මම ඉපදුනේ ඔක්තෝම්බර් මාසෙ 4 වැනිදා වුනාට මගේ පියාට මගේ වයස මතක් වෙන්නේ පෙබරවාරි 16 වෙනිදට. ඒ ඇයි කියල ඔබ සිතනවා ඇති. ඒකට හේතුව සමනළයෙක්...

මං ඉපදිලා මාස 4ක් ගිය තැන තාත්තාගේ ලෝකයේ ආසම කරපු සමනළයට පවුකාර අධමයෙක් වෙඩි තියලා. ඒ සමනළයා, සමනළයෙක් වුනේ අපේ තාත්තට විතරක් නෙවෙයි. ලංකාවෙ ඉන්න හිතක් පපුවක් තියෙන කාටත් ඔහු සමනළයෙක්. ඒත් මේ අහිංසක සමනළයගේ ජීවන ගමන මීට විසිතුන් අවුරුද්දකට කලින් අද වගේ දවසක නතර වුනා... නතර වුනා නෙවෙයි, නතර කලා....
"අම්මපා...හදවත පැලෙනවා" යැයි මිනිස්සුන්ට කියවුනේ එ නිසා වෙන්න ඇති.
ආදරණීය විජය කුමාරතුංගයනි, ඔබ නැති හෙළ සිනමාවට වී ඇති දෙය ඔබට පෙනෙනවාද? අනාවැකිකරුවන් කී ලෙසටම ඔබේ වියෝව හෙළ සිනමාව මහා අගාධයකට තල්ලු කිරීමක් වුනා නේද? මක් නිසාදයත් විජය කුමාරතුංග යනු හෙළ සිනමාවේ මහා සංස්කෘතික බල කණුවයි. නමුත් ඔබ ඉතිරි කර ගිය මතක තවමත්, ඉදිරියටත් බොහෝ පිරිසකගේ හදවත් තුල දෝංකාර දේවි. හැමදාටම....
අසහාය කලාකරුවාණෙනි,
ඔබයි අපේ නිර්භීත, අහිංසක වීරයා....
හැමදාටම....
ඔබයි අපේ නිර්භීත, අහිංසක වීරයා....
හැමදාටම....
0 comments:
Post a Comment