියක් බවට පත්වි බිදුණු ස්වරයෙන් කතා කරන්නට විය.
හෙට... හද නැවත පායාවි... මම බලන් ඉන්නවා ඔයා එනකම්... විහග මධු දෙස බලමින් කිවේය. මධුට කිසිවක් කියා ගැනිමට නොහැකි විය. විහග මධුගේ අත අතහැර ඇයට ආචාර කොට නිවස තුලට යෑමට දොරකඩින් ඉවත් විය.


ඇය ගෙතුලට ගොස් දොර වසන්නට විය. විහග ඇය දෙස බලා සිටින්නට විය. ඇයද විහග දෙස බලමින් දොර වැසිය.
විහග මධුගේ අතින් ඇල්ලු අත දිහා බලමින් එතනම බිම වාඩි වි අත දෙස බලා සිටියේ. දෙවුලොව සුරදුතියක් පොලව පද ස්පර්ශයට පැමිණ තමගේ අතද ස්පර්ශ කළ ආකාරයෙනි.


විහග අත දෙස බලමින්... මධුගේ නම මුමුණන්නට විය.
මධු........ මධු......... මධු........
විහග එතැනින්න නැගිට.. ගියේය. මධු නැවත වරක් දොර සෙමින් විවර කරමින් එලියට පැමිණිය. විහග ගොස් ඇති බව දැන ගත් ඇය නැවත පාලම දෙසට දිව ගියේය. ඇය කිසිවෙකුගේ බලා පොරොත්තුවෙන් මග බලාගෙන සිටියේය.


එහෙත් ඒ වන තුරුත් කිසිවෙකු පාලම දිහාවට පැමිණ සිටියේය නැත. විහග නිවසට යනින් ගමන් මධුව මුල් වරට මුණ ගැසුණ පාලම ළග තිබු බිත්තියක ඇගේ නම ලිව්වේය....





නුඹේ නෙතු ගැටුණු විට මා  හා...
දැනුනේ ආදර හැගිමක්...
මා උම්මතකයෙකු වුවා...  මා උම්මතකයෙකු වුවා...
එනමුදු නුඹේ ඇස්....... 








දිනේෂ් සංජය නිර්මාණ දායකත්වයෙන්
 තවත් අපූරු ඉසව්වකදී නැවත හමුවෙමු....
සාවරියා......................
Share |

1 comments:

  1. හංසී

    ලෝකයක අතරමං වු සමනලියක් බවට පත්වි බිදුණු ස්වරයෙන් කතා කරන්නට විය........යථාර්තයත් එයයි මේ භව පුරා සිටින සියල්ලන්...මන්ද යත් ආදරය හැගුමක් දැනිමක් ඉදිරියේ ගොඑවන නිසාවෙනි......

    නුඹේ නෙතු ගැටුණු විට මා හා...
    දැනුනේ ආදර හැගිමක්...
    මා උම්මතකයෙකු වුවා... මා උම්මතකයෙකු වුවා...
    එනමුදු නුඹේ ඇස්.......

    ‍ගොඩක් ලස්සනයි...
    ඉතිරිය ඉක්මනින් බලාපොරොත්තු වෙමි.....

Post a Comment