Liyawilla [ ලියවිල්ල ]: ලියාගේ ලියවිල්ල

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ලියාගේ ලියවිල්ල

Posted by Gayan Anuradh Liyanage

8. මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...(28.05.2011 )

පේ රටේ මිනිසුන්ගේ මතක ශක්තිය පිළිබඳ හොඳම සහතිකයක් දුන් අය අතර වසර දෙකකට පෙර අප අතරින් සමුගත් වේලුපිල්ලෙ ප්‍රභකරන් ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහුට අනුව සිංහලයන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක කාලයකි. ඔහු එම ප්‍රකාශය කලා නම් කලේ ප්‍රයෝගිකව අත්හදා බැලීමෙන් විය හැකිය. නමුත් ඒ මහතාගේ අවසන් කටයුතු සිදුවූ ඒ පුණ්‍යවන්ත දිනය නම් අපට සති දෙකකින් අමතක කල නොහැකිය. එසේ කලහැක්කෙක් මේ මාතෲ භූමියේ ජන්ම ලාභය ලබා ඇත්නම් ඔහු ගැන කවර කතාද?


                      වටෙන් වටෙන් ඇවිත් කියන්න හදන්නේ, ඔබට මේ දින වල  මාධ්‍ය නිසාවත් මතක් වෙච්ච දෙයක්මය. ඊයේ (මැයි 27) උදේවරුවේ අහම්බෙන් හෝ ඔබ රූපවහිනිය නැරබුවේ නම් සෑම නාලිකාවකම දුටු පොදු දර්ශන පෙල තුලවත් අපගේ අභිමානවත් උත්තමකාරණයක සැමරුම් සටහන් දකින්නට ඇත. වස 30ක් පුරා අමානුෂිකත්වය තුල විරූපිත වූ විකාරරූපි කාල පරිච්ඡේදයක, පරිපූර්ණත්වයට ආසන්න අවසානයක් අපි මීට වසර දෙකකට පෙර අත්වින්දෙමු.  Read More......

 

7.රෝද හයක් උඩ, සිහින රැසක් ඇත....  ( 20.03.2011 )


        පුංචි ඡන්දෙ සතියේ මැද දවසක ගත්ත එකට පිං සිද්ද වෙන්න, අපිට ගිය බදාදා ඉදන් දිග නිවාඩු ලැබෙන්න තිබුණා. ඒත් අපේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට පිං ඩබල් වෙන්න, අපේ නිවාඩුව තවත් දවසකින් වැඩි උනා. ඉතින් අපි අඟහරුවාදා උදෙන්ම දවස් 6ක නිවාඩුවක් පතාගෙන ගෙවල් බලා එන්න පාරට බැස්සා... උදේ 6.45ට විතර බෝඩිමෙන් එලියට බැස්ස ලියා, කවිඳු එකෙන් උදේට කාල, කටුබැද්දට යන්න බස් එකක් එනකන් පාරට වෙලා හිටියා...(කවිඳු එක කියන්නේ... මොරටු පුත්‍රයන්ගෙ ජනප්‍රියතම කෑම කඩය...)
                     වැඩේ කියන්නෙ මොරටුවෙ ඉදන් මාතරට යනවට වඩා අමාරුයි, මේ time එකේ 255 බස් එකක කටුබැද්ද හංදියට යන එක.. කොහොමහරි ලියා කටුබැද්දට ආවයි කියමුකෝ... කටුබැද්ද හංදියෙන් මාතර පැත්තට සෙනඟ පිරුණ බස් කීපයක් ගියත්, අදනම් හිට ගෙන යන්නෙ නෑමයි කියල, දිව විකාගෙන හිතාගත්තා. පාරෙ යන බසුත්, ගෑනු ලමයි වගෙයි කියල කතාවකුත් තියෙන එකේ, ලියා හිටියා සෙනඟ අඩු බස් එකක් එනකන්. ලියාගෙ ඔරලෝසුව හොදයි කියන්නෙ... කොහොමෙන් කොහොම හරි, සීට් කෑල්ලක් ඉතිරි වෙච්ච කතරගම CTB Express එකකට නැග ගන්න පුලුවන් උනා...
                                            දැන් අපි ටිකක් ඩීසන් විදියට කතාවට බහිමු... Read More......



 6.Media මුදලාලිලාගේ රාජ්‍ය පාලනය..... (27.02.2011)
                               

       ද වන විට ලෝකය පාලනය කරන්නේ රාජ්‍ය නායකයන්ද නැතිනම් Media මුදලාලිලාද යන ප්‍රශ්නාර්ථය, සෑහෙන කාලෙක ඉදන් ඇතිවුන එකක්... ඒකයි මේ වගේ ලියවිල්ලක් ලියන්න හිතුවේ....වර්තමාන ලෝකයේ සිදුවන ඕනෑම කාරණයක් කෙරේ ජනමාධ්‍යයන්ගේ මැදිහත් වීමක් පැහැදිලි දැකගත හැකිවී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන යැයි කියාගන්නා ආයතන කීපයක් ඔවුන්ගේ මීලඟ Target Audience එක විය යුත්තේ කුමන කලාපයද යන්න මත ලෝකය තුල නව ප්‍රවණතා ඇති කරන අතර, සමහර විට ඒවා මහා ව්‍යයසන බවට පත් වූ අවස්ථා සහ පත් වන අවස්ථා දක්නට ලැබෙනවා. මේ අදිසි යථාර්තය සිනමාකරුවන්, කාටූන්කරුවන් වැන්නවුන් පෙන්වා දුන්නද තවමත් ඒවා එම අදිසි ස්වරූපයෙන්ම ක්‍රියාත්මකවීම වැඩි වෙනවා මිස අඩු වී නැත.ඒවායේ තියෙන අදිසි ස්වරූපය නිසාම මං මේ කියන්නේ මොනව ගැනද කියා ඔබට පැහැදිලි වැටහීමක් නැති වියද හැක. එනිසා මං ජාත්‍යන්තරය ගැන කතා කරන්නට කලින් අපේ රටේ ඇස් පනාපිට සිද්දවෙන මාධ්‍ය මෙහෙයුම්වල ගති ස්වභාවය ලියාගෙ ඇසින් පොඩ්ඩ්ක් කියන්නම්.... ( ලියා ඉතින් මීඩියා වලට  ඍජුව සම්බන්ද කෙනෙක් නෙවෙයිනේ.. පොඩි ප්‍රේක්ෂකයෙක් විතරයි...ඒ නිසා මේ ලියන දේවල් ක්ෂේත්‍රයේ කවුරුහරි අහම්බෙන් හරි දැක්කොත් ලියාගෙ වැරදි, නිවරදි කරයි කියල හිතලයි මේ ලියනනේ...)
                       
                      ලෝක පාලනය තවම නෛතිකව මීඩියා වලට ලබා දී නැතත් බොහෝ රටවල මිනිසුන්ගේ සංස්කෘතික ජීවිත වල මහ බැංකුව වෙලා තියෙන්නෙ නම් ජනමාධ්‍ය තමයි. ලංකාව කියන රට භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද සාපේක්ෂව තිබෙන මාධ්‍ය ආයතන සංඛ්‍යාව විශාලයිනෙ.   Read More......                         


 5.නොහඳුනන වැලන්ටයින්... (16.02.2011)

    වැලන්ටයින් දවස ගෙවිලත් දවස් 2ට පස්සේ ඒ ගැන පොස්ට් දාන්න මූට පිස්සුද කියල සමහරු හිතනවා ඇති. අනේ මන්දා?? ඒත් ඇත්ත කතාව මේකයි.
   මං මාර ට්‍රයි එකක් දුන්නා 14, 15, 16 කියන දවස්තුනේදිම, වැලන්ටයින් දවස සහ ආදරය ගැන ලියවිල්ලක් ලියන්න. කොහෙද, කොච්චර ලියන්න හැදුවත් අතරමඟ මාව හිරවෙනවා. දත්ත නැතුව. පස්සේ මම දත්ත හෙව්වා. කවුරුත් තම තමන්ගෙ blogs වල special valentine editions කරලා තිබුණා. මම ඒවා ගොඩාක් කියෙව්වා. දත්තත් ගොඩාක් ලැබුණා. ඒත් ලියවෙන්නෙ නෑ.... 




4.සමනළයකුට වෙඩි තියලා.... (16.02.2011)

            මම ඉපදුනේ ඔක්තෝම්බර් මාසෙ 4 වැනිදා වුනාට මගේ පියාට මගේ වයස මතක් වෙන්නේ පෙබරවාරි 16 වෙනිදට. ඒ ඇයි කියල ඔබ සිතනවා ඇති. ඒකට හේතුව සමනළයෙක්...
ඒ සමනළයා ගැනයි මේ කෙටි සටහන....

          මං ඉපදිලා මාස 4ක් ගිය තැන තාත්තාගේ ලෝකයේ ආසම කරපු සමනළයට පවුකාර අධමයෙක් වෙඩි තියලා. ඒ සමනළයා, සමනළයෙක් වුනේ අපේ තාත්තට විතරක් නෙවෙයි. ලංකාවෙ ඉන්න හිතක් පපුවක් තියෙන කාටත් ඔහු සමනළයෙක්.  ඒත් මේ අහිංසක සමනළයගේ ජීවන ගමන මීට විසිතුන් අවුරුද්දකට කලින් අද වගේ දවසක නතර වුනා... නතර වුනා නෙවෙයි, නතර කලා....
"අම්මපා...හදවත පැලෙනවා" යැයි මිනිස්සුන්ට කියවුනේ එ නිසා වෙන්න ඇති.
 
                     ආදරණීය විජය කුමාරතුංගයනි, ඔබ නැති හෙළ සිනමාවට වී ඇති දෙය ඔබට පෙනෙනවාද? අනාවැකිකරුවන් කී ලෙසටම ඔබේ වියෝව හෙළ සිනමාව මහා අගාධයකට තල්ලු කිරීමක් වුනා නේද? මක් නිසාදයත් විජය කුමාරතුංග යනු හෙළ සිනමාවේ මහා සංස්කෘතික බල කණුවයි. නමුත් ඔබ ඉතිරි කර ගිය මතක තවමත්, ඉදිරියටත් බොහෝ පිරිසකගේ හදවත් තුල දෝංකාර දේවි. හැමදාටම....

අසහාය කලාකරුවාණෙනි,
ඔබයි අපේ නිර්භීත, අහිංසක වීරයා....
හැමදාටම....


  

3. ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...   (09.02.2011)

                                 

"ඇත්තටම අපි නිදහස්ද?" මැයෙන් පසුගිය නිදහස් දිනයේ මුදාහැරි ලියවිල්ල වෙ ලැබුන comments හමුවේ ලියාට හැඟුන දෑ නැව ලියවිල්ලකට එක් කල යුතු යැයි සිතුනා. (එල මචං, මාරයි..,පට්ටයි බං,මට ඇඩෙන්න ආවා.. වැනි comments 50ක් 60ක් නැති වුවද වැදගත් comments සුලු ප්‍රමාණයක් හෝ ලැබීම ආධුනිකයකු වශයෙන් ලියාට විශ්මිත සතුටක් ගෙන දීමට සමත් වුනා.)

        පෙර කී ලියවිල්ල තුලදී 48 දී ලැබූ නිදහස හුදු නාමමාත්‍රික, ලේඛනගත නිදහසක් ලෙස ලඝු කොට අර්ථ දැක්වීමට මට අවශ්‍ය වූයේ නැත. එය වනාහී වසර 400ක හෙල ජනයාගේ ලේ දහදිය නිදන්ගත වෙමින් ලද සුවිශේෂී අරගලයක අවසානය බව මම පිලිගනිමි. නමුත් මා හට එහිලා ඇති ගැටළුව වන්නේ, ආරම්භයේ හා මැදභාගයේ එම අරගලය තුල පැවති ජාති ආලය හා ජතිකත්වය පිළිබඳ පහන් ආකල්ප අවසානයේදී ඉතිරි වූවාද යන්නයි. සුදු අධිරාජ්‍යවාදීන්, රාජ්‍ය අත හැරියද ඔවුන්ගේ ගෞරවය නැති කර නොගත්තේය. හෙලයන් ලැබූ ජය තුල අනාගතයේදී ආඩම්බරයක් ඇති නොවන තැනට වැඩ කිරීමට උන් උපායශීලී විය.
                          
2. ඇත්තටම අපි නිදහස්ද ???   (04.02.2011) 

නිදහසට 63 යි. එහෙමයි කවුරුත් කියන්නෙ. ඒත් ඒකද සැබෑ නිදහස. ඒක් අපි සුද්දන්ට නීත්‍යානුකූලව යටත් වෙලා හිටපු අන්තිම දවසෙ සැමරුම නේද? සැබෑ නිදහස කියන්නේ දුෂ්ට බලවේගයක් සහමුලින්ම පරාජය කොට ලබන නිදහසට නෙවෙයිද? එහෙම බැලුවම ලියාට නම් තාම නිදහසට 3/2 යි.(අවු:1.5). කවුරුත් අවංකව පිලිගන්නවනම්, ලියාගෙ පරම්පරාවේ කාටත් නිදහසට 3/2 යි තමයි. මොකද අපි කවුරුත් ඉපදුනේ අර්ධ වශයෙන් යටත් විජිතයක බව කාටත් මතක ඇතිනේ. (ඒත් මේ වෙනකොට හුග දෙනෙකුට ඒ බව මතක නෑ. යුද්ධයක් තිබුනද තියා කොටි කියල ජාතියක් හිටියද කියලවත්..)     Read More...


               
           වසරක් ගෙවී නව වසරක් උදා වී ඇත. ලියවිල්ලේ ලියන්නට දෙයක් නොමැතිව සති කිහිපයක් කල් මරමින් සිටි මට ,  වෙනස්  දෙයක් ගැන වෙනස් විදියට ලියමින් "ලියවිල්ල" ඇරඹීමට සිත් විය.
                               දිනය 2010. 12. 29 , බදාදා .  දිනය ඇරඹුමම වෙනස් කෙටි පණිවිඩයකින් ඇරඹුනද දිවා කාලය පුරාවටම විශේෂිත වූ වෙනසක් නොදුටුවෙමි. නමුත් රෑ බෝවීමේදී වෙනස් අත්දැකීම් කිහිපයක් අත්විදීම තුල, ලියන්නට දෙයක්ද ඉතිරි විය.   

 
                        
                    "වෙනස" කියන්නේ ITN එකේ බදාදා රෑ 10 ට telecast වෙන program එකක්.(නොදන්න කෙනෙකුට දැන ගන්නයි කිව්වේ...)
 
මේක ITN එකේ විතරක් නෙවෙයි, ලංකාවෙ TV channel සියල්ල තුල වෙනසක් ඇති කරවන්නට සමත් ගාමක බලයක් ඇති, වෙනස්ම වෙනස් ආකෘතියක් හදුනගත්, සඟරාමය යැයි සාම්ප්‍රදායිකව වර්ගීකරණය කල හැකි වැඩසටහනක්.   
Share |