Liyawilla [ ලියවිල්ල ]: මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...

Posted by Gayan Anuradh Liyanage Labels:


 අපේ රටේ මිනිසුන්ගේ මතක ශක්තිය පිළිබඳ හොඳම සහතිකයක් දුන් අය අතර වසර දෙකකට පෙර අප අතරින් සමුගත් වේලුපිල්ලෙ ප්‍රභකරන් ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහුට අනුව සිංහලයන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක කාලයකි. ඔහු එම ප්‍රකාශය කලා නම් කලේ ප්‍රයෝගිකව අත්හදා බැලීමෙන් විය හැකිය. නමුත් ඒ මහතාගේ අවසන් කටයුතු සිදුවූ ඒ පුණ්‍යවන්ත දිනය නම් අපට සති දෙකකින් අමතක කල නොහැකිය. එසේ කලහැක්කෙක් මේ මාතෲ භූමියේ ජන්ම ලාභය ලබා ඇත්නම් ඔහු ගැන කවර කතාද?

                      වටෙන් වටෙන් ඇවිත් කියන්න හදන්නේ, ඔබට මේ දින වල  මාධ්‍ය නිසාවත් මතක් වෙච්ච දෙයක්මය. ඊයේ (මැයි 27) උදේවරුවේ අහම්බෙන් හෝ ඔබ රූපවහිනිය නැරබුවේ නම් සෑම නාලිකාවකම දුටු පොදු දර්ශන පෙල තුලවත් අපගේ අභිමානවත් උත්තමකාරණයක සැමරුම් සටහන් දකින්නට ඇත. වස 30ක් පුරා අමානුෂිකත්වය තුල විරූපිත වූ විකාරරූපි කාල පරිච්ඡේදයක, පරිපූර්ණත්වයට ආසන්න අවසානයක් අපි මීට වසර දෙකකට පෙර අත්වින්දෙමු.  සැබවින්ම ඉන් පෙර මෙරටේ මිනිසුන් තුල පැවති මානසික මෙන්ම කායික හැසිරීම් රටා මේ වන විට සැබවින්ම වෙනස් වී ඇත. එය වූ කලී උදක්ම වාසනාවන්ත කාරණයකි. නමුත් මේ තුල ඇති කාලකණ්ණි ප්‍රශ්නාර්ථය නම්, ග්‍රාමීය පෙදෙසක වසමින් කිසිදා බෝම්බයක් පුපුරන දසුනක් දකිනු තියා අහලගම් හතක එවැනි හඩක්වත් නෑසූ අප වනි ගැමියන්ටත් වඩා ඉතාම ඉක්මණින් පෙර කී ඇත්දැකීම් මොනවට අත්විද ඇති නාගරිකයන්ට ඒ අවාසනාවන්ත මෑත අතීතය සපුරා අමතක වී තිබීමය. එය ඔවුන්ගේ ඥණමණ්ඩලයේ ප්‍රභලතාව මත සිදුවූ ආශ්චර්යක්දැයි මම නොදනිමි. එහෙත් මෑතක සිට නාගරිකයන් සමඟ සුලු වශයෙන් හෝ ගැටීමට වරම්ලත් මාහට නම් එය ප්‍රශ්ණාර්ථයක්මය.

                     පිපිඤ්ඤා,බෝංචි ටිකක් දාගත් ෂොපින් බෑගයක් අතින් අරන් රාත්‍රී 7ට පමණ MC එක ඉස්සරහින් ගොස් බම්බලපිටි හන්දියෙන් බස් අංක 100 , බසයකට නගින රජයේ සේවක මහතාට වැල්ලවත්ත පසු කරමින් බසය යද්දී මීට වස දෙකකට පෙර හැඟුන දෑ ගැන මම දන්නේ නැත. නමුත් දැන් නම් ඔහු යන්නේ අදවත් දනුකට සංසලාව දකින්න ලැබේද නොලැබේද යන සිතුවිල්ල මෙනෙහි කරමින් විය හැකිය. ඒසා විශිෂ්ට මානසික නිදහසක් ඔබට ලැබීම ගැන අප ඉරිසියා නොවන්නෙමු. නමුත් ඔබ හට අමතක කල නොහැකි මතක රැසක් මීට වසර දෙකකට පෙර ඉතිහාසය තුල සිදුවූ බව නම් මතක් කල යුත්තෙමු. එසේ ඔබ මතක් කර ගත යුත්තෙ කුමන කරුණක් නිසාද යන්න ඔබම ප්‍රශ්නකරගත යුතු කරුණකි.

                       මෙරට මෑත ඉතිහාසයේ බිහිවූ සෑම නායකයෙක්ම පෙර පාලකයා විසින් කරන ලද කාර්යයන් කෙරේ මහජනයා කුපිත කරවා ජය ලබා ගත් ඇත්තෝ නොවේද? එසේ නොවුනා නම් නොවන්නේ වත්මන් ජනපතිවරයා පමණි. මන්ද ඔහු තමා විසින්ම කරන ලඳ සාක්ෂිගත වැඩපිළිවෙලක ප්‍රතිඵල පෙන්වා තම පාලන අයිතිය ලබා ගෙන ඇති නිසාය. (සමහර ආර්ථික කාරණාවලදී ජනයාට කලකිරෙන සේ හැසිරුනත්..) මෙරටේ පැවති යුද්ධය වූ කලී සැබවින්ම බිහිසුණු එකකි. එය කිසි ලෙසකවත් වෙනත් යුද්ධ භූමියක් හා සැසදීම නොකල යුත්තකි. එවැන්නක් අති සාර්ථකව අවසන් කිරීම තුල භූමියේ යුධ ජයග්‍රහනය මෙන්ම අභියෝගයක්, බාහිර බලපෑම් මත කෙරෙන රාජත්‍රාන්තික යුද්ධය ජය ගැනීමටත් සිදු කිරීමට සිදුවිය. පිටරටකින් පැමිනෙන එක දුරකථන ඇමතුමකින් තරුණ සෙබලුන් දහස් ගණනක්ගේ ජීවිත පාවා දුන් නායක නායිකාවන් හිටි රටක, වත්මන් පාලකයාට අප ගරු කල යුත්තේ එවැනි බෙලහීන ප්‍රතිපත්තියක් අනුගමනය නොකර රටේ තාරුණ්‍ය පාවා නොදුන් නිසාය. එවැනි පසුබිමක් මත ඒ මහා යුධ ජයග්‍රහනය ලබා දෙවර්ෂ පූර්ණය අප සැමරුවෙමු. නමුත් මාහට ඇති ගැටළුව නම් ,මේ සැමරුම තුලත් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියේදී මෙන්ම බාහිරින් සැමරුම සිදු වුවත් මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය තුල සැමරුමක් සිදු වූයේද යන්නය.

                       අද මැයි මාසේ 28 වෙනිදා. IPL Final  අදට යෙදී ඇත. කවුරුත් ඉන්නේ දොනිගෙයි ගේල්ගෙයි වැඩ බලන්නටය. ඒත් අපේ කොල්ලෝ කෙල්ලෝ සමහරකට මැච් එක බලන්නට පුලුවන් වේදැයි හරිහැටි නොදනිමි. මොකද ඔවුන් හමුදා කදවුරු තුල නායකයන් වන්නට පුහුණු වන නිසාය. සැබවින්ම ඒ වූ කලී හොඳම හොඳම ක්‍රියාවලියකි. මීට වසර 2ට පෙර විශ්ව විද්‍යාලගත වූ අපට එවැනි වරමක් ලැබුණා නම් හොඳයි කියාද සිතේ. කෙසේ වෙතත් එන් වැඩමුලුවක් තුලින් හෝ එලියට එන තරුයා විවෘත මනසකින් හෙබි, අතීතය මතක තරුණ පිරිසක් වන්නෙ නම් යෙහෙකිය. මක් නිසාදයත් බෝම්බ යන වදන මේ වනවිටත් සමහරුන්ට අමතකව ඇතුවා සේ තවත් වසර කීපකින් පසු විශ්ව විද්‍යාලගත වන සිසුවාට නවක වදය යන වචනය අසා නුපුරුදු එකක් විය හැකි නිසාය. ඒ වචන අසා තිබීම කිසිසේත්ම අනිවාර්ය නැත. නමුත් එහෙම ඒවා තිබුණ බවත්, ඒව අපිට නොඇසෙන්නේ ඉබේ සිදු වූ ආශ්චර්යක් නිසා නොවන බවත්  මතකයේ තිබිය යුතු නොවේද?  

                       අවසාන වශයෙන් මූලිකව මතු කරන්නට උත්සහ කල කරුණ හා සමපාත වෙන්නම්. අප මේ සැබවින්ම අත්විදින පැහැදිලි නිදහස පිලිබඳ මතකය තව ටික කලක්වත් මතකයේ තියාගන්න. ගින්න නිවී ඇති බව සැබෑය. නමුත් අලු යට ඇති ගිනි පුපුරු වලින් අලු ගසා දමා අවුලවා ගැනීමට තැත්දරන්නෝ තවමත් ඔබට වඩා අවදියෙන් යුත් මතකයෙන් යුතුව ඒ දෙස බලා සිටින්නේය. ඒනිසා ඔබටත්, දෑ අවුරුද්දකට පෙර හැන්දෑවන්ගේ මතකය, මතකයේ තිබිය යුතුමයි නේද?
Share |

12 comments:

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඔය නායකත්ව පුහුණුව නම් මම 100% ක් විරුද්ධ එකක් මහින්ද මහත්තය 2005 දී ජනාධිපති උනේ කලින් අය වගේම තමා . මේ පාරත් එයාගේ චන්ද ව්‍යාපාරයේ අනුමත කරන බැරි තරම් තියනව හැබැයි අනික් කෙනා ඊටත් හපන්

  1. Anonymous

    paw appa prabahakaran .. kp wage lassanata giwath wenna thibba Mahindata salakuwa nam

  1. රන්දික කුලතුංග

    සහතික ඇත්ත මචන්.අපේ මිනිස්සුන්ට මුල අමතකයි.

  1. Gayan Anuradh Liyanage

    @ Buwa : නායකත්ව පුහුණුව කියන කාරණයට විරුද්ධ වෙන්න තරම් පැහැදිලි හේතුවක් මට නම් පෙනෙන්නෙ නෑ... බුවා මේ ගැන ලියල තිබුන ලිපියනම් දැක්කා. මට ඒකෙ වරදක් පෙන්නෙත් නෑ.... එත් මේක ඒ තරම්ම සරල ලෙස දකින්නත් හොඳ නෑ කියන එකයි මගේ අදහස. විශ්ව විද්‍යාලගත වන සමහර නවක සිසුන් දකිද්දී මෙවැන්නක අවශ්‍යතාවද යම්තාක් දුරකට නොදැනෙනවාම නොවෙයි. නවක වදය ලෙස හඳුන්වන කාරණයට යම් සාධාරණ මුහුණුවරක් දීමට හේතු වන්නෙත් නවක සිසුන් තුල ඇති සමහර අඩු පාඩුවම නිසා මේ හරහා ඒ අඩුපාඩු මැකෙනවා නම් කමක් නැත. ඒක හමුදා නිළදාරීන් විසින් ජේෂ්ඨ සිසුන්ට වඩා මානුෂික විදියට කරාවිය යන විශ්වාසය දෙමව්පියන්ටත් තියෙන නිසා ඒක ඔන්න ඔහේ කරන්න දෙමු බුවා.

    2005 ඡන්ද ව්‍යාපාරයේදී මහින්ද මහතා සැබවින්ම වාසනාවන්ත වුනා. (එය රටේද වාසනාවක් ලෙසයි මම දකින්නේ....) නමුත් මෙවර ජනපතිවරණය ආරම්භයේදී සිදුවූ විලම්භීතය තුල, සිදුවිය හැකි සෑම ජුගුස්සාජනක සිදු වීමක්ම සිදුවුනා තමයි. ඒත් ඒ මහින්ද මහතා තම පාලන කාලයේ කල වැඩවල වරදක් නිසා නොවෙයි. ෆොන්සේකා මහතා එතුමාගේ ජීවිත කාලයේ රැවටුන ලොකුම රැවැට්ටවීමට රැවටුන නිසාය. එහෙම නේද?

  1. Gayan Anuradh Liyanage

    @රන්දික : ඒකනේ බං. සමහරු හැසිරෙන්නේ ඊයේ පෙරේදා ඉපදුන බබාලා වගේනේ...... උන් කියන කතාත් ඒ වගේම තමයි...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    එයාට වඩා මෙයා හොඳයි කියල මට නම් පේන්න වෙනසක් ඒ කාලේ තිබුනේ නැ . මඩ කරියො වගේ ,මඩ නාගත්ත මිසක්

    නායකත්ව පුහුනුව ගැන සරල විනෝදාත්මක ලිව්වාට ඊට වඩා දෙයක් මම ඕකේ දකිනව මම මකර රජදහන කියන බ්ලොග් එකේ ඔය ගැන දීර්ඝ වාදයකට ගියා ඒ නිසා ආයිත් වාදයක් පටන් ගන්න අකමැතියි :D

  1. Gayan Anuradh Liyanage

    @ buwa : මකර රජදහන බැලුවා.. ප්‍රාමාණික උගතුන් කීපදෙනෙක් එක්ක බුවා හොඳ වාදයකට ගිහින් තිබ්බේ... මරු මරු...
    ම්ම්ම්... දැන් මොකද්ද ඉන්න මතය. තාමත් පැරණි මතයෙමද? වෙනස් වෙලාද?

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    කලින් මතයම තමයි . මගේ තියෙන්නේ ඔය කාරනයේ සංකල්පය ගැනම විරෝධයක් . ඒ නිසා ටිවි එකේ ලමයි කීප දෙනෙක් චෝයි කිව්වාට ඒක වෙනස් වෙන්නෙ නැ

  1. Gayan Anuradh Liyanage

    කීපදෙනෙක් නෙවෙයි බුවා... මන් දන්න තරමින් කාටත් මේක හොඳ දෙයක් වගෙයි පෙනෙන්නේ.... මං පෞද්ගලිකව හොඳින්ම දන්න කෙනෙක්ගෙන් නිතිපතා ලැබෙන අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුවයි මං කියන්නෙ... එම camp තුල මේ වන තෙක් ඔය ජවිපෙ අය කියන විදියෙ කිසිම දෙයක් සිදු වෙලා නෑ... කිසිම අඩුපාඩුවකුත් නෑ... සියලු පහසුකම්, ආරක්ෂාව හොඳින්ම ලැබෙනවා..... දේශනවලදිත්, අඩුම තරමේ දේශපාලනික කාරණා තියා campus වල සින්නන් ගැනවත්, රැග් ගැනවත් කිසිම සඳහනක් කරල නෑ... ඉස්සරහට මොනව කියයිද කියල නම් දන්නෙ නෑ... එත් මං නම් හිතන්නේ, යකා හිතන තරම් කලු නෑ කියලයි....

  1. kekula

    ඔය නායකත්ව පුහුණුවෙ ආණ්ඩුවෙ එකම අරමුණ "අරුන්ට කලින් අපි මුන්ගෙ මොළ හෝදමු..." කියල බව 100%ක් S.B ගෙ කතාවෙන් ඔප්පු වෙනවනේ.....අපේ මිනිස්සු රූපවාහිනී/ITN වල යන හෑම එකටම ෂා..... නියමයි කිය කියා ඉන්නව මිසක් හොයන්නෙ බලන්නෙ නෑ......චන්ද්‍රිකත් අවු 12ක් හිටියෙ ඔහොම මීඩියා වල පිහිටෙන්නෙ....තවත් කවර කතාද.....

  1. Gayan Anuradh Liyanage

    කැකුලා මගේ කලින් comment එක දැකලා නෑ වගේ.... මොළ සේදිල්ල කෙසේවෙතත් අපිරිසිදු නොවෙන පිරිසිදු මොළ ටිකක් මේ වැඩෙන් හැදුනොත් රටට හොඳයි.....

  1. Anonymous

    මොන විදියෙන් හරි ජෙප්පෝ විශ්ව විද්‍යාල වලින් නැති කරලා දන්නා ඕනෙ. SB ගේ අරමුණ මොකක් වෙතත් ජෙප්පෝ කැම්පස් වලින් අතුගෑවිල යනවනම් රටට ලොකු සෙතක්.

Post a Comment