Liyawilla [ ලියවිල්ල ]: ඇත්තටම අපි නිදහස්ද ???

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ඇත්තටම අපි නිදහස්ද ???

Posted by Gayan Anuradh Liyanage Labels:

නිදහසට 63 යි. එහෙමයි කවුරුත් කියන්නෙ. ඒත් ඒකද සැබෑ නිදහස. ඒ අපි සුද්දන්ට නීත්‍යානුකූලව යටත් වෙලා හිටපු අන්තිම දවසෙ සැමරුම නේද? සැබෑ නිදහස කියන්නේ දුෂ්ට බලවේගයක් සහමුලින්ම පරාජය කොට ලබන නිදහසට නෙවෙයිද? එහෙම බැලුවම ලියාට නම් තාම නිදහසට 3/2 යි.(අවු:1.5). කවුරුත් අවංකව පිලිගන්නවනම්, ලියාගෙ පරම්පරාවේ කාටත් නිදහසට 3/2 යි තමයි. මොකද අපි කවුරුත් ඉපදුනේ අර්ධ වශයෙන් යටත් විජිතයක බව කාටත් මතක ඇතිනේ. (ඒත් මේ වෙනකොට හුග දෙනෙකුට ඒ බව මතක නෑ. යුද්ධයක් තිබුනද තියා කොටි කියල ජාතියක් හිටියද කියලවත්..)
                               මෙච්චර කාලයක් Wesak, Christmas, New year, Valentine වගේම නිදහස් දිනයත් මිනිස්සුන්ට මතක් කරල දුන්නේ Advertising firms වලින්නේ. එත් මෙදා පාර ඒගොල්ලන්ටත් ඒ උතුම් ක්‍රියාවට දායක වෙන්න බැරි වෙලා. World cup නිසා. කට්ටිය දිගට හරහට මිලියන් ගනන්  වියදම් කරලා පට්ට ඇඩ්ස් ටිකකුයි මියුසික් විඩියෝ ටිකකුයි හදලා. සමහරු තව හදනවා. ලියා මේ කරන්නේ ඒවා නෝන්ඩි කරන එක නෙවෙයි. ඇත්තටම ඒ වැඩේ හොඳයි. එල. ඒත් නිදහසට 63 ක් වෙච්ච එකත් එකට තියල Market කලා නම් නේද හොඳ? (මොකද ලංකවේ මිනිස්සුන්ට ජාතික වීරයො මතක් වෙන්නේ ඒ මිනිස්සු TV එකේ Market වුනොත් විතරනේ..)

                            මේ පාර නිදහස් උත්සවේ තිබුනේ කතරගම. කවුරු මොනව කියුවත් එවැනි ජාතික මට්ටමේ උත්සවයක් කොලඹින් පිටතට ගෙනාපු එක හොඳ දෙයක්. දැයට කිරුලත් තියෙන්නෙ බුත්තලනේ. මේ කරපු වැඩේටනම් ලියාට ෆිට්. මොකද ඒ පිහිටෙන් හරි, රජ කාලෙන් පස්සේ මේ පලාත් වල මිනිස්සුන්ට සංවර්ධනයේ නව එලියක් දකින්න ලැබෙනව. (රට නිදහස් කරල සංවර්ධනය කරනවට එතුමන්ට පිං...(එතුම කවුද කියල දන්නවනේ..))

                                               කොහොම වුනත් අද ලියාගෙ මාතෘකාව උනේ.." ඇත්තටම අපි නිදහස්ද?" කියන ප්‍රශ්නෙ.. ඒකට ලියාගේ උත්තරේ, " ඔව්.. අපි නිදහස් වෙමින් තමයි ඉන්නේ". ත්‍රස්තවාදයෙන් නිදහස් වුනු අපි වෙනත් මුහුනු වලින් එන ත්‍රස්තවදයන්ගෙනුත් නිදහස් වෙමිනුයි ඉන්නේ.. (පාතාලය, මත්ද්‍රව්‍ය, ආහාර, බෙහෙත්, අධ්‍යාපනය කියන අපූරු මුහුනු තියෙන ත්‍රස්තවදයන්ගෙන්...) තව දෙයක් තියෙනව... ඒ තමයි නව යටත් විජිත වාදය.... එහෙම දෙයක් අපිට නොදැනුනාට ලෝකය පුර මහා වෛරසයක් වගේ ක්‍රියත්මක වෙනවා. ඒක ලෝකයේ සිද්දවෙන දේවල දිහා ඇස් ඇරගෙන බලන් ඉන්න ඕනකෙනෙකුට තේරෙන දෙයක්..( මේ නව යටත් විජිත වාදය ගෙන ලියා ලඟදිම ලියනව.. අනිවා...) 

           මේ ඔක්කම අස්සේ ශ්‍රි ලංකාව කියන විශ්මිත දූපත නිදහස විදිමින් ඉන්නවා... අංගසම්පූර්ණ නිදහසක් ලබමින් ඉන්නවා..  හැම අතින්ම ගෞරවණීය වූ නිදහසක් අපි ලබන දවස දුර නෑ... 
සතුටු වෙන්න.. ඉවසන්න... තව චුට්ටක්....
අමතක කරන්න එපා..,
 

" මගෙ ලක් මෑණියන්දෑ.. හරි පිංකාරී...."
Share |

30 comments:

  1. Anonymous

    අපි තවම නිදහස් නෑ.අපි 48ට කලින් සටන් කලේ සුද්දට විරුද්දව.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ සන්ස්කෘතිය,සදාචාරය බේරා ගන්න.බුදු දහම බේරා ගන්න.අපේ මව් බස බේරාගන්න.පොඩි ලමයි ටික බේරාගන්න.ඒත් අද වෙනකොට ඒ සියල්ල අපෙන් ඈත්වෙමිනුයි තියෙන්නේ.අද වෙනකොට අඩුම තරමින් අපේ මව් බසට කිසිම ගෞරව කිරීමක් නෑ.සියල්ල ඉන්ග්‍රීසියට පරිවර්තනය වෙලා.මේ භාශාවෙන් වැඩක්නෑ,මේක තියෙන්නේ ලංකාවේ විතරයි,ඉංග්‍රිසි තමයි ඕන වගේ ධීන තත්වයකට සිහලුන් ඇද වැටිලා.එදා සුද්දන් අපේ රටට කල විනාශය අද අපිම කරගන්නවා.එදා අපේ වීර වරු සටන් කල දේ අද වෙන විට වටිනාකමක් නැති දෙයක් බවට පත්වෙලා.ඔව්න්ගේ ඒ කැප කිරීමට අපේ මිනිසුන් සලකන විදිය ඉතාමත්ම කනගාටු දායකයි.

    මෙම කොටස මෙම ලිපියට මම දැම්ම එක වරදක්නම් ඒ ගැන සමාවන්න.

  1. Gayan Anuradh Liyanage

    මුලින්ම පවසන්නට තිබෙන්නේ ඔබේ ප්‍රතිචාරය මා ඉතා අගය කොට සලකන බවයි. මෙවන් විචාරාත්මක ප්‍රතිචාරයක් මා බලපොරොත්තු වූ නැති තරම්. සුලුයම් හෝ ගැටළුවකට ඇත්තේ ඔබ තුමා හෝ තුමිය ඔබේ නම මෙහිලා සඳහන් නොකිරීමයි.
    ඔබේ ප්‍රතිචාරයට මාගේ ප්‍රතිචාරය ක්‍රමිකව දැකවීමට කැමතියි. ඔබ මුලින්ම පවසන "අපි තවම නිදහස් නෑ" කියන කාරණාව පිලිබඳව මේ ලිපිය ලියද්දී පවා මාහටත් ප්‍රශ්නාර්ථයක් තිබුනා. එනිසයි මා මේ ලිපිය "ඇත්තටම අපි නිදහස්ද ???" කියලා නම් කලෙත්. කෙසේවෙතත් ගෙවී යන ඉතාම මෑත කාලීන සිදුවීම් හා අනාගතයේදී සිදුවිය හැකි යැයි පුරෝකථනය කල හැකි කාරණා හා සැසදීමේදී මාගේ අවසන් නිගමනය වූයේ "ඔව්.. අපි නිදහස් වෙමින් තමයි ඉන්නේ" කියන කාරණයයි. එවන් නිගමනයක් කරා මා පෙළඹවූයේ ශ්‍රී ලාංකේය ජාතිය කෙරේ මා තුල ඇති ධනාත්මක අවෛරී උපේක්ෂත්මක ආකල්පයදැයි මම නොදනිමි. ඒ කෙසේ වෙතත් මාහට ඔබගේ අදහසට 100% එකඟ වීමටවත් නොවීමටවත් නොහැකි බව දැන්විය යුතුයි.

    මිතුර, ඔබ වෙනුවෙන් කෙරෙන මාගේ පිලිතුර දීර්ඝ වෙනාවා... මාගේ අනුමානයට අනුව ඔබ කිසියම් සින්ඩිකේටරයක් ( ඒකට කියන සිංහල වචනය මං දන්නේ නෑ.. සමාවන්න..) හරහා ලියවිල්ලට පිවිසි කෙනෙක් නිසා මා ඔබගෙ පහසුව තකාත් ඔබගේ අදහස් සමඟින් මට ඇති අදහස් ටික ඊලග ලිපියට ඇතුලු කරන්නම්... ඔබ එම ලිපියත් කියවාවි යැයි මම බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තුතියි...

  1. Anonymous

    අප ආ මාවත සහ මෑත කාලයේ සිදු වූ වෙනස්කම් අනුව ඔබ කියන මතයට එනම් අප නිදහස් වෙමින් ඇතයි යන්න හා එකග විය හැක.මන්ද එය මෑත කාලීන වෙළද දැන්වීම් නැම්ම තුලින්ද නිරුපනය වේ.ගැමි සුවද ,ලාංකිකත්වය දේශීය දෑ ඇතැම් වෙළද දැන්වීම් තුලින්ද කල එලි බසිමින් නවතම නැම්මක් ඇති වෙමින් පවතී.ඇතැම් දේශපාලකයන් ඈත් කල දේශීයත්වය ජනාධිපති තුමන් සාදරයෙන් පිළිගනිමින් එයට වටිනාකමක් දීමට ඉදිරිපත් වී ඇත.

  1. ෆැන්ටසි

    වෙනස ඇති විය යුත්තේ විදේශිකයන් හෝ වෙන කිසිවක නොවේ රටේ මිනිසුන්ගේ ආකල්ප වලමය.අන් අයට වරද පැටවීමට වැඩ උචිත වන්නේ දෙස බස රැකීමට ආකල්පමය වෙනසකින් සියල්ලෝම යොමු වීමයි

  1. Gayan Anuradh Liyanage

    @Anonymous : සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය තුල අන්තගාමී නොවුනු ඕනෑම ස්වාධීන මතදාරියකුට ඔබ හා එකඟවිය හැකියැයි මම සිතනවා.
    සුදු හෝ කලු මිනිසුන් නොසිටින, අලු පැහැගත් මේ සමාජය තුල අනාගතයේදී සුදු පැහැයට වඩාත් නැඹුරු වූ බහුතරයක් දකින්නට හැකිවෙයි නේද?

  1. Gayan Anuradh Liyanage

    @ෆැන්ටසි : සමස්ථ සමාජයම එවැනි යොමු කිරීමක් කරා පොලඹවන ගාමක බලයක් සැපයිය යුත්තේ සමාජයේ ඉහල ස්ථර වල සිට නේද?

  1. ෆැන්ටසි

    එසේ සිතීම බොහොම මන්දගාමී සිතුවිල්ලක් යයි සිතේ.මිගෙට්ටුවත්තේ ගුනාන්නද හිමියන් නොසිටින්නට 1850 ලංකාවේ බුදු දහම යොමු වූ අකටයුතුකම් අනුව බුදු දහම 19 වන සියවස වන විට නැති වී යාමට ඉඩ තිබුණි.මිසටුදුවන් ගෙන ආ තර්ක නිවැරදි ලෙස බිද දමත්ම ,ඔවුන් හිස ලු ලු අත දිව යද්දී ,මේ පණිවිඩය ලොව පුරා පැතිර යද්දී ඒ සමගම ඇති වූ බෞද්ධ පුනරුදය මෙතෙකැයි කියා පැවසීම අවතක්සේරුවකයි සිතේ.
    (කියවන්න "පංච මහා වාදය -ටී,ඇස් ධම්ම බන්දු")
    නායකත්වය එදාද නිවැරදිව හැසිරුනේ නැත.මිගෙට්ටුවත්තේ ගුනාන්නද හිමියන් ඉදිරිපත් වී එදා කල පුනරුදය තනි මිනිසකුට ලෝකය වෙනස් කිරීමේ අපුර්ව ශක්තියක් ඇති බවට හොදම උදාහරණයකි .
    තවත් මෙවැනි කතා මෙසිරිලකම සිදු වී ඇත.

    ඔබ කියනා පරිදි නිවැරදි නායකත්වයක් විසින් සමාජය මෙහෙය වීම සිදු විය යුතුව ඇත,නමුත් දියසේන කුමාරයකු පහල වී අපරට සුරපුරයක් දක්වා රැගෙන යනතෙක් බලා ඉන්නවට වඩා සියල්ලෝම තමන්ගෙන් රටට විය යුතු යුතුකම් හා වගකීම් ඉටු කරන්නේ නම් ,සෑම සමාජ ක්‍රියාවක්ම වගකීමෙන් ඉටු කරන්නේ නම් අප සිහින මවන සුරපුරයට අවශ්‍ය සම්පත් අප රටේම තිබේ.

  1. Gayan Anuradh Liyanage

    ඔබ කියනා කරුණ හා මම එකහෙලා එකඟ වෙමි. නමුත් මා එහිදී අදහස් කලේ ඉහල ස්ථරවල සිට වන වෙනස පහලට ගලායාම වඩාත් ඵලදායී බවයි.

  1. Jeewantha K. Lekamwasam

    මේ ලින්ක් දෙකත් වෙලාවක් තියෙනවානම් බලන්න,

    අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල!

    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!

  1. Gayan Anuradh Liyanage

    ඔබේ ලිපි දෙකම කියෙව්වා. මම එකඟයි. හැම කරුනකටම වගෙ ඔබ කියන. එත් මෙතන පොඩි ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තවම තියනවා. ඒවා විසදිය නොහැකි ප්‍රශ්න නෙවෙයි. තවම නොවිසදුනු ප්‍රශ්න. මං දන්න විදියට ජපානයේ වුවත් ඉංග්‍රීසි භාවිතය අවම වූයේ තාක්ෂණයේ දියුණුවත් සමගයි. මොකද ජපනුන් ඔවුන්ගේ බසින් ඉංග්‍රීසි පොත්පත් පරිවර්ථනය කොට පල කලා. අන්තර්ජාලය තුල ප්‍රධාන වෙබ් අඩවි සැමකම වාගේ ජපන් පරිවර්ථන තිබෙනවා. එහෙම තියා අපේ භාෂාව තවම ගූගල් පරිවර්ථකයේවත් නෑ. එත් 2006 දී තත්වය ගැන ඔබ හිතල බලන්න. ඒ කාලෙ සිංහල කේත හරියට තිබුනේ නෑ. අධිවේගී අන්තර්ජාල සම්බන්දතා ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ. ඒත් ඒ කාලෙට වඩා අද වෙනකොට අන්තර්ජාලයේ ශ්‍රි ලාංකීය නියෝජනය කොච්චර වැඩිවෙලා තියෙනවද? ඒ වගේ තමයි..
    අපි අපේ මානව සම්පත හැකියාවන්ගෙන් හා ආකල්ප වලින් දියුණු කලදාට,ලෝකයට අපිව නැතිව බැරිව ගිය දාට, සුද්දටත් සිද්දවෙයි සිංහල දැන ගෙනම ලංකාවට එන්න.එතකොට සිංහල බසත් නොනැසී පවතීවි. ඒත් මේ පාර්ථනාව හීනයක් කියල ඔබ කිව්වොත් මට එවිට නම් දෙන්න උත්තරයක් නෑ....

    මේ ගැන මාගේ තවත් අදහසක් පහත ලිපියේ තියෙනවා. පුලුවන්නම් බලන්න. ස්තුතියි.
    ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    දැයට කිරුල කියන්නේ කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි , හදපු උඩවලව පාර දැනටමත් කැඩිලා ලියල දන්නවාද ? ඔය වියදම් කරපු කෝටි ගන ඵලදායක විදිහට යොදා ගත්තා නම් මුලු බුත්තලම ජනතාවගෙ ජීවන තත්වය නගා හිටවන්න තිබුනා. මහින්ද මහත්තයගෙ යුධ ක්‍රියාවලියට හිස නමා අචාර කලත් මේ කරන විගඩම් නම් අනුමත කරන්න බැ. ගොඩ බිම හදන වරායවල්(නැව් එන්නේ නැති ), විනාඩි දහයක වෙනසට කෝටි ගණන් වැය කරන රේල් පාරවල් , 1 කිලෝමීටරයට මිලියන සිය ගනන් වැය කරන පාරවල් කියන්නේ සංවර්ධනයයි කියල ඔය හිතනව නම් ඔයාට වැරදිල

  1. Gayan Anuradh Liyanage

    මමත් දැයට කිරුල බලන්න ගියා... අපි ගියේත් අලුතින් හදපු බුත්තල-කතරගම පාරේ තමයි. අලි, කොටි (කකුල් දෙකේ) හිටිය පාර දැයට කිරුල වෙනුවෙන් හරි දඩි බිඩියේ උනත් සුපිරියට හදල තිබුනා... හැබැයි මේ වෙන කොට ඒක කැඩිලද කියල නම් දන්නෙ නෑ... වරාය, රේල්පාර, හයිවේ ගැන නිගමන වලට එන්න ඉක්මන් වෙන්න එපා....පොඩ්ඩක් ඉවසලා බලන් ඉන්න.. ස්තූතියි බුවා අයියගෙ කොමෙන්ට් එකට...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මම කිව්වෙ උඩවලව පාර. කෝ මම පොඩි සංවාදයකට ලැස්ති උනත් මලය එහෙම නැනෙ .හොඳා හොඳා

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මම ඉක්මන් නිගමනයකට ඇවිත් නැ. හැබැයි ඵලදායක සංවර්ධනයක් කියන්නෙ මේවට නෙවෙයි අපේ රට ලෝකයාට ණය වෙනව විතරයි ප්‍රතිලාභ අහල ගං හතකවත් නැ

  1. Gayan Anuradh Liyanage

    නෑ...මේකයි සීන් එක.... කලින් මම කශ්ටියක් එක්ක පොඩි සංවාදයකට ගියා..... වැඩේ කියන්නෙ කශ්ටිය මග අරින්න ගත්තනේ...(දෙගොල්ලන්ගෙම රෙදි ගැලවෙයි කියලද දන්නෙ නෑ...) ඒ නිසා මං දැං කොමෙන්ට් වලට ප්‍රතිචාර දෙන්නෙ ටිකක් ලාවට... අනෙක ඔයා චතූ සහෝගෙ බොලොක්කෙ පලාතෙ ආයෙ එන්නෙ නෑ කියුව වගෙ මේ පැත්තෙත් නෑවිත් හිටියොත්....

    ප්‍රතිලාභ නැති කතාවට මං එකඟ නෑ... ඒ ඔයාගෙ නොදැනුවත්කම....
    හම්බන්තොට දිස්ත්‍රික්කෙ අය විදියට අපිටනම් ප්‍රතිලාභ පේනවා....

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    චතු මගෙ අදහස් වලට සීමා දාන්න ආපු නිසා මම එහෙම කිවෙ. එයාමයි සංවාදය නතර කලේ . ඔයා සංවාදයට අකමැති නම් එච්චරයි .අවසාන වශයෙන් කියන්නෙ හම්බන්තොට කියන්නෙ රටෙ එක කුඩා ප්‍රදේශයක් විතරයි,ඒ වගෙම ප්‍රතිලාභ පේනවයි කිව්වෙ අර විමලය කිව්ව නැව් 400න් 370ක් වත් එනව ඇතිනේ රක්ෂන සහතිකය වත් නැති වරායකට වැඩි මිලට තෙල් ගහගෙන යන්න

  1. Gayan Anuradh Liyanage

    අයියෝ......... මගේ නම් කිසි අකමැත්තක් නෑ.... හැබැයි ඉතින් ඔන්න පටි තද කරගන්න...රෙදි ගැලවෙන්න ඉඩ තියෙනවා... (මාත් තද කරගත්තා... )

    මම හම්බන්තොට දිස්ත්‍රික්කෙ කෙනෙක් උනාට රජය කරන හැම වැඩකටම නොමිලේ කඩේ යන්නෙ නෑ රජෝ....
    හැබැයි ඉතින් පසුගිය අවුරුදු පහේදී ලංකාවෙ හැම පලාතකටම මොනයම් හෝ සේවයක් වෙලා නෑ කියල කෙනෙක් කියනවනම්, මම එයාට අනුකම්පාවෙන් කියනවා ඒ ප්‍රකාශය ගැන, පාට කණ්නාඩි ගලවලා ආයෙමත් හිතන්න කියලා..

    වරායේ අනාගතය ගැන හොදම අවබෝධය ඇත්තේ විමල් වීරවංශට නොව ප්‍රියත් බන්දු මහතාටය. ( වරාය සභාපති ) ඒනිසා විමල් මහත්තය කියන කතා එච්චර ගනන් ගන්න එපා....
    වරායේ ඕපනින් එක මහ ඉහලින් සැමරුවට, ඒක කරන්න ප්‍රියත් බන්දු මහත්මයා හදිස්සි වැඩි වුන බව නම් මාත් පිලිගන්නවා...
    බාගෙට හදපු අසම්පූර්ණ (තවම ) වරායකට එන්න, පේනමානෙන් ගියද, නැව් කාරයන්ට පිස්සුවක් නැහැනේ.... ඒත් පොඩ්ඩක් ඉවසලා ඉන්න.... 370ක් නොව 400ම එන දවසක් ඒවි.... ප්‍රියාත් බන්දු මහතා වැන්නවුන්ගේ සේවය හෑල්ලු නොකරන්න....ඔවුන් මේ වෙහෙසෙන්නේ තමන්ට ලාබ ප්‍රයෝජන ලැබීමටම නොවේ..රටට යම් සේවයක් කීරීමටයි...

    අනිත් කාරණය, හම්බන්තොට ඉදිරියේදී ඉදිවන Industrial Zone හතරෙන් සෙතක් වෙන්නේ හම්බන්තොටට පමණක්ද? නැත. මුලු රටටමය...උදාහරණයකට අපි චීනය අරං බැලුවත් එහි අගනුවර බීජින් ය. වෙළඳ නගරය ෂැංහයි ය. චීනයේ දියුණුවේ මහා බලකණු දෙක මේ නගර දෙක නේ ද? ඉතින් ලංකාවේ දියුණුවේ මහා බලකණුව විය යුත්තේ කොළඹ පමණක්ද? චීනයට ෂැංහයි කරන සේවය, කවදාකහරි ලංකාවට හම්බන්තොටින් සිදුවෙනවා දැකීමට
    ඔබ අකමැතිද?

    කණ්නාඩි ගලවලා.....(සංසුන්ව) පියවි ඇසින් අනාගතය දිහා බලමුද???

    ඔබ මේ පැනය පෙරලා මගෙන් විමසුවොත් මට කීමට ඇත්තේ,
    "ඔව්.. මම පියවි ඇසින් යම් විල්තෙරක් දකිමි... මා දකින්නේ මිරිගුවක් විය හැක. නමුත් කිසිදා ක්ශේම භූමියක් නොදකින මේ කතර තුල, හුන්තැනම හිඳ මියදෙනවාට වඩා... මිරිඟුව වෙනුවෙන් හෝ වෙහෙසී මියදීමට මා කැමති" බවයි.

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    This comment has been removed by the author.
  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මා නැවතත් අසන්නේ දකුණු ආසියාවේ කාර්යක්ෂම වරායත් ලෝකයේ ඉතාම ඉහල ගණයේ ස්වාභාවික වරායකුත් තියන රටකට ගොඩබිම හාරල වරාය හදන්න තියන වුවමනාව මොකක්ද .
    අනික ඔයා රෙදි ගලවන්න කතා කලාට කෝ තර්ක, නිකන්ම නිකන් නැව් ඒවි කියල වැඩක් නැ . වරාය 100% හදල ඉවර උනාමත් නැව් එන්න හේතුවක් තියෙන්න ඕනි අනික දැනට සංවර්ධනය වෙලා තියන කොලඹ ගම්පහ ගාල්ල වගේ නගරයක් තෝර ගන්නෙ නැතුව හම්බන්තොට 0 ඉඳල හදන්නෙ මොන පිස්සුවකටද( ඇත්තටම කවුරු බැන්නත් මේ දවස් වල කොලඹ නගර්යේ කරන සංවර්ධන වැඩ නම් මම අනුමත කරනව මොකද ඒවයෙ හොඳ ඵලදායක බවක් තියනව ).

    මට කිව්වට ඔයයි ඔය කණ්ණාඩි දාගෙන කඩේ යන්නෙ. ඔය කියන Industrial Zones ඉදිවෙන්නේ කවද්ද? ඉදිවෙල ඉවර වෙන්නේ කවද්ද? නිෂ්පාදන මොනවද? ආයෝජකයො මොන රටෙන්ද? ගිවිසුම් අත්සන් කරලද ? වරායේ වැඩ ඉවරවෙල කොච්චර කාලෙකින්ද පලමු නිෂ්පාදනය එලියට එන්නෙ? ඒ නිෂ්පාදනය මොකක්ද? ඔන්න ඔය කාරනා අනුව තමයි ඕවයෙ ප්‍රයෝජනය තීරණය වෙන්නෙ. ඔයා ඒ ගැන දන්නවද මාධ්‍ය වලින් නම් තාම කියල නැහ් (ජාතික රූපවහිනි/ස්වාධීන දෙකේ කිව්ව නම් මිසක ) . එහෙම නැතුව ලංකාවෙ ජනගහනයෙන් 50%ක් දල ජාතික නිෂ්පාදනයෙන් 50% කට වඩා කේන්ද්‍රගත උන බස්නාහිරින් පිට ඉදි කරන කාර්මික ජනප්ද සාර්ථකයි කියන්න බැහැ

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    අමතක උනා ඔයා කිව්වත් නොකිව්වත් ඔය විමලය කියන ඒව අපි නම් තුට්ටුවකටවත් මායිම් කරන්නෙ නැ . ඒ උනට රජයෙ කැබිනට් ඇමති කෙනෙක් ගෙ ප්‍රකාශයක් මම ඔය කියන්නෙ
    මේ Word Verification එක අයින් කලා නම් මොකො මහ වාතයක් කමෙන්ට් කරන්න ගියාම

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=2640:-----18167050--&catid=1:2010-11-08-15-13-52&Itemid=50

    ඔය තියෙන්නෙ නැව් නැති උනාට ඕනි තරම් දේවල්

  1. Gayan Anuradh Liyanage

    අනේ සොරි වෙන්න ඕන... ඔන්න මම Word Verification එක අයින් කලා....

  1. Gayan Anuradh Liyanage

    මම ඔයාගෙ ප්‍රශ්න වලට,කාටවත් කඩේ නොගිහින්, පිලිවෙලකට උත්තර දෙන්නම්....(කඩේ යනව වගේ පේනව නම් එහෙම පේන්නෙ ඔයා කණ්නාඩිය නොගලවපු නිසයි...)

    * හම්බන්තොට වරායක් හදන්න ප්‍රධානම හේතුව ලංකාවේ අතිසුවිශේෂී භූගෝලීය පිහිටීම... ඉන්දියන් සාගරයේ ප්‍රධාන නැව් මාර්ගය පිහිටල තියෙන්නේ මේ ස්ථානයට කොච්චර ලගින්ද කියල ඔයා දන්නව ඇතිනේ... මේ වරායේ සැලැස්ම අද ඊයෙ ගහපු එකක් නෙවෙයි කියලත් ඔයා දන්නව ඇතිනෙ... අනිත් එක මේ වරාය හැදෙන එක නවත්තන්න ගිනිකොනදිග ආසියාතික සංවර්ධිත රටක්, අවුරුදු 20ක විතර ඉදන් ,මේ වරාය හදන්න යන මුදල වගේ මුදලක් වුනත් වියදම් කරන්න කැමැත්තෙන් සිටි බව ඔයා දන්නවද? මේ වරාය හැදෙන එක ඒ අයට මොනතරම් නම් බලපෑමක් කරනවද කියල හොයල බලන්න...
    ඇද මිනිහගෙ හෙවනැල්ලත් ඇදයි කියල කථාවක් මම අහල තියෙනවා... අර ගොඩබිම හාරපු කතාව කියවද්දි මට ඒක මතක් උනා..

    *අපිට බැංකුවකින් ණයක් ගන්න කොට උනත් බැංකුවෙන් හොයල බලනවා අපිට මේ ණය ගෙවන්න පුලුවන්ද කියලා.... ඉතින් එහෙව් එකේ, නැව් එන්නෙ නැති වරායක් හදන්න ආධාර දෙන්න චීන්නුන්ට පිස්සුද?

    * ඔය කියන සංවර්ධනය වුනු නගර සංවර්ධනය උනේ ඉබේද? නැත... ඒ ඒ ප්‍රදේශ වල ඒ ඒ කාලවලදී පත් වුන රාජ්‍ය නායකයො තමන්ගෙ ප්‍රදේශ සංවර්ධනය කලා...
    ජනපතිතුම කරන්නෙත් ඒ දේම තමයි... ඒක තමයි වෙන්න ඕනත්..ඒත් එතුම හම්බන්තොට විතරක්ම නෙවෙයිනෙ සංවර්ධනය කරන්නෙ....(ඔයත් පිලිගත්තනෙ ඒක.. )

    * Industrial Zones ඉදිවීම දැනටමත් ඇරඹී ඇත. 2013 වන විට බොහොමයක වැඩ අවසන් වනු ඇත.
    මහා පරිමාණ ආයෝජකයන් 70ක් පමණ මේ වනවිට අයදුම් කර ඇත. මේ අතර ප්‍රධාන පෙලේ වාහන එකලස් කරන ආයතනද වේ... මේ වනවිටත් ලංකාවේ විශාලතම බජාජ් ත්‍රීරෝද රථ එකලස් කරන කම්හල රන්න (රන්න යනු හම්බන්තොට නගටයට ආසන්න කුඩා නගරයකි.) ප්‍රදේශයේ ආරම්භ කර සක්‍රීයව ක්‍රියාත්මක වේ..
    මීට අමතරව සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව තොරතුරු තාක්ෂණ ගම්මානයක් ඇරඹීමට කටයුතු කර ඇත. ඒ ආශ්‍රිතව BPO (Business process outsourcing)ක්ශේත්‍රයෙන් විශාල රැකියා ප්‍රමානයක් බිහි වනු ඇත.
    (මේ කාරනා මා පවසන්නේ කිසිදු මාධ්‍ය ආයතනයකින් ලබාගත් කරුණු මත සිට නොවේ... මෙම ව්‍යාපෘති භාර ප්‍රධානීන්ගේ තහවුරු කිරීම් හා ඇස් පනාපිට මට පේන සත්‍ය මත සිටය. )

    * කොළඹ නගරය තුල තවත් කාර්මික ජනපද ඉදි කිරීමට නොහැකි තරමට එය ජනගහනයෙන් සංතෘප්ත වී ඇති බව ඔබ දන්නවා නේද?? බස්නාහිරින් පිට ඉදි කරන කාර්මික ජනපද සාර්ථක කිරීමේ අභියෝගය, සංවර්ධනය වෙන්න ඕනෙනම් අපි අනිවාර්යෙන් භාරගත යුතුය.

    * ජැක්සන් ඇන්තනී මහතාගේ නිර්මාණය ඔය කියනා මුදල තරම් වටිනවාදැයි මට තක්සේරු කල නොහැක... නමුත් ඒ තුල තිබූ නිර්මාණාත්මකභාවය අගය කලයුතුය.
    නමුත් මම කලිනුත් කියූ ලෙසම වරායේ උත්සව සඳහා විශාල මුදලක් වැය කල බව නම් පිළිගත යුතුය...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ශ්‍රිලංකාව අසලින් යන නැව් මාර්ගයේ ප්‍රයෝජනය ගැනීමට කොළඹ වරායේ පුලුල් කීරිමේන් හැකිවේ . ඒ සඳහා නව වරායක අවශ්‍යතාවක් නැත . දැනටමත් ලොව පුර ප්‍රචලිත ලංකාවේ වාණිජ අගනගරය ආශිතව ඇති වරායකට පැමිණීමට ලොව ඕනැම නැව සමාගමක් කැමතිය .අනික නැව් මාර්ගයක් ලඟින් තිබුනාට වටපිට බලා යන්න නැව් එන්නේ නැත .ඒක්කො ඒ සඳහා ව්‍යාපාරික අවශ්‍යතාවක් ඒ කියන්නෙ කර්මාන්තාශාලා රාශියක් භාණ්ඩ ප්‍රවාහ්නය වගෙ.එහෙම නැත්නම් සේවා අවශ්‍යතාවක් සපුරාගත හැකිවිය යුතුයි . මාධ්‍ය වලින් රජයේ ඇමතිල කියන ප්‍රධාන දෙයක් තමයි නැව් වලට තෙල් සපයන්න හම්බන්තොට වරායට පුලුවන් කියන එක නමුත් ලංකාවට වඩා අඩුමිල්ට අරාබිකරයෙනුත්, සිංගප්පුරුවෙනුත් තෙල් ලබාගන්න පුලුවන්.කොලඹ වරාය හා හම්බන්තොට වරාය සැලකුවාම සේවා සම්පාදනයට කොලඹ වරායට තියෙන්නේ ඉතාම හොඳ කීර්ති නාමයක් ඉතින් දුර වැඩි උනත් එතනට යන්නයි නාවිකයො පෙලඹෙන්නෙ . වාහනයක් හදන්න යන්නෙ නගරයෙ ඉන්න පලපුරුදු බාස් ගාවටද එහා පැත්තේ ගෙදර ඊයෙ දාපු ගැරිජ් එකටද .ගොඩබිම් කියන්නෙ ඉස්සරහට වඩාත් දුර්ලභම දේ , සමහර රටවල් ලෝක සිතියමෙන් මැකීයන්නත් ඉඩ තියනව . ලංකාවෙ දකුණු දිග වෙරල තීරයටත් ඔය තර්ජනෙ තියනව . අනික ලොකේ මිනිස්සු මේ වන කොට කරන්නෙ මුහුද ගොඩ කරල නගර හදන එක .ඉතින් හම්බන්තොට ලෝකයෙ පලවෙනි ගොඩ බිම හදපු වරාය වෙලා තියෙන්නේ වෙන කිසිම රටක ඔය වගෙ මැටි මෝල් වැඩක් නොකරන නිසා .බැංකුවලින් ණය දෙනව වගෙ නෙවෙයි රටවල් වලින් ණය දෙන්නෙ . දේශපාලනික අවශ්‍ය තා මත හා කොන්දේසි මත . චීනුන් අපිට ණය දුන්නේ ඉන්දියානු සාගරයට තමන්ගෙ නාවික ආධිපත්‍යය විහිදුවා ගන්න . ඒ වගේම තමන්ගෙ නැව් වලට විශේෂ වරප්‍රසාද ලබ ගන්න . මේ කාරණා ඔක්කොම සිද්ධ වෙත්දි චීනයට තමන්ගෙ මුදල ආපහු ලැබෙනව . ඒ විතරක් නෙවෙයි ණය මුදල දුන්නෙ යුවාන් වලින් නම් ආපහු ගෙවත්දි බරපතල වෙන්නත් පුලුවන් මට හිතෙ විදිහට
    කොටින්ම කියනව නම් හම්බන්තොට වරාය වාණිජ වශයෙන් සාර්ථකද නැද්ද කියන එක චීනයට වැදගත් නැහැ

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    රාජ්‍ය නායකයො නුවරින් ගාල්ලෙන් බිහිවෙලා නෙවෙයි ඒවා දියුණු උනේ, අනික උදාහරනයක් විදිහට ප්‍රේමදාස ජනපතිවරයා අපනයන සැකසුම් කලාප ඉතාම සැලසුම් සහගතව ගම්පහට ගෙනිච්චෙ එතුමාගෙ ගම ගම්පහ නෙවෙයිනෙ.ඔයා ඔය ව්‍යාපෘති කරන අය දන්නව උනාට අපි දන්නෙ නැනෙ අපි දන්නෙ මාධ්‍ය හරහා කියන දේවල්,ඔන්න අපි ඊයෙ දැක්ක නාමල් මහත්තය කියල තියනව ගොල්ෆ් පිටියක් හොටල් සංකීර්නයක් හම්බන්තොට ට ගේනව්යි කියල . ක්‍රිඩාවලට ඉතාම සුදුසු දේශගුණයක් තියන ප්‍රදෙශෙක හදන ක්‍රිඩා පිටි වලට අපි සම්පූර්ණයෙන්ම එකඟයි , ඒ වගෙම සිනමා ගම්මාන වලටත් . අපි විරුද්ධ ඔය නොගැලපේන දේට විතරයි . ඒ නිසා ඔයාගෙ කණ්නාඩි කතාව වැරදියි

    බජාජ් කර්මාන්ත ශාලව කියන්නෙ ලංකාවට නිෂ්පාදන කරන සමාගමක් නෙ . ඉතින් වරාය ඕනි වෙන්නෙ අමුද්‍රව්‍ය ගේන්න විතරයි . දැනටත් වැඩ කරගෙන යනව්යි කියන්නෙ වරාය නැතුවත් වැඩ කරගන්න පුලුවන් කියන එකනෙ

    ඔය කියන කර්මාන්තශාල දැම්මාම බලමු ඒවයින් වරායට වැඩක් තියනවද කියල .ඔය වාහන එකල්ස් කරන්න එන්න හදන්නෙ mahendhra සමාගම නේද ? තව මොනවත් තියනවද ලෝක ප්‍රසිද්ධ සමාගම් (වගෙ ඉන්දියානු කසිකබල් ඇරුණාම )

    BPO දාන්න හදන්නෙ හම්බන්තොටද ? ඒක අයිටත් හපන් පිස්සුවක්

    මම කිව්වෙ කොළඹ නගරය නෙවෙයි බස්නාහිර පලාත .ඒ තුල තව ඕනිතරම් අවකාශයන් තියනව ඵලදායකව භාවිතා කරනව නම්.

    බස්නාහිරින් පිටට මුලු රටටම සංවර්ධනය ගෙනියන්න ඕනි . නමුත් වඩා ඵලදායකව ප්‍රමුඛතා අනුව කරන්න ඕනි , එහෙම නැතුව විශාල වියදමක් දරල 0 ඉඳල නන්ගරයක් දියුණු කරන එක ලංකාව මෙ ඉන්න ආර්ථික තත්වයට ගැලපෙන්නෙ නැ . අපි එතනින් ගොඩ එන්න කාර්යක්ෂම නිවැරදි ක්‍රම භාවිතා කලොත් .අපිට හම්බන්තොට නෙවෙයි වන්නිය උනත් සුඛෝපභෝගී නගරයක් කරන්න අත ගහන්න් පුලුවන් බය නැතුව. හැබැයි දැන්ම නෙවෙයි

    අනික පලාත් වල සංවර්ධනය නම් ඉතින් පාරවල් හැදිල්ලට සිමා වෙලයි තියෙන්නේ

  1. Gayan Anuradh Liyanage

    රංමිනිතැන්න තිස්සට ගෙනා කාරණයට මමත් එකඟ නෑ.... ටෙලි,සිනමා ක්ෂේත්‍රවල සියලු ශිල්පීන් හා ආයතන කොළඹ අවට පිහිටා තිබියදී පැය 6ක් පමණ කාලය ගෙවා ගෙන,විශාල මුදලක් වියදම් කර රංමිනිතැන්නට පැමිණ නිර්මාණ කරන්නට අධ්‍යක්ෂකවරු කැමති උනාත් නිෂ්පාදකයො කැමති වෙයිද?

    කර්මාන්තශාලා ගැන කතාවට කියන්න තියෙන්නෙ ඔයා කියපු කතාවම තමයි...කර්මාන්තශාල දැම්මාම බලමු ඒවයින් වරායට වැඩක් තියනවද, වරායෙන් කර්මාන්තශාලා වලට වැඩක් තියනවද කියලා.... බලමුකෝ.....

    අලුතින්ම නගරයක් දියුණු කිරීමේදී එය සැලසුම් සහගත ලෙස, ප්‍රයෝගික ගැටලු අවමව සිදු කිරීමේ හැකියාව ඉතා ඉහලය. නමුත් ඒ සඳහා වැය වන ප්‍රාග්ධනය අපේ ආර්ථිකයට දරාගන්න බැරි තරම් දෙයක් කියලා ඔයා කිව්වට ඒ දේ අපේ රටේ මහා ආර්ථික විස්ලේෂකයන්ට තෙරුනේ නැත්තෙ මොකද දන්නෑ නේද??
    මෙච්චර කාලයක් බස්නාහිර පලාත දියුණු කරලත් රට ඉන්නෙ මෙතන නම් ඔයා කියන විදියට කවදා අනිත් නගර දියුණු වෙයිද දන්නෑ නේ!!

    අපි මේ වෙන්න යන වෙනසට පොඩ්ඩ්ක් ඉඩ දීල බලමුද???

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මම කිව්වේ අනික් පැත්ත ඒ කියන්නෙ සිනමා ගම්මානෙ දාපු එක එක හොඳයි කියල. Outdoor studio එකකට ගැලපෙන කාලගුණය ලංකාවෙ තියෙන්නේ හම්බන්තොට නිසා . පඩංගු ටෙලි නාට්‍ය කාරයින්ට නෙවෙයි හොඳ චිත්‍රපටියක් ගහන්න නම් studio එකක් තෝරගන්නවයි කියන්නෙ ආර්ථික අතින් සැහෙන්න ලාබයි . හැබැයි ඉතින් නවාතැන් එහෙම තියෙන්න ඕනි

    ඕව ඔය හම්බන්තොටට ආවෙ ආර්ථික විද්‍යාඥයො කියල නෙවෙයි (මම ඔය කියපු ප්‍රශ්න මතු කරල තියෙන්නෙත් ඒ අයම තමා ) . ඕව ආවෙ ජනාධිපති තුමාගෙ උවමනාවට .

    ඔව් වෙනස පටන් ගත්ත විතරයි පොල් 60යි , ලූණු 400යි . Unlimited Internet වලට FUP දාන්න යනව ,KP ගෙ NGO එක අනුමත කරල , යුද්ධෙ කරපු මිනිහ හිරේ ,සංදර්ශන වලට කෝටි ගණන් , මාධ්‍ය ආයතන ගිනි තියනව (සමාවෙන්න ගිනි තියා ගන්නව ) තව එනව ඉස්සරහට බලාගෙන ඉම්මු

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    තව දෙයක් බස්නාහිර පලාත හරියට දියුණු කරල නැහැ . එහෙම උනා නම් අපි අද මෙතන නෙවෙයි ඉන්න තිබුනේ , ප්‍රේමදාස ලොක්ක පටන් ගත්ත වැඩ ටික වත් අනික් අය කරගෙන ගියා නම් (හරියට ) තත්වය ඔයිට වඩා හොඳ වෙන්න තිබුන . ඒ වගේම මේ දවස් වල කොළඹ නම් හොඳ මට්ටමෙ වැඩ ටිකක් කරන්න සැලසුම් කරගෙන යනව බව ආරංච්චියි , ඒවට නම් අපි අත් දෙකම උස්සල එකඟයි

  1. Gayan Anuradh Liyanage

    මම කියන්නේ රංමිනිතැන්න වගේ එකක් අනවශ්‍යයි කියල නෙවෙයි.... ඒක කොලඹින් පිටට නොගෙන කොලඹට ආසන්නයෙන් ඉදි කලානම් මීට වඩා මේ වනවිටත් එහි නිර්මාණ කටයුතු සිදු වෙනව කියල.... අනෙක ඒක කලාකරුවන්ටත් ප්‍රායෝගික පහසුවක්... (කාලගුණය නම් දැන් ඉතින් ලංකාවෙ කොහෙටත් එකම වගේ තාමයි..නේද?? ගිය මාසේ පුරා මෙහෙටත් සුපිරියටම වැස්සනේ....)

    ඔයා අහල තියෙනවද අර මූනු දෙකේ යකෙක් ගැන....(කඩවර යකාද කොහෙද ) මම දකින විදියට මේ ආණ්ඩුවත් ඒ වගේ තමයි.... හොඳ මුහුනක් වගේම ඔබ කියන විදියේ නරක මුහුනකුත් තියෙනවා...
    හැබැයි රජෝ... ලංකාවෙ පවතින දේශපාලන ක්‍රමය ඇතුලෙ, කවදාවත් හොඳ මූනක් විතරක් තියෙන ආණ්ඩුවක් නම් දකින්න ලැබෙන එකක් නෑ.....

    ප්‍රේමදාස මහතා කල බොහොමයක් දේවල් රටට වැඩදායී උනා තමයි....
    එත් චන්ද්‍රිකා මැඩම්ගේ කාලෙදි ලංකාවට වෙන්න තියෙන ඔක්කම උනානේ....අන්තිමට ජීවිතේට අහපු නැති සුනාමියකුත් ලංකාවට ආවනෙ....( ඒකට ඉතින් එයා පලි නෑ තමයි.... ඒත් මං කියන්න හැදුවේ, ඒ කාලෙදි ලංකාව සොබාදහමෙනුත් හොඳට බැට කෑව කියලයි...)

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    එහෙමද අපි හිතුවෙ හම්බන්තොටට පායනව කියල , එහෙම වියලි කාලගුණයකට තමයි Outdoor studio එකක් ගැලපෙන්නෙ ඒකයි , වහිනව නම් ඉතින් වැඩක් නැහැ,

    ඔව් ඔය කොයි ආණ්ඩුවත් එහෙම තමා බලමුකො ඉස්සරහට .

    චන්ද්‍රිකා කියල කෙනෙක් නම් නොහිටියනම් තමයි හොඳ :D

Post a Comment