ඇස් දෙක පියාගෙන හිටිය ටික වෙලාවට නෙතු අස්සෙන් ඇද හැලුන කඳුලු කැට වල බර හොයන්න ගියේ නැති උනාට, ඒවායේ වෙනදා නැති දීප්තියක් තියෙන වග නම් මට හොඳටම තේරුණා. ජීවිතේ මහා බරක් පපු කුහර අස්සේ හංගගෙන් හිටපු ඔයාටත්, හදවත පලාගෙන ඒ මහා බර පොළවට කෑගහගෙන ඇදවැටුණ වෙලාවෙ, මටත් වඩා ඇඩෙන්න ඇති නේද? ඒත් ඒ දිගු රාත්රියේ උනේ මොකක්ද අපි නොදන්නවට වැරදිලා හරි ඒ දේ උනේ අපි දෙන්නගේ ආත්ම වලට අවංකත්වයක් දෙන්නවත්ද? සමහරවිට ඔයාගේ හිත අස්සෙන් ඒ රහස එලියට පනිනවට ඔයත් ඒ වෙනකොට කැමැත්තෙන් ඉන්න ඇති.
ඉස්සර මුලු ලෝකයම වුනු ඔය දෙන්නගේ ලෙන්ගතුකම, යල් පනිනකොට ඒ කල් පනින ආදරේ පිලිනු උන තැන් වමාරා කන්න මමත්
ඔයාට උදව් කලාද කියල වෙලාවකට මට හිතෙනවා.
ඒත් මං ඒ දේ කලේ මොනතරම් අහිංසක, පවිත්ර හැඟීමකින්ද කියල කාටත් වඩා හොඳට ඔයා දන්නව නේද?
ඔයාට උදව් කලාද කියල වෙලාවකට මට හිතෙනවා.
ඒත් මං ඒ දේ කලේ මොනතරම් අහිංසක, පවිත්ර හැඟීමකින්ද කියල කාටත් වඩා හොඳට ඔයා දන්නව නේද?
" දෙපාරක් අඩන්න හිතෙන වැඩක්නෙ බං උඹට වෙල තියෙන්නෙ...වැරදිලවත් මේ වැඩේ නිසා ඒ කෙල්ල අතරමං උනොත්, උඹට සහගහනව යකෝ...."
මට නාඩි වැටෙන විදිය ගැන පවා අවබෝධයක් තියෙන ලඟම මිත්රයා වෙලත් ඉවක් බවක් නැතුව අතාරින කැකුලගේ ඊතල පාරවල් වලින් මගේ හිත තවත් ඔද්දල් වෙනවා මිසක් සුවපත් වෙන්නෙ නම් නෑ...
"මොනව කරන්නද බං. මං හිතාමතා කිසිම වැරැද්දක් කරල නෑනෙ"
මාත් ඔහේ කියල දැම්මේ වෙලා තියෙන දේ බර සැහැල්ලුවේද බලන්නත් එක්ක.

" උඹ මේ මරාලෙ පැටලුනේ විහින්මනේ... උඹල දෙන්නට මේ දේ නවත්තන්න තිබුණෙ මෙච්චර දෙයක් වෙන්න කලින්..."
" ඒත් බං, මේ හිත කියන එක මහා පුදුම එකක්. අපිට ඕන වෙලාවට ඒක නවත්තන්න බෑ බං. එහෙම නවතින්න නම්, පණ ගැහෙන අපේ මේ හිත් දෙකත් නවතින්න වෙයි!"
" ඒත් බං, මේ හිත කියන එක මහා පුදුම එකක්. අපිට ඕන වෙලාවට ඒක නවත්තන්න බෑ බං. එහෙම නවතින්න නම්, පණ ගැහෙන අපේ මේ හිත් දෙකත් නවතින්න වෙයි!"
මං ඒක කියල දැම්මෙ ආවේගයකින් උනත් ආයාසයකින් නෙවෙයි.
කැඩි කැඩී බිදි බිදී තිබුණ අපි දෙන්නගෙ නමක් හැඳින්වීමක් නැති relationship එක ඔහුට දැනගන්න ලැබුණේ ඇත්තටම අහම්බයකින්ද කියන එක තවමත් මට සැකයක්. ඒත් කොහොමහරි අපි දෙන්නගේ නිමක් ඉමක් නැති facebook කතා දෙදාස් ගණනින් පන්සීයක්වත් එයා දකින්න ඇති. ඒ නිසාම වෙන්න ඇති මේක මේ තරම්ම එයාට දැනෙන්න ඇත්තෙ. මොකෙන් මොකක් වෙයිද කියල හිතාගන්න බැරිව මං ඉන්දෙද්දි, එයා ඔයාගෙන් උත්තර නැති ප්රශ්ණ ගොඩාක් අහන්න ඇත්තෙ හිතේ කේන්තියකුත් තියාගෙන වෙන්න ඇති.
" Good morning! එයා හැමදෙයක්ම දැනගෙන. මං කරපු වැරැද්දට මට දඩුවම් ලැබෙන්න යන්නෙ..."
ඔයා එදා උදේ පාන්දරම එවපු msg එකේ තිබුණෙ එහෙමයි. එත් රත්තරන්.. අපි දෙන්න කිසිම වරදක් නොකල එකේ ඇයි ඔයා දඩුවම් විදින්න හදන්නේ.... නමක් හැඳින්වීමක් දෙන්න බැරි අමුතුම සුන්දර හදවත් බැම්මකින් අපි බැඳුන මිසක් තුන්දොරින් සිදුවන කිසිම වරදකට හවුල්කාරකම් කිව්වෙ නෑ කියල අපිට දිවුරන්න උනත් පුලුවන් නේද?
" ටික දවසකට මාව සතුටින් තිව්වට ගොඩාක් පිං අයියේ... ඒත් ආයේ කවදාවත්ම මගේ ජීවිතේට සතුටක් නම් ලැබෙන්නෙ නැති වෙයි. මට මගේ හිත හදාගන්න, ආයෙ කවාදාවත්ම මාත් එක්ක කතා නොකර ඉන්න. please.... "
ඔයා මට අන්තිමට කිව්වෙ එහෙමයි. ඒත් අපිට එහෙම නවතින්න පුල්වන්ද රත්තරන්....
හිනා වෙන්න හැදුවට මම.. හිනා වෙන්න නම් බෑ මට ...
තරහ ගන්න හැදුවත් මම.. තරහත් නෑ එන්නේ අද...
අඩන්න නම් හිතුවෙත් නෑ.. හිතන්න්වෙත් නෑ ඒ ගැන....
එත් ඔයා මතක් වෙද්දි.. ඇයි ඇඬෙන්නෙ ඉබේම මට....
නිරන්තර දුක හිතේ තද කරගෙන පාලුවෙන් ගෙවුණු ඔයාගේ ජීවිතේට අහිංසක සතුටක් මිශ්ර මානුෂීය හිතවත්කමක් ලබාදෙන්න මට පුලුවන් උන එක මට මහා සතුටක්. ඒ බැදීමට අපි දෙන්න දෙවිදියකට කේන්දර හදන්න හැදුවත් ඒ බැදීමට ස්ථිරව කියන්න පුලුවන් නමක් හොයාගන්නවත් අපිට බැරි උනා නේද? කොහොමටත් අපි ඒකට නමක් හොයන්නෙ නැතිව ඉමු.
ඒත් ඔයදෙන්නගේ බැදීමට නම් එහෙම නමක් තිබුණා. ඔයා ඒ නම වෙනස් නොකරගන්න ගොඩාක් උත්සහ කල බවත්, ඒ වෙනුවෙන් අප්රමාණව කඳුලු හලපු බවත් මම දන්නවා. ඉර රස්නේ හොයාගෙන දුවන්න දගලන සූරියකාන්ත මලක් වගේ ඔයාත් එයාව හොයාගෙනම දුවන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. නන්නත්තාරව නිදහසේ පාවුන ආත්මයක් වෙච්ච මං, කොහේදෝ ඉඳන් ඇවිත් ඔයාගෙ මුලු ජීවිතේටම සදාදරණීය දුෂ්ඨයෙක් උනාද කියල මගේ යටි සිත මගෙන් ප්රශ්ණ කරන්නෙන් ඒ නිසා වෙන්න ඇති.

බොඳව ගිය ඇස් අගින් අඬ අඬා හිනාවෙන්න, ජංගමෙන් කතා කරද්දි මිනිත්තු දෙක තුනක් කතා නොකර ඉද්දි තියෙන නිහඩ බවේ රහස අහන්න, දුක් නිවන කාලයා ආයෙ අපිටත් අවස්ථාවක් දේවි නේද රත්තරං. ඒ වෙනකං පපුතුරේ සඟවගෙන ඔයා උහුලන කඳුලු කැටේ මගෙ පංගුව, මටත් උහුලන්න, තියල තියනවා නේද? සත්තයි! මං ලඟින්ම ඉන්නවා....
- මං ඔයාගෙම ආදර සුළඟ...
5 comments:
hmmm ඔයා මට අන්තිමට කිව්වෙ එහෙමයි. ඒත් අපිට එහෙම නවතින්න පුල්වන්ද රත්තරන්....
හිනා වෙන්න හැදුවට මම.. හිනා වෙන්න නම් බෑ මට ...
තරහ ගන්න හැදුවත් මම.. තරහත් නෑ එන්නේ අද...
අඩන්න නම් හිතුවෙත් නෑ.. හිතන්න්වෙත් නෑ ඒ ගැන....
එත් ඔයා මතක් වෙද්දි.. ඇයි ඇඬෙන්නෙ ඉබේම මට....
ඇත්තටම ලස්සනයි අයියේ..
අපේ ලගින් ඉන්න අය අපෙන් ඈත් වෙද්දි දුක වැඩ්වෙනවා...ඒක කොහම නවත්වන්නේ.....
lassanaiiiiiiiiiiiiiiii
@හංසි:
ඔව් හංසි....දුක වැඩියි තමයි... එත් ඒ අයව නවත්තන්න පුලුවන් වුනත් නවත්තන්න හොඳ නෑ....
පැතුම් මල් ලියන ශානුටත් නමක් නොලියූ යාලුවටත් ගොඩක් ස්තූතියි...
Post a Comment