Liyawilla [ ලියවිල්ල ]: වෙද නලාව - පපුවෙ අමාරු...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


වෙද නලාව - පපුවෙ අමාරු...

Posted by Gayan Anuradh Liyanage Labels:

    පපුවෙ අමාරුවක් හැදිල නැති කෙනෙක් ඉන්නවනම් පුදුමයක් නේද? මොකද මේ ලොකේ කාටත් දුකක්, කරදරයක්,තරහක්, ආදරයක්, සතුටක් කියන මොනවිදියෙ මනෝභාවයකින් හරි, පපුවෙ රිදම් එක වෙනස් වෙලා ඇතිනේ.... ඉතින් ඔය කියන මොනවිදියකින් හරි පපුවට සුලුයම් හෝ අමාරුවකුත් දැනිල ඇතිනේ... එත් අද අපි "වෙද නලාව" පිටුවෙන් කතා කරන්නේ, පෙරකී තත්තවය රෝගයක තත්තවයකට පත්වුනාම මොකද කරන්නෙ කියලයි.... එහෙනම් පටන් ගමු දැනගන්න, හෘදයාබාධ ගැන.



හෘදයාබාධ
1)   හෘදයාබාධයක් සෑදෙන්නේ කෙසේද ?
                     
                          හෘදයාබාධ යනු හෘදයේ පේශී කොටසකට රුධිරය සැපයීම හදිසියේ ඇණහිටීමෙන් එම පේශී ෙසෙල අක‍්‍රියවී හෝ විනාශ වී යාමයි. මෙසේ වීමට හේතුව හෘදයේ පේශීන්ට රුධිරය සපයන කිරීට ධමනියක් තුළ කොලොස්ටරෝල් මේදය තැම්පත් වීම නිසා ඒවා ඇහිරී තිබූ ස්ථානයකදී ය.

 
                                             

        ඉතා ඉක්මනින් රුධිර සැපයුම යළිත් ඇති නොවුනහොත් හෘදයේ විශාල පේශි කොටසකට හානිවී දරුණු ලෙස රෝගී වන්නට හෝ මරණයට පත්වීමට හැක.

 
2)    හෘදයාබාධයක රෝග ලක්ෂණ මොනවාද ?

                                 පපුවේ මැද පෙදෙසෙහි දැඩි හිරවීමක්, දැවිල්ලක් හෝ වේදනාවක් විනාඩි දහයකට පමණ වැඩි වේලාවක් තදබල ලෙස පැවතීම. පපුවේ මැද සිට බෙල්ල දෙසට හෝ උරහිස් පෙදෙසට හෝ අත දිගේ හෝ දිවෙන කැක්කුමක් හෝ වේදනාවක්, ක්ලාන්ත ගතිය, ඔක්කාරය, වමනය. දහඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුව හෝ වේගවත් නාඩි ගැස්මක් දැනීම. 
                      මෙම රෝග ලක්ෂණ සියල්ල එකම විට නොපැමිණිමට ඉඩ ඇති අතර ඇතැම් විට ටික වේලාවක් පැවතී. අඩුවී ගොස් නැවතත් ඇතිවීමට ද පුළුවන.
                               මුල් අවස්ථාවේදී බොහෝ දෙනා මෙම රෝග ලක්ෂණ හෘදයාබාධයක රෝග ලක්ෂණ ලෙස හදුනා නොගැනීම නිසා හෝ නොසලකා හැර සිටීම නිසා හෝ රෝහල ගතවීම ප‍්‍රමාදවීම අවදානම් සහගත වේ.
                      එබැවින් හෘදයාබාධයක අනතුරු හඟවන මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් පමා නොවී වහාම රෝහලක් වෙත ගොස් හදිසි ප‍්‍රතිකාර ලබා ගන්න. 
 
3) හෘදයාබාධයක් වැළදී ඇතිදැයි දැනගත හැක්කේ කෙසේද ?

                                 හෘදයාබාධයක් වැළදී ඇති බව නිශ්චිතව තීරණය කළ යුත්තේ වෛද්‍යවරයා විසිනි. ඒ සඳහා ඔහු උපකාර කර ගනුයේ ඔබගේ රෝග ඉතිහාසය සහ ශාරිරීකව පරීක්ෂාව. ඊ.සී.ජී පටයක් ඇතැම් විට රුධිරය පරීක්ෂණ වාර්තා සහ හෘදයේ එකෝ ස්කෑන් පරීක්ෂාවකිනි.
                                                      

4)  හෘදයාබාධයකදී රෝහලේදී ලැබෙන හදිසි ප‍්‍රතිකාර මොනවාද ?
               
                     කිරීටක ධමනියේ ඇති කැටිය දියකර හැර එය තුළ ලේ ගමනය නැවත ඇති කොට හැකි ඉක්මනින් හෘද පේශීයට රුධිර සැපයුම ඇති කිරීමට රෝහලේදී ප‍්‍රතිකාර කරනු ඇත. ඒ සඳහා දෙනු ලබන ස්ටෙ‍්‍රප්ටොක්සයිනේස් නම් ඖෂධීය  එන්නත දිවයිනේ  සෑම ප‍්‍රසිද්ධ රෝහලකම පාහේ හදිසි ප‍්‍රතිකාර ඒකක වල ඇත.

හෘදයාබාධයකදී  හෘද පේශීයට වන හානිය අවම කර ගැනීමට නම් මෙම ලේ කැටිය දියකර හරින ඖෂධීය එන්නත ඉතා ඉක්මනින් ලබා ගත යුතු නිසා හැකි ඉක්මනින් රෝහලට පැමිණීම අත්‍යාවශ්‍ය වේ. ඇස්ප‍්‍රීන් පෙත්තක්  හපා කට තුළ දියවෙන්නට හැරීමද ඔබටම කළ හැකි තවත් විටනා හදිසි ප‍්‍රතිකාරයකි.

        එබැවින් ඔබටත් හෘදයාබාධයක රෝග ලක්ෂණ ඇති වුවහොත් ඇස්ප‍්‍රීන් පෙත්තක් හපා දිය කරගෙන වහාම රෝහලක් වෙත පැමිණ හදිසි ප‍්‍රතිකාර ලබාගන්න.

 
5) රෝහලේදි ලැබෙන අනෙකුත් ප‍්‍රතිකාර කවරේද ?

                     හෘදයාබාධය සෑදී මුල් දින කීපය අවදානම් සහිත බැවින් මෙම කාලය තුළදී දැඩි සත්කාර ඒකකයේදී ඔබව නිරීක්්ෂණය කරමින් ප‍්‍රතිකාර සපයනු ලැබේ.
                     මේ අතරතුර කෙමෙන් කෙමෙන් ඔබට ඇඳෙන් බැස හිඳගැනීමට, ඇවිදීමට හා ආහාර ගැනීමට සලසන අතර තවත් දින කිහිපයක් හෘද රෝග අංශයේ වාට්ටුව වෙත යවා හෘදයේ ක‍්‍රියාකාරිත්වය තව දුරටත් පරීක්ෂා කරනු ඇත.

                      ඔබගේ සුවවීම සතුටුදායක නම් දින 5 - 7 ට පසු නිවසේ විවේකීව ගත කිරීමට ගෙදර යෑමට හැකිය. සායනයට  සති 04 කින් පසු පැමිණීය යුතු දිනයන්  ඔබට දන්වනු ඇත.

                     ඔබගේ ඉතා වටිනා රෝග විස්තර අඩංගු රෝග විනිශ්චය කාඞ් පතක්ද, ඔබට දෙන ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශය බැවින් නැවත රෝහලට පැමිණෙන විට එම කාඞ්පත නොවරදවා රැගෙන එන්න.

ඔබගේ රෝග විනිශ්චය කාඞ්පත අරක්ෂා කරගන්න.  නැවත පැමිණෙන විට රැගෙන එන්න.
  
6)  නිවසට ගිය පසු මා කළ යුතු දේ  මොනවාද ?

  • නැවත සායනයට යනතෙක් සති 4 ක් පමණ රැකියාවට නොගොස් නිවසේදී විවේක ගන්න. මෙම කාලය තුල ඔබ ඇඳටම වී සිටිය යුතු නැති අතර කෙමෙන් නිවස අවට ඇවිදීම හා දින චර්යයා කටයුතු වල යෙදීම සුදුසුය.

  • ඔබට නියම කළ ඖෂධ වර්ග සියල්ල ඒ පරිද්දෙන්ම සායන දිනයට තෙක් නොනවත්වා ගන්න. සාමාන්‍යයෙන් දෙනු ලබනනේ ලේ කැටි ගැසීම අඩු කිරීම සඳහා ඇස්පී‍්‍රන් පෙත්තක් රාත‍්‍රියට ගැනීමට ය.

  • හෘදයේ වෙහෙස අඩු කිරීම සඳහා ඇටෙනලෝල් වර්ගයේ ඖෂධයක් 
  •  හෘදයේ පේශීයට වූ තුවාලය අවම කිරීමට කැප්ටොප‍්‍රීල් වර්ගයේ ඖෂධයක්,
  • පපුවේ කැක්කුම ඇති වූ විට දිව යට තබා ගැනීමට ටී එන් ටී පෙති. මේවායින්  පෙති කිහිපයක් සුළං නොවදින සේ කුප්පියක දමාගෙන සැමවිටම ඔබ ලඟ තබා ගන්න.  සති 08 කට වරක් පෙති අලූත් කළ යුතුයි.


  •  රුධිරයේ කොලොස්ටරෝල් මේදය වැඩි නම් එය අඩු කිරීමට ලොවැස්ටැටින් වැනි ඖෂධයක්


  •  දුම් පානය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. එය අපහසු නම් දුම්පානය නැවැතීමට විශේෂ උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබා ගන්න.


  • දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇතිනම් ඒවා පාලනයටත් සුදුසු ආහාර වට්ටෝරුවක් පෝෂණවේදියාගෙන් ලැබේ.


  • තරහ වැනි හදිසි ආවේග හා මානසික පීඩනය ඇති වීමෙන් වැළකෙන්න.

ඔබට පපුවේ වේදනාව නිතර නිතර සෑදේ නම් ඉක්මනින් වෛද්‍යවරයා හමුවෙන්න

  
7) මා ගත යුතු ආහාර  මොනවාද ?
 
 
               සාමාන්‍යයෙන් තෙල් අඩු, සීනි හා පෝෂණ පදාර්ථ (කැලරි)ද අඩු වැඩිපුර එළවළු ඇති ආහාර වේලක් ගැනීම හිතකරය.

 

                                        

නොගන්න:- බැදුම් වර්ග, චීස්, බටර්. යොදය සහිත කිරි නිෂ්පාදන, ඉස්සෝ, මස්. බිත්තර කහමද

ගන්න:-  එළවළු පළතුරු පලා මාලූ ධාන්‍ය වර්ග යොදය සහිත කිරි නිෂ්පාදන

  
8)  සායනයේදී ලැබෙන ප‍්‍රතිකාර මොනවාද ?

                   සතුටුදායක ලෙස හෘදයාබාධයෙන් සුවය ලැබෙන්නේදැයි සායනයේදී ඔබ පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරයා නිගමනය කරණු ඇත. සංකූලතා ඇතොත් එක්සර්සයිස් ඊ.සී.ජී. හෝ ඇන්ජියෝග‍්‍රෑම් වැනි විශේෂ පරීක්ෂා සිදු කෙරෙනු ඇත ඇතැම් විට දී ඇන්ජියෝජිලාස්ටික් හෝ බයිපාස් සැත්කම වැනි ප‍්‍රතිකාර ක‍්‍රම ගැනද පහදා දෙනු ඇත.

              ඔබේ සුව වීම සතුටුදායක නම් නැවත හෘදයාබාධයක් සෑදීම වැළැක්වීම සඳහා ජීවිත රටාවේ සිදුකළ යුතු වෙන්සකම්  පිළිබඳව වෛද්‍යවරයාගේ උපදෙස්  මාසික සායනයේ දී ඔබට සැපයෙනු ඇත.

 

උපදෙස් : වෛද්‍ය රෝහිණී තෙන්නකෝන් 
හෘද රෝග විශේෂඥ
                                                                                                                                    www.wedasara.com
Share |

0 comments:

Post a Comment