Liyawilla [ ලියවිල්ල ]: දියමන්ති සහ අප්‍රිකානු ගොවියා...[ B+ ]

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


දියමන්ති සහ අප්‍රිකානු ගොවියා...[ B+ ]

Posted by Gayan Anuradh Liyanage Labels:

            මේ දිගහැරෙන්නෙ B+ පිටුවේ දෙවෙනි කතාව. පලවෙනි කතාව කාටත් මතක ඇතිනේ...(අශ්ව පුතා).  අද කතාවේ අන්තිමටත් අපි ඔබට යමක් හිතන්න ඉතිරි කරනවා... ඒ ගැන පොඩ්ඩ්ක් හිතන්න! ජීවිතයට යමක් ගන්න තියෙනවනම් ගන්න...  
     අද අපිට මුනගැහෙන්නෙ ගොවියෙක්. එයා ඉන්නේ අප්‍රිකාවේ. ( අප්‍රිකාවේ කොහේද කියලා අහන්න එපා ඉතින්.. අපි හිතමු ඔහු හිටියේ දකුණු අප්‍රිකාවේ කියල ) මේ ගොවියා ටිකක් ධනවත්. හොඳ සාරවත් ලොකූ ගොවිපලක් හුට තිබුණා. ඉතින් සල්ලිත් තමන්ට ඇති තරමට ඔහුට තිබුණා. එත් ඉතින් සල්ලි කියන කාරණේදි මිනිස්සු කොයිතරම් නම් කෑදරද කියල කවුරුත් දන්නව ඇතිනේ...(මොකද ඔබයි මමයි කවුරුත් ඉතින් මිනිස්සුනෙ..) මෙයත් අපි වගේම  තමයි...
                    මේ කාලෙ තමයි අප්‍රිකා මහද්වීපය පුරා දියමන්ති උණ පැතිරිලා ගියේ...අතිශයින්ම දුර්ලභ මේ සම්පත හොයන්න බොහෝ දෙනා පුදුම වෙහෙසක් ගත්තෙ. අපේ ගොවි මහත්මයටත් මේ ආරංචිය ලැබුණා. ඔහු කලේ, ඔහුගෙ සාරවත් ගොවිපල විකුණලා, ඒ මුදලින් මුළු අප්‍රිකාවම හා උතුරු යුරෝපයම පීරලා දියමන්ති හොයන්න පටන් ගත්ත එක 
                    අවාසනාවක තරම කියන්නේ..ඔහුගේ සෑම උත්සහයක්ම අසාර්ථක වුනා. ඔහු දියමන්ති හොයපු කිසිම තැනකින් ඔහුට දියමන්ති ගොඩගන්න හැකි වුනේ නෑ. අතේ තිබුණ මුදල් ඔක්කමත් වියදම් කරල, ණයත් වෙලා, ණය ගෙවා ගන්නවත් බැරි තරමටම ඔහු බංකොලොත් වුනා. අන්තිමට ඔහුට ගන්න ඉතිරි වුනේ, සියදිවි නසා ගැනීමේ තීරණය විතරමයි.
                      මේ අතර අපේ ගොවි මහත්මයාගේ පෙරකී ගොවිපල මිලදීගත් පුද්ගලයාට, ගොවිපල හරහ ගලා යන දිය පහරක් අසලදී අහම්බයෙන් මෙන් දිලිසෙන යමක් ඇස ගැටුනා. පසුව ඒ හරහා ගොස් සොයා බැලීමේදියි ඔහු අපූරු කාරණයක් දැන ගත්තා. එය තමයි, මේ විශාල ගොවිබිම, මහා දියමන්ති ආකරයක් බව. B+
Share |

3 comments:

  1. Shane

    Ela Goviya Pau...

  1. Gayan Anuradh Liyanage

    අපිත් වෙලාවකට ඔය වගේ වැඩ කරනව නේද?
    hikz...

  1. DDZ
    This comment has been removed by the author.

Post a Comment