B+
Posted by B+ පිටුවෙන් අපේ බලාපොරොත්තුව ඔබට කතන්දර කියන එක. හැබැයි මේව අපි හදපු කතා නෙවෙයි. අපිටත් ඇහුන කතා. මේව වැඩිය දිග නෑ...කියවන්න. කියවල පොඩ්ඩක් හිතන්න! ගන්න දෙයක් තියෙනවනම් ගන්න. B+
01.අශ්ව පුතා...
01.අශ්ව පුතා...
අද අපේ පලවෙනි කතාව. මේක අශ්ව තාත්තෙකුයි පුතෙකුගෙයි කතාවක්. මේ දෙන්න හිටියෙ හොඳ තණ බිමක. එත් මේ පුත්තරයට මේ පොට් එක එච්චර ඇල්ලුවෙ නෑ. හැමදාම තාත්ත එක්ක කේස්. "මේක හරි නෑ. අපි වෙන ශිරා පොට් එකකට යමු" කියල. කොල්ලගෙ වදෙන් බේරෙන්නම බැරි තැන තාත්තාත් වැඩේට ඕකේ එක දුන්නා.
ඉතින් දෙන්න උදෙන්ම පිටත් උනා, හොඳ තණ පිට්ටෙන්නක් හොයන්න. දවසෙම පට්ට කට්ටක් කාල හෙව්වත්, කොහෙද, ශිරා පොට් එකක් තියා හිටපු එක තරම් හොද එකක්වත් සෙට් වුනේ නෑ. දැන් රෑ වෙන්නත් ඇවිත්. පුත්තරය පොර වගේ ආවට මොකද දැන් හොදටම හති වැටිලා. අන්තිමට තාත්තා කියනව, "හොඳයි, මං දන්න තව එක තැනක් තියෙනව, එතෙන්ටත් ගිහින් බලමු කියලා. පුතන්ඩියත් දැන් ඉන්නෙ එපා... වෙලා නිසා, "ඕන තැනක් තාත්තේ.. යමු" කියුවා.

තාත්ත කලේ කෙටි මගකින් ආපහු කලින් හිටිය පරණ තණ බිමටම ආපු එක. රෑ වෙලා තිබුන නිසා පුතාට වෙච්චදේ තේරුණේ නෑ. "ෂා... මරු පොට් එක" කියලා මාර ෆිට් එකෙන් වැටිච්ච තැනම හොඳට නිදා ගත්තා. උදේ නැගිටල බලද්දි තමයි පුතාට තේරුණේ....
අශ්ව පුතාට වෙච්ච දේ ගැන පොඩ්ඩක් හිතන්න. කතාවෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න. B+
Comments දාන්න.... මෙතන Click කරන්න....
Comments දාන්න.... මෙතන Click කරන්න....
02. දියමන්ති සහ අප්‍රිකානු ගොවියා...
මේ දිගහැරෙන්නෙ B+ පිටුවේ දෙවෙනි කතාව. පලවෙනි කතාව කාටත් මතක ඇතිනේ...(අශ්ව පුතා). අද කතාවේ අන්තිමටත් අපි ඔබට යමක් හිතන්න ඉතිරි කරනවා... ඒ ගැන පොඩ්ඩ්ක් හිතන්න! ජීවිතයට යමක් ගන්න තියෙනවනම් ගන්න...
අද අපිට මුනගැහෙන්නෙ ගොවියෙක්. එයා ඉන්නේ අප්‍රිකාවේ. ( අප්‍රිකාවේ කොහේද කියලා අහන්න එපා ඉතින්.. අපි හිතමු ඔහු හිටියේ දකුණු අප්‍රිකාවේ කියල )මේ ගොවියා ටිකක් ධනවත්. හොඳ සාරවත් ලොකූ ගොවිපලක් ඔහුට තිබුණා. ඉතින් සල්ලිත් තමන්ට ඇති තරමට ඔහුට තිබුණා. එත් ඉතින් සල්ලි කියන කාරණේදි මිනිස්සු කොයිතරම් නම් කෑදරද කියල කවුරුත් දන්නව ඇතිනේ...(මොකද ඔබයි මමයි කවුරුත් ඉතින් මිනිස්සුනෙ..) මෙයත් අපි වගේම තමයි...
මේ කාලෙ තමයි අප්‍රිකා මහද්වීපය පුරා දියමන්ති උණ පැතිරිලා ගියේ...අතිශයින්ම දුර්ලභ මේ සම්පත හොයන්න බොහෝ දෙනා පුදුම වෙහෙසක් ගත්තෙ. අපේ ගොවි මහත්මයටත් මේ ආරංචිය ලැබුණා. ඔහු කලේ, ඔහුගෙ සාරවත් ගොවිපල විකුණලා, ඒ මුදලින් මුළු අප්‍රිකාවම හා උතුරු යුරෝපයම පීරලා දියමන්ති හොයන්න පටන් ගත්ත එක
අවාසනාවක තරම කියන්නේ..ඔහුගේ සෑම උත්සහයක්ම අසාර්ථක වුනා. ඔහු දියමන්ති හොයපු කිසිම තැනකින් ඔහුට දියමන්ති ගොඩගන්න හැකි වුනේ නෑ. අතේ තිබුණ මුදල් ඔක්කමත් වියදම් කරල, ණයත් වෙලා, ණය ගෙවා ගන්නවත් බැරි තරමටම ඔහු බංකොලොත් වුනා. අන්තිමට ඔහුට ගන්න ඉතිරි වුනේ, සියදිවි නසා ගැනීමේ තීරණය විතරමයි.
මේ අතර අපේ ගොවි මහත්මයාගේ පෙරකී ගොවිපල මිලදීගත් පුද්ගලයාට, ගොවිපල හරහ ගලා යන දිය පහරක් අසලදී අහම්බයෙන් මෙන් දිලිසෙන යමක් ඇස ගැටුනා. පසුව ඒ හරහා ගොස් සොයා බැලීමේදියි ඔහු අපූරු කාරණයක් දැන ගත්තා. එය තමයි, මේ විශාල ගොවිබිම, මහා දියමන්ති ආකරයක් බව. B+