[01]
සඳ සාවි සිනාසෙන අහස දෙස බලාගෙන පුංචි පුංචි තරු පැටවුන්ට කතන්දර කියපු කාලෙට වඩා අඟල් පහලොවක විකර්ණයක් ඇදත හැකි පොස්පරස් තිරයක් දිහා බලාගෙන ඇගිලි හොලවපු කාලේ ලස්සනයි පැටියෝ.... ඇගිලි වලින් දිගඇරෙන අකීකරු අකුරු එක්ක දිනපතා ගිහින් එන හොර ගමනක්, පුංචි ජනේලෙන් බෙල්ල දික් කරලා හඳ හාමිටත් කියා ගෙන, ජංගමේ අතට අරං ඔන්න ඔහේ ඉන්නම් නිදිමත එනකන්. ආපහු උදේට නැගිටලා, නිදිමතත් අරන් ලෙක්චර්ස් ගිහින් ඇවිත් ගුලිවෙලා දොයියන්නං. ටික දවසක් යද්දි දුක් නිවන කාලයාගේ කෝපි කඩෙන් බීලම, යන තැනකට යන්නැතෑ නේද?මට මේ මොකද උනේ කියල කල්පනා කරන්න මටම හිතිලයි තියෙන්නෙ. ඇත්තටම මට මොකද මේ වෙලා තියෙන්නේ. අරමුණු නම් ඕන තරම් තියෙන ජීවිතයක්. ඒත් කෝ ඒ අරමුණු වලට යන්න පාරවල්. වල්මත් වෙනව් කියන්නෙ මේකට වෙන්න ඇති. ඒත් දෙයියනේ මේ වල්මත් වෙලා ඉන්නේ මමමනේ... පොඩ්ඩක් ජීවිතය undo කරලා බලමුද? ඔව්... ඇත්තටම ඒක හොඳ අදහසක්. අවුල් වෙච්ච නූල් බෝලයක් පූස් පැටියෙකුට දුන්නම වෙන දේ කරගන්නේ නැතිව පොඩ්ඩක් undo කරල බලන එකත් හොඳයි. ජීවිතය undo කරල එතන ඉදන් පටන් ගන්න බෑ තමයි. ඒත් ඒ උනාට මේ ඉන්න තැනට ආපු විදිය හරි බලාගන්න පුලුවන්වෙයිනේ... ඔන්න ඔහේ අපි undo කරමු.

කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිතල හිතල කාලය කාගෙන විභාගයක් ඇන ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්නේ.. ඔය සාමාන්‍ය දේ අසාමාන්‍ය විදියට මට උනේ නෑ... මූණට හම්බවෙලා වචයක්වත් කතා නොකරපු, ඒත් හිතින් යන්න තියෙන තැන් ගොඩක ගියපු ඒ කොල්ලට, කෙල්ලව අමතක කරන්න බැරිව එක එක විකාර කරනවා. ඔය අස්සෙ අර කලින් කියපු වාසනාව, කොල්ලව අලුත් පාරකට කරකවල තියනවා. අලියගෙ ඇහැතියා, බෝඩ් එක තියෙන පැත්තවත් දන්නේ නැති පොඩි එකෙක් අලියට ඇහැ තියන්න යනව වගේ, කොල්ලත් ඒ පාරෙ යනවා ඇස් ඇරගෙන අන්ධයෙක් වගේ. ඔය අතරෙ මට මතක් වෙනවා කපුගේ මහත්තයන්ගෙ සිංදුවක්. " මං මුලා වී පාර සොයාගෙන, කතරක් අසමින් යන ගමනේ... මං මුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ..." කතාව කෙටියෙන්ම පටන් ගන්න වෙන්නෙ එහෙමයි. ඒත් ඒකත් හරි පුදුමයක්. තේරෙන්න කියනවනම්, දුක කියන්න කියල මට හම්බ වෙල තියෙන්නේ.. මටත් වඩා දුකින් ඉන්න කෙනෙක්. ඒත් එයා මං තරම් expressive නෑ... මගේ තියෙන ලොකුම මෝඩ ගති ගුණයත් ඕකම තමයි කියල මට දවසක් යාලුවෙක් කියුවා... ඒත් ඉතින් ඒ ඔයානේ අනූ... එහෙම නැත්නම් ඒ ඔයා නෙවෙයි කියලා තවත් යාලුවෙක් කියුවා. දෙන්නගෙම කතා "හරි " කියල මට කියවුනා...
මම මගේ කතාව කීයද්දි, එයා මට නොදැනිම, මට ලං උනාද, නැත්නම් මම, මට නොදැනිම එයාට ලං උනාද කියන්න මට තේරෙන්නෙ නෑ... ඒක කොහොමද උනේ කියල හිතන්න හරි වෙලාවක් හම්බ උනේ කතාවට මාස හයක් උනාට පස්සෙනේ... කමක් නෑ... මේ මතක් උන වෙලේවත් ඒක මතක් කරමුකෝ.
මේ කතාව FB එකෙන් පටන් ගෙන ඊට වඩා දුරට තවමත් දුවන කතවක්. මගෙන් හරි අනිත් පාර්ශවයෙන් හරි confirm වෙච්ච request එකකින් පස්සෙ පටන් ගන්නවා chat එකක්. සාමාන්‍යයි... මුලින් Hi කිව්වෙ මමද මතක නෑ. කොහොමහරි දෙන්නම දෙන්නගෙ මූලික bio-data දීගෙන දීගෙන ගියා. කිසිම බයක් සැකක් නෑ. සාමාන්‍යයි.... ඒත් සංවාදය දීර්ඝ වෙත්ම සාමාන්‍ය තත්වය අසාමාන්‍ය උනාද මන්දා...
හ්ම්ම්.... මොකද කියන්නෙ, මං ඒ මතකය පිලිවෙලකට අවුස්සන්නද? මාත් එක්ක කාලෙ කාගෙන ඒ දේවල් අවුස්සන්න කැමති නම් "ඔන්න ඔහෙ කියල දාන්න" කියල කියන්න. ඇකමැති නම් "තියාගන්නව තමුසෙගෙ මහලොකු කතාව " කියලා හරි comment කරන්න. මම තනියම අවුස්සන් තනියමම විදල පාඩුවෙ ඉන්නම්. එහෙනම්...මම හෙට හවසට එන්නම්.. කාට හරි මේ කතාව අහන්න ඕන වෙලා තිබුණොත්, සත්තයි... මං ඔයාටත් ඇහෙන්න කියන්නම්...
- මං ඔයාගෙම ආදර සුළඟ...
6 comments:
ඉතුරු ටිකත් කියනනකෝ .....
කතාව ගොඩක් interesting.......
onna ohe kiyala danna ane..... mama kawiyakut liyannam....
-Jayaa-
තැන්කූ වෙන්න ඕනෙ මුදී & ජයා... අද හෙටම මං කතාව පිලිවෙලකට කියන්නම්.... එපා වී ගෙන ආවොත් කියන්න හොදේ... නවත්තලා දාන්නම්....
woooooooooooooowwwwwww i wanna here ur stry...... diz z awsmmmmmmm
Thank u soooooooo much.... Keep In Touch me....
2 episodes are released...
Episode 2
Full Story
Post a Comment