Liyawilla [ ලියවිල්ල ]: Media මුදලාලිලාගේ රාජ්‍ය පාලනය.....

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


Media මුදලාලිලාගේ රාජ්‍ය පාලනය.....

Posted by Gayan Anuradh Liyanage Labels:

                                

       ද වන විට ලෝකය පාලනය කරන්නේ රාජ්‍ය නායකයන්ද නැතිනම් Media මුදලාලිලාද යන ප්‍රශ්නාර්ථය, සෑහෙන කාලෙක ඉදන් ඇතිවුන එකක්... ඒකයි මේ වගේ ලියවිල්ලක් ලියන්න හිතුවේ.... වර්තමාන ලෝකයේ සිදුවන ඕනෑම කාරණයක් කෙරේ ජනමාධ්‍යයන්ගේ මැදිහත් වීමක් පැහැදිලි දැකගත හැකිවී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන යැයි කියාගන්නා ආයතන කීපයක් ඔවුන්ගේ මීලඟ Target Audience එක විය යුත්තේ කුමන කලාපයද යන්න මත ලෝකය තුල නව ප්‍රවණතා ඇති කරන අතර, සමහර විට ඒවා මහා ව්‍යයසන බවට පත් වූ අවස්ථා සහ පත් වන අවස්ථා දක්නට ලැබෙනවා. මේ අදිසි යථාර්තය සිනමාකරුවන්, කාටූන්කරුවන් වැන්නවුන් පෙන්වා දුන්නද තවමත් ඒවා එම අදිසි ස්වරූපයෙන්ම ක්‍රියාත්මකවීම වැඩි වෙනවා මිස අඩු වී නැත.ඒවායේ තියෙන අදිසි ස්වරූපය නිසාම මං මේ කියන්නේ මොනව ගැනද කියා ඔබට පැහැදිලි වැටහීමක් නැති වියද හැක. එනිසා මං ජාත්‍යන්තරය ගැන කතා කරන්නට කලින් අපේ රටේ ඇස් පනාපිට සිද්දවෙන මාධ්‍ය මෙහෙයුම්වල ගති ස්වභාවය ලියාගෙ ඇසින් පොඩ්ඩ්ක් කියන්නම්.... ( ලියා ඉතින් මීඩියා වලට  ඍජුව සම්බන්ද කෙනෙක් නෙවෙයිනේ.. පොඩි ප්‍රේක්ෂකයෙක් විතරයි...ඒ නිසා මේ ලියන දේවල් ක්ෂේත්‍රයේ කවුරුහරි අහම්බෙන් හරි දැක්කොත් ලියාගෙ වැරදි, නිවරදි කරයි කියල හිතලයි මේ ලියනනේ...)
                       
                      ලෝක පාලනය තවම නෛතිකව මීඩියා වලට ලබා දී නැතත් බොහෝ රටවල මිනිසුන්ගේ සංස්කෘතික ජීවිත වල මහ බැංකුව වෙලා තියෙන්නෙ නම් ජනමාධ්‍ය තමයි. ලංකාව කියන රට භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද සාපේක්ෂව තිබෙන මාධ්‍ය ආයතන සංඛ්‍යාව විශාලයිනෙ. (FM නාලිකා ගැන සැලකුවොත් මෙගාහර්ට්ස් 20ක පරාසයක් තුල නාලිකා 40ට වඩා තියෙනවනෙ..) එවැනි අනුපාතයක් මත වුවත් තව තවත් අලුත් නාලිකා ආරම්භ කිරීමට මුදලාලිලා සූදානම් වන්නේ එම ආයෝජනය තුල ඔවුන් ලබනා ධනය පමණක් නොව දේශපාලනික හා සාමාජීය වශයෙන් ප්‍රබල බලයකුත් ලැබෙන නිසාය. නමුත් මෙහි තිබෙන බරපතල කාරණය වන්නේ මුලු රටේම සංස්කෘතික හා සාමාජීය කාරණා මේ මුදලාලිලා අතින් පාලනය වීමයි. ඔවුන් ලබා ගන්න මේ සුපිරි බලයත් සමඟ ඔවුන් රට තුල හදනවා මතයක්  "උඹලා.., උඹලට ඕන දේ නෙවෙයි, අපිට ඕන දේ බලාපල්ලා,අහපල්ලා,කියවපල්ලා" කියලා. ඔවුන් මේ ව්‍යායාමයට යොදා ගන්නේ කලාව වෘත්තිය කොටගත්  හා කර ගැනීමට කැමති අපේ තරුණ පරපුරම තමයි. මුදලාලිලා ඔවුන්ගෙන් ඉල්ලන්නේ " දීපල්ලා...මට ලෙහෙසියෙන් මාර්කට් කරන්න පුලුවන් product එකක්.." කියාය. Product එකේ quality එක මොක වුනත් ඒක market වෙනවානම් එච්චරය. 
                                   
                      මේ මාර්කට් කිරීම තුල ඇති අවාසනාවනම් කොලටි බඩු මාර්කට් වෙන්නේ අඩුවෙන් වීමයි. සමහර වෙලාවට බාල බඩු හොඳට මාර්කට් වෙන විට කොලටි බඩු හංගා තැබීමටද මුදලාලිලා කටයුතු කරයි. තවත් සමහර වෙලාවට තමන් ගාව ඉන්න කොලටි බඩු ඕනවට වඩා ජනාප්‍රිය වේයැයි බියේ තමන්ගෙ කඩේ ඇතුලෙම හංගා තබන අවස්ථාද තිබේ. ( ඕනවට වඩා ජනප්‍රිය උනොත් තමන් ඇතරලා වෙන මුදලාල්ලි කෙනෙක් ගාවට යාවි කියල බයයිනේ...) 
                      
                     ඔය අතරෙ සමහර අපේ අයියලා මුදලාලිලාට ඕන විදියට trend එකට match වෙන විදියට වැඩ කරලා දෙනවා. ඊට පස්සෙ අපේ ප්‍රවීන උදවිය ඒ trend එක හදපු අයට පලු පැලෙන්න දෙහි කපනවා..Music field මේ සඳහා ඕනෑතරම් උදාහරණ තිබෙනවා. Hip-Hop trend එක ගෙනා භාතිය සංතුශ්, බයිල trend ගෙනා ගයාන්(ඩැඩී),ලහිරු වැනි ගායකයන් මෙන්ම ඒ ඒ trend සඳහා පද රචනයෙන් දායක වුනු දුකා,මනුරංග වැන්නවුන් ලොවෙත් නැති වෙන්න බැනුම් අහන්නේ  ඔවුන්  ගෙනා trend එක, වෙන වෙන අයියලා, මුදලාලිලාගේ උවමනාවල්වලට පජාත කිරීම නිසාය. Music Video field එක ගත්තත් මේ තත්වයමය... නිලාන් කුරේ, උදය ධර්මවර්ධන, ප්‍රවීන්  ජයරත්න,ප්‍රසංග-තුසිත වැන්නවුන් මීට පස් වසරකට පමන පෙර කරපු  සුපිරි  නිර්මාණ වැනි ඒවා, දැන් ආසාවට දකින්නට නැත. 
                      
                      මෙගා ටෙලි නාට්‍ය හා රියලිටි ටීවී ප්‍රොග්‍රෑම් ගැන තවත් ලියවිලි දෙක තුනක් ලියන්න තරම් කරුනු ඇත. මේ කෙටි කාලය තුලදී එම ක්ෂෙත්‍ර අසාමාන්‍ය පිරිහීමකට ලක් වී ඇත. එදා වේල හම්බ කරගැනීම සඳහා මෙගා නාට්‍ය කිරීමෙන් සහ SMS වලින් සල්ලි හොයන්න රියලිටි ප්‍රොග්‍රෑම් (ඇති රියලිටියක් නම් නැත...) කිරීම තුල රූපවාහිනී ක්ෂේත්‍රය, අතිශය නිර්මාණ බන්කොලොත් භාවයකට ලක් වී ඇත. මේ සියල්ල සඳහා මීඩියා මුදලාලිලා හා ඒවායේ මැනේජර් මහත්තුරු ඍජුවම වග කිව යුතුය. 

                       ඉහතදී සඳන් කලේ මීඩිය මුදලාලිලා සංස්කෘතික ලෝකය පාලනය කරන හැටිය.. ඔය තත්වය ලෝකයේ බොහෝ රටවල, ලංකාවේ වගේමය...
                    මීටත් වඩා අති බිහිසුනු ලෙස මීඩියා මුදලාලිලා විසින් ලෝක දේශපාය අල්ලේ නටවමින් සිටියි.. උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිග කලාපය බිඳ වැට්ට වීමේ මෙහෙයුම සිදුකරනු ලබන්නේ පැහැදිලිවම මේ මුදලාලිලාය..තත්වය භයානකය!!!
 

    සකල ලෝ වැසියාගේ සංස්කෘතිය,දේශපාලය පමණක් නොව හදවත, මොලය පවා පාලනය කරන මීඩියා මුදලාලිලාගෙන්, මිනිස් වර්ගයා කවදා මිදෙන්නේද???

සංවාදයට අවසරයි.....

                         
                       
                          

Share |

23 comments:

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    This comment has been removed by the author.
  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ලංකාවෙ මාධ්‍ය නම් තු නොදකින්..ඒත් ලෝකයේ මාධ්‍ය ආයතන සැලකුවාම නම් සිදුවෙන යහපත අයහපතට වඩා වැඩියි , හැම දේම වානිජකරනය වෙලාතියෙන නිසා මාධ්‍ය විතරක් ඒකෙන් මිදෙන්නෙ නැහැ . කොහොම උනත් ගොඩක් රටවල ජනතාවගෙ අයිතීන් සුරැකිල තියෙන්නේ මාධ්‍ය නිසා . මේ ගැන මගේ ලිපියක කමෙන්ට් කරපු ඉන්දියාවෙ වැඩ ලාංකිකයෙකුත් කතා කරා . ගොඩක් රටවල මාධ්‍ය වලට දේශපාලන අධිකාරය ඉක්මවා ගිය බලයක් තියනව හැබැයි ඒ අය ඒක පාවිච්චි කරන්නෙ ජනතාවගෙ පැත්තෙන් .මැද පෙරදිගට අරක්ගත් ඒකාධිපති කාලකණ්නින් එලවීම ඉතාම යහපත් කාරනයක් මිස වරදක් නොවේ ලංකාවෙ රියලිටි අජූත උනාට ඔව හොඳට කරන අය ඉන්නව. අනික ඔරිජිනල් රියලිටි කියන්නෙ ඔය සිංදු කිවිල්ල විතරක් නෙවෙයි . මෙගා නාට්‍ය සකස් වෙන්නේ බහුතර ඉන්දියානු ගෘහණියන් පාදක කරගත් අඩු වියදම් නිර්මාන විදිහට , වැඩෙ නැගල ගිය නිසා අපේ කාල කන්නි මුලින් ඉන්දියන් කසිකබල් පෙන්නල දැන් ඊටත් අන්ත ඒව හදල පෙන්නනව . වියදමත් අඩුයි කොලඹ අවට ශූටින් නිසා නලු නිලියොත් කැමතියි . ලංකාවෙ ජනමාධ්‍ය නැහැ , එක එකාට කඩේ යන ජරාවල් විතර්යි තියෙන්නෙ

  1. Gayan Anuradh Liyanage

    මැද පෙරදිග නායකයන්ට විරුද්ධව මිනිසුන් උසිගන්වන්නට බටහිර මාධ්‍ය ඔච්චර වෙහෙසෙන්නේ ඒ මිනිසුන්ගේ ආදරයටය කියා ඔබ සිතනවාද?
    9/11 සිද්දියේ මුවාවෙන් කොහෙවත් තිබූ ඉරාකයට ප්‍රහාර එල්ල් කර එහි සිටි ඒකාධිපති නායකයා මරා දැමුවාට ඉරාකය නිදහස් උනාද?
    අරාබිකරයේ තෙල් සම්පත මුලුමනින්ම තමන් සතු කර ගැනීමේ නව මෙහෙයුම තමයි දැන් ඔය ක්‍රියාත්මක වෙන්නෙත්.. දැන් ඔවුන් ඌරගේ මාලු උගේ ඇගේ තියලම කපල තමයි ඒ වැඩේ කරන්නෙ....
    මිඩියා මුදලාලිලා ලස්සනට වැඩේ මාකට් කරනවා...කවුරුත් ආතල් එකේ බලන් ඉන්නව...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    බටහිර මාධ්‍ය පමනක් නොවේ අල් ජසීරා (කුවෙටයෙ ) ද උද්ඝෝෂකයින්ගේ පැත්තේය ඒ බටහිරට උදව් කරන්නද ?

    ඉරාකයට ගැහුවේ 9/11 සිද්ධිය මත නෙවෙයි න්‍යෂ්ටික ආයුධ චෝදනා මත .9/11 චෝදනා වලට ගැහුවේ ඇෆ්ගනිස්ථානයට නිකන් බොරු කියන්න එපා
    .
    කාලකණ්නි මුස්ලිම් මුල්ධර්ම වාදීන් අත තියන ඛණිජ තෙල් බල බිඳිය යුතුමය . අනික ඔය ගැටුම් මාධ්‍ය වලට පමනක් හැසිරවිය නොහැක , කොටින්ම බොහෝ මාද්‍ය එම රටවලින් එලවා ඇත ඔය ගැටුම් ඒකාධිපතීනට විරුද්ධව ජනතා නැගීටිම් හා මුස්ලිම් ආගමික කල්ලීන් අතර ගැටුම් ය .

    අනෙක් ගඩාෆි ඉතාලියට තෙල් විකුනුවේ ඉතාම අඩුමිලටය එවැනි නායකයෙක් එලවා දැමීමට බටහිරට තදබල වුවමනාවක් නැත . මොකද ගඩාෆි ගෙන් පසු නායකයා අන්ත මුස්ලිම් අන්තවාදී නායකයෙකු විය හැකි නිසාය .

    ඉරාකයෙ ගැටුම් වලට (වර්ථමාන ) වගකිව යුතු වන්නෙ මුස්ලිම් අන්තවාදීන්ය . ඇමෙරිකාව ඉරාකය අක්‍රමනය කිරීම යන්න ඉතා ප්‍රභල වරදක්ය යන්න අද ඇමෙරිකානුවන්ගෙ පොදු පිලිගැනීමය . එම මතය තහවුරු කරන ලද්දෙ ඔය උඹලා වැනි බොරු බටහිර විරොදීන් නොව ඔය උඹල පතුරු අරින බටහිර මාධ්‍ය මය .ලංකාවෙ මාධ්‍ය හා සසඳන විට ඉන්දියාව ඇතුලු අන් රටවල මාධ්‍ය ඉතාම යහපත් ආකාරයට හැසිරෙන බව කිව යුතුය (ප්‍රවෘත්තිමය කටයුතු වලදී ) . නිකන් බොරුවට බැන බැන සිටීමෙන් පලක් නොවෙ . එවා නැරඹිය යුතුය වෙනස අධ්‍යනය කල යුතුය

  1. Gayan Anuradh Liyanage

    අල් ජසීරාවේ පසුගිය කාලෙ කරපු වැඩ බලන කොට පේනව කාටද උදව් කරන්නෙ කියල...
    9/11 සිද්දියෙන් නටපු නාට්ටියෙ දෙවෙනි කොටස නෙවෙයිද ඉරාකෙ නැටුවෙ...
    මං හිතන් හිටියෙ එහෙමයි... සොරි වෙන්න ඕනෙ... එහෙනම් ඒක වෙනමම එකක් වෙන්න ඇති...
    බුවාට තරහ ගිහින් වගේ, බටහිට මාධ්‍ය ගැන කියපු දේට....හරි හරි... අපිට ඉතින් බටහිර මාධ්‍ය ගැන තියෙන දැනුම අඩු නිසා තමයි මුලින්ම කිව්වෙ ලියා වැරදි නම් නිවරදි කරන්න කියලා....
    හැබැයි ඉතින් අපිට එක දෙයක් දැනෙනවා... කවුරු කවුරුත් එකතු වෙලා මේ හැරෙන්නෙ, ඉරානය කියන පොල් පැලේ කන්න තමයි කියල...

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඉරානෙ ඉන්න අර බක පණ්ඩිතයට කෙල වෙනව නම් මම පෞද්ගලිකව හරි කැමතියි . මට කොහොමත් ඔය තම්බි හැතිකරේ පෙන්න බැ :D
    -------------------------------------------

    අල් ජසීර ගැන ඔයා ඔය කියන්නෙ අපෙ යුද්ධ කාලෙ ගැන වෙන්න ඕනි . ඔය අපෙ රටෙ අය කියන විදිහට මය කිසිම මාධ්‍යක කොටින්ට කඩේ ගියෙ නැහැ , මම අල් ජසීර, බිබිසි දෙකම ඔය කාලෙ බැලුව .ස්වර්ණවාහිනිය යුද්දෙ වාර්තා කරන විදිහට පිටරට අය වාර්තා කරන්නෙ නැහැ ඒ අය දෙපැත්තම ගැන කරුණු අදහස් කියනව , ඒ වගෙම බිබිසි හාඩ් ටෝක් වලදි ගෝඨ මහත්තයගෙ අහනව වගේම කොටි හිතවාදීන්ගෙනුත් බෙල්ල කැඩෙන ප්‍රශ්න අහනව , එක දවස්ක් එක කොටි හිතවාදියෙක් ගෙන් ඇහුවා , එල්ටිටිය බෝමබ ගහල සිවිල් වැසියන් මරනව නම් , දේපල වලට හානි කරනව නම් රටෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුධ වදින්න මහින්ද රාජපක්ෂට තියන අයිතිය මොන පදනමෙන්ද ප්‍රශ්න කරන්නෙ කියල. ඒ යකා හෙන ගේමක් දීල බේරුනේ .

    යුද්ධෙන් පස්සෙ ලංකාව අගය කිරීම් හැම මාධ්යකම කලා. ත්‍රස්වාදය පරද්දන්න හොඳම ආදර්ශය ගන්න පුලුවන් ලංකාවෙන් කියල සඟරා කිහිපයකම පල උනා , ඒ වගෙම ලංකාව සංචාරයට සුදුසුයි කියල නම් කරල සංචාරකයො වර්ධනය වෙන්න උදව් උනෙත් ඔය මාධ්‍ය . එනිසා ඔය පක්ෂ ග්‍රාහි කතා මේහෙ අයගෙ පච

    ඉරාකෙට ගැහුවෙ ආයුධ හොයන්න.කියල හැබැයි මොකුත් හම්බ උනෙ නැහැ ඒ නිසා තමයි මාධ්‍ය වලිනුත් ඇමෙරිකානුවන්ගෙනුත් දැඩි විරෝධතා එල්ල උනෙ , ඉතාම ජනප්‍රිය අගමැති කෙනෙක් උන බ්ලෙයාර්ගෙ ජනප්‍රියත්වය බින්දුවට බැස්සෙ . ඇමෙරිකාවෙ යුධ අපරාධ හෙලි කරන්න ගිය සමහර බටහිර මාධ්‍ය වලටත් වැඩෙ දුන්න කියලනෙ දැන් දැන් කියවෙන්නේ . ඉරානයට අත තියන්න කල් බල බල ඉන්නෙ ඒකයි .

    ඇමෙරිකාව කියන්නෙ එකක් ..මාධ්ය කියන්නෙ තව එකක් . මොකද ඔය ගොඩක් ජාත්‍යතර මාධ්‍ය රටවල් වලින් ස්වායක්තයි . ලෝකෙ හැම මාධ්‍යක් ම පක්ෂ ග්‍රාහි කියන එක අපේ කට්ටිය තමන්ගෙ බලු වැඩ සාධාරනී කරනය කරන්න යොදා ගන්න් පාඨයක්

  1. kekula

    අපේ රටේ රජයේ මීඩියා නම් පට්ටම පජාතය......මෙලො රහක් නැත ...එක එකාට කඩේ යෑම නියමෙටම කොරන්නේය.......

  1. Gayan Anuradh Liyanage

    මොහොමඩ් අහ්මදින්ජාඩ් යන ශරීරයෙන් කුඩා රැඩිකල් චරිතයට ලෝකයේ සමහරක් අකමැතිය... මුස්ලිම් විතරක් නෙවෙයි ඕනම දෙයක අන්තවාදීන්, මටද පේන්න බැරිය...ඒත්....

    ඉරාකෙන් ආයුධ හෙව්ව වගේ තමයි, ඉරානෙනුත් හොයන්න හදන්නෙ.... ආයුධ හොයන්න කියල රටක් විනාශ කරලා, කෝ අනේ... ආයුධ නැහැනෙ කියන කතාව හරියට තණකොල කපන්න කිතුලට ගිය මිනිහ කියපු කතාව වගේ නේද?

    ඔව්.. පැහැදිලිවම, "ඇමෙරිකාව කියන්නෙ එකක් ..මාධ්ය කියන්නෙ තව එකක්" , ඒත් ඇමෙරිකානු දේශපාලන බල අධිකාරිය බලු වැඩ කරන කොට ඒව සාධාරනීය කරල පස්සේ ඒවට බැන්නට වැඩක් නෑනේ... මොකද එතකොට වහන්න වෙන්නෙ අශ්වයෙක් නැති ඉස්තාලයක්...

  1. Gayan Anuradh Liyanage

    @ kekula

    අපේ රටේ කඩේ යන්නේ රජයේ මීඩියා විතරක්ම නෙවෙයි නේද??? පෞද්ගලික අයත් තම තමන්ගේ උවමනා එපාකම් අනුව යම් යම් ප්‍රමාණ වලින් කඩේ යන්නේය. රූපවාහිනී ආයතන ගෙන බැලූ කල රජයේ ප්‍රධාන නාලිකා දෙක, පැහැදිලිවම කඩේ යන බව කවුරුත් පිලිගන්නවා ඇත. නමුත් සිරසද පැහැදිලිවම කඩේ යනව නේද? ස්වර්ණ්වාහිනියත් මේ වැඩේ යම්තාක් දුරකට කලත් මම දකින විදියට, රජයේ ඇමතිවරයකුට ඍජුවම සම්බන්ඳකම් කියන දෙරණ කඩේ යන්නේ සීමාසහිතවය. ( එහි වැඩ කරන චතුර, සංඛ, ඩිල්කා වැන්නවුන්ට මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පරිපාලනය විසින් ලබා දී ඇති නිදහස ගැන පැසසිය යුතුය..)

    ( ලියා මෙහිදී දෙරණට කඩේ නොගිය බවත්, දකින දේ කියූ බවත් සඳහන් කල යුතුය.)

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඇමෙරිකාව කරන යුද්ද වලක්වන්නට මාධ්‍ය වලට නොහැක නමුත් ඔවුන් අඩු තරමෙ විකල්ප මත වලට ඉඩ හසර ලබාදේ ,විකල්ප මත සඳහා ඉඩක් නොමැති විට සිදුවන්නේ ඇමෙරිකානුවන්ගේ ක්‍රියාව තවත් සාධාරණීකරනය වීමය . ඉරානය ගැන මගේ මතය පෞද්ගලික මතයකි , ඒ ගැන ලියවුනු ඇතැම් වාක්‍යකට හේතුව පහුගිය දවස් වල බ්ලොග් අවකාශය තුල සිදුවූ සිදුවීමය


    ඔබගේ ඔය ප්‍රකාශ ගැන මා පුදුම වන්නේ නැත ,ඒ ජාත්‍යන්තර මාධ්‍ය ගැන පුලුල් අවබෝධයක් ඇති _ _ _ _ _ _ _ _ _ මහතා වැන්නවුනුත් අතේ පැලවෙන බොරු කතා කියන නිසාය

  1. Gayan Anuradh Liyanage

    විකල්ප මත වලට ඉඩ හසර ලැබෙන විට මා කලින් කීවා සේ අශ්වය පැන ගොහින්ද??? ඒකයි මගේ ගැටළුව....

    කවුද බුවා අයියේ... ඒ මහත්තයා....බය නැතිව කියන්න....එතකොට අපිටත් පුලුවන්නේ එයාගෙ කතා අහන්නෙ නැතිව ඉන්න...
    අනිත් එක මේක ලියවිල්ලනේ...ඕනම කෙනෙකුට ඕනම දෙයක් බය නැතිව මේකෙ කොටන්න පුලුවන්... කිසි ගින්නක් නෑ.....
    (හැබැයි ඉතින් කුනුහරුපයි,එක එක බක්ස් පප්පලගේ ඇඩ් කෑලියි නම් කොමෙන්ට් වලට දාල තිබ්බොත් ලියා එවා මකලා දානව හොදේ......)

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මොහාන් සමරනායක මහත්තය ..නම් කියන එක හොඳ නැති නිසයි කිව්වෙ නැත්තේ . තමන්ට වලක් වන්න බැරි දෙයක් ගැන වෙන මොනව කරන්නද ? ඒනිසා ඉස්තාල වැහිල්ලෙන් නවතින්න වෙනව හැබැයි ඒ ඇති කරපු මත වාද නිසා දැන් ඇමෙරිකාව ඇතුලු පිරිස යුද්ධෙකට යන්න කලින් දෙතුන් පාරක්හිතනව පේනවනෙ ලිබියාවට ගහන්න කලින් කොච්චර මානනවද කියල ඒ අර ඇති උන රැල්ලට බයේ ( ඔන්න ඔයා කිව්ව නිසා නම් කිව්වේ සාමාන්‍යයෙන් නම් ලියන්න හොඳ නැහැ )

  1. Gayan Anuradh Liyanage

    ඔයා ඔය කතාකරන්නෙ මොහාන් මහත්මයා මාර්තු 06 ඉරිදා රිවිර පත්තරේට ලියපු ලිපිය ගැන වෙන්න ඇති...
    ( උතුරු අප්‍රිකානු-මැද පෙරදිග අර්බුදය

    ඒත් ඒ ලිපියෙන් ඔහු ප්‍රශ්න කරන සමහර කාරණා ඇත්ත නෙවෙයිද??
    අරාබිකරයේ ඉන්නා නායකයන් එලවලා පත් කරන්න යන්නෙ මොන විදියේ අයද?
    කෝ.... මේ විප්ලවයට නායකත්වයක්....
    FB එකේ පිහිටෙන් පටන් ගත්තත් දැන්වත් මේවට වගකීමක් ගන්න පුලුවන් නායකයෙක් ඉන්න ඕන නේද?

    එහෙම නූනොත්, මේ වැඩ වලින් ඇති වන රික්තය පිරවෙන්නේ ඔහු කියන විදියට හමුදා ජුන්ටාවකින් හෝ ඇමරිකාවෙන් නේද?

    ඔහු කියන තරම් මේ විප්ලව අවිධිමත් නෑ කියලද ඔබ කියන්නේ...

    ලිබියාවට එරෙහිව මානන ඇමරිකාවට, ඔවුනගේ මාධ්‍ය ආයතන එලිපිටම support කරන්නේ නැද්ද?
    ගඩාෆි ලිබියාවට කල හොද දේවල් ගැන ඔවුන් කතා වෙන්න නෑ කියන කතාව ඔබ පිලිගන්නවද?

    මම මේ ඇහුවේ මොහාන් මහත්තයගේ ලිපිය හා ඔයාගේ කොමෙන්ට් එක කියවද්දි මට ඇති වුන ගැටලු ටිකක්....

    (Midea මුදලාලිලාගේ රාජ්‍ය පාලනය.....ලිපිය මවිසින් ලියන ලද්දේ 2010.02.27 බව මෙහිලා සඳහන් කල යුතුය....)

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මම ඔය ලිපිය ගැන දන්නෙ නැහැ ..මම පදනම් කරගත්තේ ඒ මහත්තය විද්‍යුත් මාධ්‍ය වල්දි දක්වන අදහස් ගැන .ගඩාෆි කරන දේවල් හරියි කියල හිතනව නම් ඉතින් ඔයා ගැන හිතාගන්න පුලුවන් , මේ වෙනකොට නේටෝව ලිබියාව ආක්‍රමනය කරන්න සූදානම් හැබැයි මූලිකත්වය ඇමෙරිකාවෙන් නෙවෙ යුරෝපයෙන් ඇමරිකාවර ටිකක් පස්ස ගහල තාම ඉන්නෙ . මේ වෙලාවෙ ලිබියාවෙ සිදුවෙන දේවල් ලෝකයාට කියල ලෝකයාගෙ ඇහැ ඇරවන එකයි මාධ්‍ය වල වගකීම , නැතුව ගඩාෆිට සුදු හුනු ගාන එක නෙවෙයි . FB වලට විපලව කරන්න බැ . ඔය නැඟුනෙ ඒකාධිපතිතිවයට එරෙහිව පීඩිත ජනතාවගෙ හඬ . ඒහෙම නැගුන හඬක් වෙන රටක් වැරදි විදිහට පාවිච්චි කරන එක වෙන්න පුලුවන් , ඒත් මේ වෙලාවෙ කරන්න ඕනි බොරු අර්ථකතන දිදී ගඩාෆි තමන්ගෙ රටේ මිනිස්සු මරන කම් බලා ඉන්න එක නෙවෙයි . ඊට විරුද්ධව මිනිසත් කමෙ නාමයෙන් පෙල ගැහැන එකයි

  1. Gayan Anuradh Liyanage

    ආහ්... එහෙමද??? කොහොමත් ඒ මහත්තය විද්‍යුත් මාධ්‍ය වලදි දක්වන්නෙත් ඔය අදහස්ම තමයි....

    මං ගඩාෆිට සුදු හුනු ගාන්න කියනව නෙවෙයි....
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ... මේ විදියට පවතින ආණ්ඩු (ඒකාධිපති හරි මොකක් හරි ) අස්ථාවර කරල අලුතින් ඇති කරන්න යන ආණ්ඩුවලට කෝ මහජනතාව තුලින් ඉස්මතු වන නායකයෝ. ඒ රික්තය පිරෙන්න කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.....

    FB පිහිටෙන් කියල මං අදහස් කලේ, ඒ නැගී හිටපු ජනතාවට FB එක හොඳ සන්නිවේදන මාධ්‍යක් උන නිසයි...

    දැන් එතකොට ඔය බහරේන් පැත්තෙ මුස්ලිම් වර්ග 2ක දෙකට බෙදිලා මරා ගන්නෙත් මිනිසත්කමේ නාමයෙන්ද???

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මුස්ලිමාල කෘතිමව තමන්ගෙ ජාතිය වර්ධනය කරගන්න ගියාම ඔය වගෙ සීන් ඇවිල්ලා හැඳි ගැවෙනව ඔය කොහෙත් වෙන්නෙ ඒකයි , ඔය ම්හත්තයගෙ කතා මම අහන්නෙ අවුරුදු 10 කටත් එහා ඉඳලා . මමත් ඒ කාලෙ ගොඩක් ගරු කල මනුස්සයෙක් ඒත් දැන් දැන් එයා අදහස් ඉදිරිපත් කරත්දි බොහොම පක්ශ ග්‍රාහියි . තමන්ගෙ නායකයො හොයා ගන්න එක , එලවල දාන ඒ මිනිස්සුන්ගෙ වැඩක් ඒ නිසා තමයි ඊජිප්තුව හෝ අනික් රටවලට සෘජු ජාත්‍යන්තර බලපැම් නැත්තෙ ,නමුත් ලිබියාවෙ ගඩාෆි අනික් අය වගෙ සාමකාමිව ඉවත් නොවි දරුණු මිනිස් සංහාරයක් පටන් ගත්ත නිසා තමයි ඒකට එක්සත් ජාතින් මැදිහත් උනේ , ඒ දෙට තමයි එක්සත් ජාතීන් ගෙ සංගමය නිර්මානය උනෙත් . ලෝකයාව එතනට ගෙනිච්චෙ මාධ්‍යාතන

  1. Gayan Anuradh Liyanage

    දැන් හරිනේ.... ඔය ඊයෙ ඉඳන් ගහන්නේ, සුපිරියට. ලිබියාවට ලොවෙත් නැතිවෙන්න. ඔය මැරෙන ඔක්කම මිනිස්සු ගඩාෆිලනේ.... ඒ නිසා කමක් නෑ නේද??? එලාzzzz.....

    9/11 season 3 ඇරඹුනා.. අවසරයි කාටත් ආතල් ගන්න....

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    අපි ප්‍රභාකරන්ව අල්ලන්න යුද්ධ කරන කොට මැරුනෙ ඔක්කොම ප්‍රභාකරන් ලද ? කොටි නායක යොද ? බලෙන් අවි අතට දීපු කොල්ලො කෙල්ලො මැරුනෙ නැද්ද ? බලෙන් ඇඟේ බෝම්බ බැදල එව්ව ලමයින්ටත් අකමැත්තෙන් වෙඩි තියන්න උනා කියල දන්නව නේද ? මේ දේවල් වෙනවා කියල රටේ සිවිල් ජනතාව තොඩ පිටින් මරන්න , රටේ වැදගත් ඇමතිල් මරන්න , ආරක්ෂක ලේකම් , හමුදාපති වගේ අයව ඉලක්ක කරගන්න ප්‍රභාකරන්ට දිගටම ඉඩ දුන්නා නම් අද මොකක්ද තත්වය ????

  1. Gayan Anuradh Liyanage

    ප්‍රභාකරන් හා ගඩාෆි සංසන්දනය සදාචාර සම්පන්න නෑ කියලය් මම හිතන්නෙ.. ප්‍රභාකරන් කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් විතරයි. නමූත් ගඩාෆි කියන්නේ වසර තිස් ගානක් ස්වාධීනව රටක් පාලනය කරන රාජ්‍ය නායකයෙක්. අනෙක අපේ රටේ තිබුන ප්‍රශ්නේ අපි අභ්‍යන්තරිකව විසඳ ගත්තනේ. ලිබියාවෙත් එහෙම ප්‍රශ්නයක් තිබුන නම් තනියම විසඳ ගන්න නොදී, මොකද්ද මේ පිට උන්ට තියෙන ගාය..
    මොකද්ද මේ කරන්න හදන විලි ලැජ්ජ නැති වැඩේ කියලා (සමහර ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් කියනවයි කියල) ITN එකේ එහෙම කියන කතා එතකොට බොරුද?

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඔයා ITN බලනවද ?? ආපෝ...... . ගහන එක හරිම කියල මම කියන්න නැ . ඔක්කොම ගඩාෆිල කියන එකටයි මම තර්කයක් දැම්මෙ,

    අපේ කතාව මාධ්‍ය නේ , පුලුවන් නම් මේ දවස් වල ඔයා බනින මාධ්‍ය ආයතන දිහා පොඩ්ඩක් බලන්න. පුවතක් වාර්ථා කරන්න ඕනි කොහොමද කියල තේරෙයි . පක්ෂ වගේම විපක්ෂ අදහසුත් පලකරන හැටිත් ඒවාට තමන්ගෙ අතින්දාන අදහස් ඒ කියන්නේ ඔය " විචාරකයෝ පවසති" "මධ්‍යස්ථ මත ධාරීහූ පවසති "වගෙ ගොන්පාට් නැති හැටිත් බලාගන්න පුලුවන්

  1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    පිට උන්ට ගායක් තියනව .යම් කිසි රටක නයකයෙක් තමන්ගෙ රට වැසියාව අනිසි ලෙස තලාපෙලා දානව නම් ඒකට මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ට අයිතියක් තියනව . ඒ අයිතිය ලෝකේ හැම රටක්ම ගරු කරනව ඒක නිසා තමයි . ගඩාෆිට සම්බාධක දාන්න චීනය රුසියාව ඇතුලු හැමෝම එකතු උනේ , ප්‍රශ්නේ තියෙන්නේ මේ මැදිහත් වීම කරපු විදිහෙ ගැටලු සහගත කමක් තියනව ඒක නිසා තමයි අරාබී ලීගය , ඉන්දියාව , චීනය , රුසියාව වගේ රටවල් විරුද්ධ ( හැබැයි චීනය , ඉන්දියාව , රුසියාව විරුද්ධ වෙන එකේ වෙනත් ආර්ථිකමය අරමුනකුත් තියෙන්නෙ පුලුවන් )

    අපිට තිබුනෙ රජය ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කරපු යුද්ධයක් ඒකට කටවත් ඇඟිලි ගහන්න බැ , ලිබියාවෙ තියෙන්නෙ රාජ්‍ය නායකය තමන්ගෙ රටේ ජනතාවට එර්හිව අනිසි බලය පාවිච්චි කිරීමක් අන්න ඒ නිසයි එතනට ජාත්‍යන්තර මැදිහත් වීමක් ඕනි , හැබැයි මේ කරන විදිහටම නම් නෙවෙයි

  1. ෆැන්ටසි

    "අධිරාජ්යනවාදය" නොනවතින ක්රිමයාදාමයක්.සෑම දිශාවකටම පැතිරීම,පැලපදියම් වීම ,බලය පැතිරවීම අධිරාජ්යාවාදයේ නිසග ලක්ෂණයකි.ලෝකයේ බලවත් රටවල් තම බලය දුබල රටවල් කෙරේ පතුරවමින් තමාට හිතවාදී පරිසරයක් ඇතිකර ගැනීමේ අසාධාරණ ගමනක යෙදී සිටී..මේ අනුව එක් එක් රටවලට වෙන් වෙන් වූ න්යාකයපත්රී ඔවුන් ක්රි යාත්මක කරන්නේ මානව හිමිකම් සමානාත්මතා වැනි සංකල්ප දරා ඊට පටහැනි ලෙසය.
    තමන්ට අභියේගයක් විය හැකි රටවල් හදුනාගෙන ඒ ඒ රටට අවේනික විදියට ඔවුන් පහර දෙති.එදා සුද්දන් ඇවිත් කෙලින්ම අපේ රට ආක්රරමණය කලා මෙන් අද එලිපිට නොකරත් මෙම ක්රි යාවලිය අදද ක්රිනයාත්මක න්යා්යක්.එදා මෙන් නොව අද අධිරාජ්ජ්යලවාදය සදහා අවි අයුධ යොදා ගන්නේ බැරිම තැනය.ඊට පෙර ඔවුන් මාධ්ය ය ,සිනමාව ,සංස්කෘතිය,ආර්ථිකයේ සිට අහාර ,ඇදුම් පැළදුම් හා විලාසිතාද මෙවලම් ලෙස යොදා ගනී.බෙදුම්වාදය අද ලෝකයේ රටවල් දුර්වල කිරීමට යොදා ගන්නා මුලික මෙවලමක් වී ඇත.අද චීනය ඇමරිකානු හිතවාදී පරිසරයක් ඇතිවන පරිදි වට කර අතුවාක්‌ මෙන් (ඉරානය හැර )ඉන්දියාවට බලපෑම් කිරීම සදහා ක්රිහයාත්මක වූ න්යාපයපත්රවයේ ප්රමතිඵල අදද අපට අත් විදින්නට සිදු වේ.බෙදුම්වාදයට උදව් දෙන්නේ දෙමල ජනයාට ඇති ආදරය නිසා නොවේ,එසේනම් පලස්තීන ජනයාටද ඔවුන් ආදරය විය යුතුය..ලිබියාව ඇතුළු රටවල තත්වය වටහාගෙන අදාල මොහොතේදී ඔවුන් ක්රිතයාත්මක වුනේ රටවැසියන්ට ආදරේකට යයි සිතීම පරිණත භාවයේම අඩුවකි.මෙහි වූ සැගවුණු අධිරාජ්ජ්යමවදී අරමුණ කුමක්ද?
    ලෝකයේ බලය පැතිරවීම හා පවත්වා ගැනීමේ ප්රවධාන තීරණාත්මක සාධකය වන්නේ සීමිත අත්යරවශ්යී සම්පතක් වූ තෙල් සම්පතයි.නමුත් ලෝකයේ තෙල් වලින් 65% පැතිර තිබෙන්නේ ගල්ෆ් රටවලය.මේ කුණාටුවේ හේතුව ඒකාධිපතිවාදය නොව බීජය වන්නේ අධිරාජ්ජ්ය්වදයමය.මේ සදහා ඔවුන් මෙවලම් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ,මානව හිමිකම් ,මාධ්යාය යොදා ගනිමින් සිටී ,මින් මිදීම සදහා අප කල යුත්තේ අපට අනන්‍ය ගැති නොවූ සමාජ ,ආර්ථික ගමනක යෙදීමයි.

  1. Gayan Anuradh Liyanage

    සැබවින්ම සොයුර, ඔබගේ විග්‍රහය තුල මෙම ලිපිය හරහා මා ගෙනහැර දැක්වීමට උත්සහ කල සියලු කාරණා මැනවින් අන්තර්ගත කොට ඇත. ලිපිය ලියන සමයේ අනුමාන කල දෑ වර්තමානයෙදී යථාර්තයක් වීම ගැන මාහටද ඇත්තේ කණගාටුවකි. කෙසේවෙතත් මේ කාරණය කෙරේ පරස්පර විරෝධී අදහස් දරන්නන්න් ද සිටිනා බව පෙනෙයි. එසේ සිතීමට ප්‍රජත්‍රන්ත වාදය තුල අවකාශ තිබේ. එහෙත් අවසාන වශයෙන් අප අදිටන් කරගත යුත්තේ මේ හමනා කුණාටුවට හසු නොවී මාතෘ භූමිය තවදුරටත් රැකගැනීමට නේද?

Post a Comment