Liyawilla [ ලියවිල්ල ]: ස්තූතියි..... (එපා) නැවත එන්න...... (අකීකරු අකුරු-අවසන් කොටස)

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ස්තූතියි..... (එපා) නැවත එන්න...... (අකීකරු අකුරු-අවසන් කොටස)

Posted by Gayan Anuradh Liyanage Labels:




 හවල නිදිගත් පසු රාත්‍රිය උදාවෙන්නේ  පෙම්වතුන්ට අඩුවක් නැතිව සිසිල බෙදන්නද මන්දා? පෙම්වතුන්ට දවසෙම තිබුන මහන්සිය ඇති පමණ නිවා ගන්න, ගව් ගානක් දුරින් හිටියත් පපු තුරුලට තුරුල් වෙලා ඉන්නව වගේ අපරිමේය හැඟීමක් ලබා  ගන්න, රාත්‍රිය හදලා දෙන වටපිටාව කිසිම කෙනෙක් කීයක් දුන්නත් හදල දෙන එකක් නම් නෑ... මේ අව්අස්සෙ හදිස්සියකට call එකක් ගන්න බැරි තරමට mobile network busy වෙන එක අහන්නත් දෙයක්යැ...
                       
            පෙර කී හැමදේටම මාත් කාලයක් සාක්ෂි කාරයෙක් වෙලා හිටියා. ඒත් දැන් මට ඒ රාත්‍රියේ සිසිල නොදැනෙන තරමටම මගේ හිත ගිනියම් වෙලා. රාත්‍රියත් හරිම අකාරුණිකයි...
ඒ ගිණියම් වෙච්ච හිතසුවපත් කරනව වෙනුවට එයා කරන්නෙත් ඇස් අඟට කඳුළු පුරෝන එකමයි. මේ හැමදාම මාව සුවපත් කරපු රාත්‍රියම නේද කියල හිතෙද්දි මට මාවම තේරුම් ගන්න බැරි වෙන තරමටම නන්නත්තාර වෙලා යනවා.....

                       ඔයත් එක්ක ආයෙ කිසිම connection එකක් තියා ගන්න වෙන්නේ නෑ කියල ඔයා අන්තිමට call කල වෙලේ කියද්දි මට දරාගන්න බැරි වුනා. මම කිසිවක් නොකියා ජංගමේ කනේ තියන් හිටියත් ඔයා ගොඩක් දේවල් කිව්ව වගේ මට ඇහුණා. ඒත් වෙනදා උදේට Good Morning කියල ආව sms එක, දවල්ට හවසට ලෙක්චර්ස් අතරතුර ආව sms විතරක් නෙවෙයි, රෑට බෝඩිමේ ඉස්තෝප්පුවේ ඇවිද ඇවිද, ගෙදර ඉද්දි අම්මට ඇහෙනවට ඇඳේ ඉදන් රහසින් කොඳුර කොඳුර, කොයිතරම් නම් අපි කතා කලාද? ඒත් අපේ කතන්දරේ අවසන් වෙන්න සතියක් විතර කිට්ටු වෙද්දි මම call කලත් ඔයා answer නොකර හිටියා. මගේ හුගක් sms වලට reply ආවෙත් නෑ.. මම කොච්චර වෙලානම් බලං හිටියද?

               ඔයාගෙන් මට අන්තිම sms එක ආවේ මට කවදාවත් අමතක කරන්න බැරි දවසක. එදා මගේ උපන් දිනය. මම උදේ ඇහැරුනේ ඔයාගෙන් ලැබුණු  sms එකේ හඬින්. මට ඒක කට පාඩම් රත්තරං...

" සුබම සුබ උපන්දිනයක් මගේම අනූ අයියට. ඔයාගේ හිතේ  හැම යහපත් බලාපොරොත්තුවක්ම හොඳින් ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... මට සමාවෙන්න මගේ අයියේ....."

           විච්චූරණ වචන අමුණන්න දන්නෙ නැති වුනාට ඔයා මේ වචන ටික ඇමුණුවේ හිත යටින්ම ආපු පිවිතුරු හැඟීමෙන් බව මම දන්නවා... ඒත් ඊට පස්සේ ගතවුන හැම දවසක්ම මට මහා පාළු මූසල දවස් වෙන්න පටන් ගත්තා. මං කවදාවත් නැති විදියට හෝන්දු මාන්දු වෙලා. ෆෝන් එක දිහා පැය ගණන් බලං හිටියා. ඒත් වෙනදා හැලහොල්මනක් නැතිව සද්ද දාපු මගේ ජංගමය, මේසේ උඩට වෙලා ඔහේ බලං ඉන්නවා... ඔයාට call එකක් ගන්න, sms එකක් යවන්න හිතුන වාර අනන්තයි. ඒත් ඒ හැම වෙලාවටම මං හිත තද කරගත්තේ පුපුරන්න හදන බෝම්බයක් අතින් තද කරගන්නව වගේ. මට දැනුන දෙවල් ඔයාටත් ඒ විදියටම දැනුනා කියල මට තේරෙන්න පටන් ගත්තේ ඊට ටික දවසකට පස්සෙයි. 

                                     ඔයා කතා කරයි කියල කොච්චර මං බලන් හිටියත් , ඔයා කතා කලේ නෑ... ඒත් , පාරමී මට කතා කලා... පාරමී මගේ හොඳම යාලුවෙක්. එයා ඔයාව දැනගත්තෙ ඔයා යන්න ඉන්න කැම්පස් එකේ එයත් හිටපු නිසා, රෙජිස්ටර් වෙන්න යන දවසේ ඔයාට උදව් කරන්න කියල මං එයාට කිව්වට පස්සෙයි. එදා ඔයා රෙජිස්ටර් වෙලා කැම්පස් එකෙන් පිට උන මොහොතෙම  පාරමී මට කතා කලා. එදා එයා කියපු දේ, මට තාම මතකයි...

"ඇත්තටම අනූ..මට පුදුමයි. ඒ කෙල්ල තමුසෙ ගැන තියල තියෙන විශ්වාසේ තරම ගැන. ජීවිතේට දැකලත් නැති, අදුරන්නෙත් නැති කෙනෙක් එක්ක ජීවිතෙට නොගිය තැනකට එයා ගියේ අම්මවත් ගේට්ටුව ලඟ තියල"

ඒත් ඊයෙ පෙරේදා දවසක පාරමී මට කතා කරලා කිව්වෙ,
" අනූ... තක්ෂි නංගි මට කතා කලා. ඔක්කොම විස්තරේ කිව්වා... එයා හරිම අහිංසක කෙල්ලෙක්, එයාට ඔයාට දුකක් දෙන්න බෑ වගේම පරණ කෙනාට දුකක් දෙන්නත් බෑ.. එයාට තීරණයක් ගන්න බැරිවයි ඉන්නේ. ඔයා එයාගෙන් ඈත් වෙන්න  ගත්ත තීරණය දෙන්නටම හොඳයි. එයා හොඳ කෙල්ලෙක්.. ඒත් එයා මේ වෙලාවෙ දුර්වලයි... ඔයා දුක් වෙන්න එපා අනූ..."

                     පාරමී කිව්වා වගේම කාලයක් තිස්සේ මට ඔයාගෙන් දැනුන දේවල ප්‍රතිඵලයක් විදියට මං ඔයාගෙන් සදහටම, හැම විදියකටම වෙන් වෙන්න තීරණය කලා... ඒ නිසයි මං ඔයාට අවසන් sms එක යැව්වේ...

ඔයා නිසා මට ලැබුන හැමදේටම ගොඩාක් ස්තූතියි... Bye 4ever...

                ආදරේට වෙඩි තියන සමනලයෙක් වගේ, මං ඒ තරම් කෙටියෙන් අහිංසක දරුණු ස්වරයෙන් අවසන් පණිවුඩය යැව්වෙ, ඔයාට රිද්දන්නමද කියල මට තේරෙන්නෙ නෑ... ඒත් මට අන්තිමට සිද්ද වුන දේවල් ගැන තියෙන්නෙ කළකිරීම මිශ්‍ර වුන දුකක්... ඒත් තවමත්, මට වගේම ඔයාටත්, හදාගන්න බැරි තරමේ පාලුවක්, පාඩුවක් තියෙනව කියල මට හොදටෝම තේරෙනව. ඔයා මං ගැන අහන්න පාරමීට කතා කරන බවත්, මගෙන් සමාව ගන්න ඔයාට ඕන උනත් ඒක කරන්නවත් මට කතා කරන්න ඔයාට හිත හදාගන්න බැරි බවත් මං දන්නවා... ඒත් කවදාවත් මං ඔයා ගැන අහිතක් නොහිතන බව ඔයත් හොදටම දන්නව නේද? කවදහරි කොතනකදි හරි අපි හමුවුනොත්, දෙනෝ දාහක් මැද්දෙ වුනත් අපි අතර කිසිම දෙයක් නොවුන වගේ අපි ඉමු. 

                        විරහ වේදනාව හොඳහැටි දැනිලදෝ මන්,ද මං පිස්සෙක් වගේ හිතට දැනෙන  හැම සිංදුවක්ම අහන්න ගත්ත. ඒ ඇහෙන හැම සින්දුවක්ම කියන්නෙ අපි දෙන්න ගැන කියල හිතන්න ගත්තා. ඒත් ඒකත් ඔයා වගේ හරි ලස්සනම සිහිනයක් විතරයි...  මම දවසක් කියද්දි "මං ඔයා නිසා ආදරේ කරන්න, කවි කතා ලියන්න පුරුදු වුනා" කියල, ඔයා කිව්ව "ඇයි ඔයා අඬන්නත් පුරුදු වුනානේ" කියල. ඔයා කිව්වෙ ඇත්ත... ජීවිතේ වෙනදා නාඩපු විදියට අඬන්න ඔයා මට පුරුදු කලා. ඒත් ඒ වැටුණ හැම කඳුලකටම මම ඔයාට වගෙම ආදරෙයි..... 

                         දැන් හැමදේම ඉවරයි.... මං මගේ පාඩුවෙ ඉන්නවා.. delete නොකරපු  sms, fb msgs, record කරපු phone calls මට ඔයාව මතක් කරාවි, හැමදාමත්. කවදාවත් සතුටකදි ඇරෙන්න වෙන කිසිම මොහොතක ඔය දිලිසෙන නිල් තරු ඇස් වලට කඳුලක් නම් එන්න එපා...  ඔයා නිසා මට ලැබුණ සුන්දර මතකයන් මට වචනයෙන් කියන්න බැරි තරම්.. ඒත් පැටියෝ.... ජීවිතේ දිගයි, අපිට කාලය අඩුයි... යුතුකම් වගකීම් කියන දේවල් ජීවිතේදි අපිට මොනව නැති වුනත් ජීවත් වෙන්න බල කරනවා. ඒ නිසා, හදවතින්ම අවංකව කියන්න බැරි මොකක්දෝ කුකුසක් හදකොනේ තියාගෙන, අපි දෙන්නගෙම අනාගතේ වෙනුවෙන් මට ඔයාට කියන්න අවසර දෙන්න, "ස්තූතියි.... (එපා) නැවත එන්න..."


මගේ ආදර සුවඳ මලේ... ,

සිසිල දෙන රාත්‍රිය
නොදුන්නත් සිසිල මට...
නිදි කුමරි නොඑන්නේ 
දැනෙන්නද රැයෙහි දිග...

අහිමි බව කියද්දිත් 
දුරක ගිය මගේ හිත...
එනු පිණිස හිටි තැනට
මගෙන්ම අහනවනෙ මග...

ගියපු මග නොදන්නා
මගෙ මෝඩ කවි සිතට...
කොහොම කියනුද පාර
මමවත් දන්නෙ නැතිකොට...

එනමුදු අපූරුව
සිපගත් සැටි ඔබ මගේ හද...
වින්දෙමි සිත්පුරා තුට
මම මගේ පුංචි හිත ගැන...

මා නොදුටු මගේ කවි සිත 
සොයා දුන්නාට දුරක සිට...
පිදීමට අවසරද මට
ස්තුතිය ඔබ නමට...

ඇයි දැයි නොදන්නෙමි
පෙළුයේ මා මේ තරම...
පෙම් කරපු නිසාවෙද 
ඇත්තටම මා ඔබට...

වෙන් උනද නිමා කොට 
දසමසක වූ ඇසුර...
කියනු මැන සුවඳ මල
ඇතිද වරදක් මේ සුළඟ අත... 

- මං ඔයාගෙම ආදර සුළඟ.....   

                                                      




Share |

0 comments:

Post a Comment