Liyawilla [ ලියවිල්ල ]: ලස්සනම සිහිනෙකි ඔයා.... - අකීකරු අකුරු [2]

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ලස්සනම සිහිනෙකි ඔයා.... - අකීකරු අකුරු [2]

Posted by Gayan Anuradh Liyanage Labels:



[ 02 ]


හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා...
ජීවිතයම දැන් මාගේ හීනයක් වෙලා...
කෙටි කාලයකින් හමුවී.... මගෙ ජීවිතයට පැමිණී.....
ලස්සනම සිහිනෙකි ඔයා........

                      
                  හිත තෝන්තු වෙලා Facebook ගිය වෙලාව මගේ FB මිත්‍ර රදීශ් හදපු නිරෝෂා විරාජිනි ගයන ඒ සින්දු ඛන්ඩය අහන්න ලැබුනේ රදීශ් දාල තිබුන පොස්ට් එකකින්. මං ඒ සින්දුව ඇහුවා. දෙතුන් සැරයක් ඇහුව. ඒ වචනත් එක්ක මට මතක් වෙන්න ගත්තා. මට මතකයි.. ඔයාට මතකද ? ඔයාට සමහරවිට අමතක ඇති. ඒත් මට අමතක වෙන්නෙ කොහොමද ?  

                     මතක් වුන ඒ අමතක නොවන සාමාන්‍ය ආරම්භය. හිතුවෙ නෑ කවදාවත් මෙච්චර දුර යයි කියලා පැටියෝ...

..... එහෙනම් ඉතින් Bio-Science, sure එකටම select වෙයි නේද?
ඔව්.. bio යන්න තමයි හිතන් ඉන්නේ....
ටීචර් කෙනෙක් වෙන්න
කැමති..
හ්ම්ම්ම්....
ඕනම දෙයක් හරියට කලොත් ගොඩ තමයි..
ටීචර්ස්ලට ගොඩක් ජෙන්ට්ස්ල
ත් කැමතියි නේ....
එහෙමද? අනේ මං දන්නෑ...
හික්z... ඔයා ඉතින් බබානේ...
ඔව්, එහෙම තමයි...
හෙ හෙ...  බබාගේ ඇත්ත ෆොටෝ එකක් නැති එක තමයි අවුල....
ඒ ඇත්ත එක තමයි...
 

එහෙමද? හරී.... cute
නෑ... එහෙම නෑ...
 

හෙ හෙ... ඒක නෙවෙයි... ගෙදරට වෙලා නිකන්ම ඉන්නවනම් මං edit කරපු videos තියෙනව youtube එකේ... ඒව බල බල ඉන්න...
නෑ නෑ... මට වැඩ තියෙනවා... මම English class යනවා...

ආ... කොහෙද?
ඔයාට මොකටද?
 

හපෝ.. බයවෙන්න එපා. මම class එන්නෙ නෑ...  අහ්...අනේ මට පොඩි වැඩකට එලියට යන්න වෙලා dear... අපි පස්සේ meet  වෙමුකෝ...
No dear.. just friend...
 

Ok OK ..., තියෙන ආඩම්බරකම... මං යනවා ආඩම්බරී... bye..
bye. bs!


                              ඒ විදියට ඉවර උනාට අපෙ පලවෙනි chat එක ඊට පස්සෙ අපි කොච්චර දෙවල් කතා කලාද බබා... ඒත් අද ,මං ඔයාට කතා කරද්දී ඔයාගේ phone එක waiting... පස්සෙ ඔයා එවපු msg එකේ තිබුණේ " එයා හුග දවසකින් කතා කලා... මට හරිම සතුටුයි" කියලා. මේව දකිද්දි මම ඔයාගෙන් ඇත් වෙන්න හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනව කරන්නද පැටියෝ... ඒත් මට ඔයාගේ සුදු පාට අහිංසක මූණ , මාව දැක්කම ඉස්සෙන දිලිසෙන ඇස්, ඔයාව අමතක කරන්න දෙන්නෙ නෑ රත්තරං.

                                 ඔයාව දැකපු මුල්ම දවස ... මතකද ඔයාට? FB එකෙන් විතරක් දැකල පුරුදු මාව, එකපාරම ඔයා අදුනගත්ත විදිය... මං දිහා ඉස්සුන ඇස් වලින් ඇහි පිල්ලම් ගහන්නෙ නැතිව බලන් හිටිය හැටි. ඔයාට මතකද? ඔයාට මතක නැතත් මං ඒව කොහොම අමතක කරන්නද? ඔයාටත් මතක් කරන්නද මං ඒවා.... ඔයා අහන් ඉන්නවනම්, මං මතක් කරන්නම්... සත්තයි... ඔයා අහන් ඉන්නවනම්........


සුවඳ මලේ..... ,

මම වෙමි නුඹෙ සුළඟ
කීව මතකද මගෙ සුවඳ මලට....
වෙන්වී යන්නට නුඹෙන් කිසි ලෙසක
ඇයි ද බැරි මලේ, මේ සුළඟට...

නොසිතුවත් වන්නට නුඹේ කිසිවිටෙක
ඇරඹි මිතුදම ඇයිද ගියේ මේ තරම් දුර....
නොදනිමි මා, මලේ එය වූයේ කෙලෙසකද
මා ඔබට පෙම් කලෙමි නොදුටුවද ඔබේ රුව....

දුටු විට පළමු දින මා නුඹේ මුව මඩල
වෙනසක් දුටුමි මා කලින් දුටු සේයා රුවට....
ඉස්වූ ඇස්  ඔබේ මාව දුටු විගස
දුටුවේද නොදන්නෙමි වෙනසක් මගේ කිසිලෙසක...

ජීවිතේ පලමු වර කෙල්ලක්ව දකින්නට
ගියපු ඒ ගමන කෙලෙස අමතක කරම්ද...
නොගැහුනත් හදවතත් පමණට වඩා සිට
චකිතයක් නොතිබුණා නොවෙයි ඔබ දැකීමට....

මා නැතේ හැඳගියේ කඩමාලු මිතුරන්ගේ
ටීෂර්ටය ඇදන් සුපුරුදුම කලිසමට....
පුයර සෙන්ට් කිසිත් නැත මා සුවඳ කරන්නට
ඩෙඩ්ෂූෂ් මට කොහිද නිකන් ෂූ වත් නැතිව....

ඉදින් පසු කථාංගය කියන්නම් විටින් විට
ඒ නමුත් අදම මට කීමටම යමක් ඇත....
කිසි දිනක නැතේ මම, බොරු කලේ ඔය හිතට
නොවූවත් ප්‍රථම පෙම, ඔබයි මගේ ප්‍රථම පෙම....

                               - මං ඔයාගෙම ආදර සුළඟ...


Share |

2 comments:

  1. Anonymous

    පවසන් සුලගේ ඔබේ සිතැගි හෙමිහින්...
    මුමුනා කියන්නටදො ඔබ ආවෙ විගසින්...
    ආදර සුලගේ ඔබ තනිවී නැත මේ කවි සමගින්...

    -Jayangi_

  1. Gayan Anuradh Liyanage

    කිසිදා නොමැත තනි වෙන්නේ මේ සුළඟ....
    ඉන්නා තුරු සැමදා සබැඳින් ඔබ වන්.....

    ස්තුතියි Jayangi....

Post a Comment