Liyawilla [ ලියවිල්ල ]: අඳුර අභිනිෂ්ක්‍රමණය.......

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


අඳුර අභිනිෂ්ක්‍රමණය.......

Posted by Gayan Anuradh Liyanage

                                          
                              "අඳුර අභිනිෂ්ක්‍රමණය" යන උදෘතය දකින ඔබ තුල ජනිත වන අනුමානය නිවරදි විය හැක. මෙම පිටුව තුල අප ලියවිල්ලට බඳුන් කරන්නේ දහම් කරුණුතමාය. නමුත් මේවා හුදු සාම්ප්‍රදායික දහම් කරුණු කොට දක්වා, අවසන සාධුකාර දිය යුතු දහම් කරුණු නොවනු ඇත. මක්නිසාදයත් අප සාකච්ඡාවට බඳුන් කරනා දේ, ආගම යන පටු භාවිතයෙන් ඔබ්බට ගිය philosophical කරුණු වනු ඇත. නමුත් ඒ දේවල්ද ලියවිල්ලේ අනෙක් දෑ මෙන්ම  සරලය... වෙනස්ය. දාර්ශනිකව සිත්න්නෙකුට දාර්ශනිකව සිතිය හැක. එය සිතන්නාට අයත් කාර්යයක් බැවින්, ලියවිල්ල එය ලියා නවතීවි.
                              
                              ලාංකේය බෞද්ධ යථිවරයාණන්වහන්සේලාගෙන් මෑත කාලීනව සෑබෑ වෙනසක් කල සෑබෑ යථිවරයාණන්වහන්සේ ගංගොඩවිල සෝම හිමියන් බව අබෞද්ධයකු වුවද ( අවංක ) නොවලහා ප්‍රකාශ කරන කරුණක් වනු නොඅනුමානය. මුලදී සැලසුම් කරගත් පරිදි, අඳුර අභිනිෂ්ක්‍රමණයේ දිගහැරුම සෝම හිමියන්ගේ දේශනා වලින් අනුවර්තිතව සන්නද්ද කිරීමට සිතා සිටියද, ගෙවුණු පොහෝ දින සවස සුපුරුදු යතිවර මුහුණක් දුටු කල ඇරඹුම වෙනස් කිරීමට සිත් විය.
                                
                                සෝම හිමියන් තරම්ම නොවුනත් වෙනස් විදියක වෙනස් මඟක් ගෙන ශාසන අභිවෘද්ධ්යෙහිලා කටයුතු කරන උගත් ස්වමින්වහන්සේ නමක් ලෙස චිරප්‍රසිද්ධ පිටදූවේ සිරිධම්ම හිමියන් මාගේ සැලසුම් වෙනස් කල යතිවරයාණෝ විය.
                              
                    කැලණිය විශ්ව විද්‍යාලයෙන් ක්ෂුද්‍ර ජීව විද්‍යාව (Microbiology ) පිළිබඳ උපාධියකට හිමිකම් කියමින් වයස 26 ක් වන් තරුණ වියේදී භික්ෂු ජීවිතයට ඇතුලත්ව වසර 10ක පැවිදි අත්දැකීම් ඇති උන්වහන්සේ , මෑතකදීම පවසන දහම් කරුණු පැහැදිලිවම වෙනස් බැවින්, ඒ වෙනස ලියවිල්ලට ඈදීමට සිත් විය. මෙතැන් පටන් ඉදිරියට මේ ලියවිල්ල තුල දිගහැරෙන්නේ උන්වහන්සේ දේශනා කල ඒ වෙනසක් ඇති කරුණු කාරණාය. නමුත් මේ  පවසන්නේ සෑබෑ දහමදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක. පිළිතුර ඔබටම ලැබෙනු ඇත. 
                                     
                              සැබවින්ම බුදුන් සරණ යාම යනු කුමක්ද? ධර්මය දැකීම යයි කිව හැක. එසේනම් ධර්මය දකින්නේ කෙසේද??? දැනුම් සම්භාරයකින් මොළය පුරවාගත් තැනැත්තා ධර්මය දකින්නේද? එසේ නැතිනම් ධර්ම ග්‍රන්ථ වනපොත් කර සියල්ල වැමෑරිය හැක්කා, ධර්මය දකින්නේද? නැත. ( ඒ උන්වහන්සේගේ පිළිතුරයි ) ධර්මය දැකීමට නම් නිරවුල් හදවතක් තිබිය යුතුය. මක්නිසාදයත් එය හදවතට දැනෙන දෙයක් වන නිසාය. එවිට එම සංඥාපනය වැටහීමක් වන්නේය. දැන් ඔබ ධර්මය දකින්නේය. ඉහත ප්‍රකාශය අපැහැදිලියි නේද?? ඇත්ත, එය සැබවින්ම පැහැදිලි නැත. එනිසා හැකිතාක් පැහැදිලි කිරීමට උත්සහ කරන්නම්.
             
                                 ධර්මය දැකීමට අතිවිශාල කාලයක් ගත නොවේ. එය අති ක්ෂණිකව දැකිය හැක්කකි. එක් බණ පදයක්, එක් ගථාවක් අසා රහත් ඵලය ලැබූ උත්තමයන් පිළිබදව ඔබ අසා ඇතුවාට සැක නැත. ඒ සඥාපනය ලැබීමට ඔබ සිංහලයකු විය යුතු නැත. ඔබ බෞද්ධයකුද විය යුතු නැත. ඔබ මනුස්සයකු වීම පමනක්ම සෑහේ.
                  
                                 මේ කාරනය වඩාත් පැහැදිලි කරනු වස් උන්වහන්සේ, උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ, ප්‍රායෝගික උදාහරනයක් ගෙනහැර පාන්නේය. නොයෙකුත් හේතූන් මත ලංකාව හැරදමා , ඇමරිකාවේ වාසය සඳහා වඩිනා ගමනේදී ගුවන් යානාව තුලදී එතුමාව එක් ගුවන් සේවිකාවකගේ විමසිලිමත් ඇසට දිගු වේලාවක් ලක්වන්නේය. ටික වේලාවකට පසු ඇය පැමිණ උන්වහන්සේගෙන් යම් විමසීමක් කරන්නාය.
             "ඔබ දුටු විට මට යම් වෙනසක් දැනෙන බවත්, ඔබ අභ්‍යන්තරිකව අතිවිශාල සතුටකින් ගත් කරන බවක් මට පෙනෙනවා" 
                    යැයි ඇය පවසන්නීය. ඒ සතුට කිමක්දැයි විමසන විට උන්වහන්සේ පවසන්නේ,
තමන්වහන්සේ අතීතය ගැන සිතමින් කලකිරෙන්නේ නැති බවත් අනාගතය ගැන සිතමින් දුක් නොවිදිනා බවත් , මේ දකින , ඇසෙන , ගැටෙන සියල්ල සම්මතය තුල පවතින දෑ පමණක්ය යන බවත් යථාර්තය තුල කිසිවක් නොමැති බව වටහා ගෙන ඇති නිසා තමා සතුටු වන්නේයැයි පවසන්නේය.

                               මේ පිළිතුර අසන ගුවන් සේවිකාව කඳුලු බේරමින් පවසන්නේ මට ඔබ කියන දෙය දැනෙනා බවය. සිරිධම්ම හිමියන්ගේ ප්‍රකාශයට අනුව ඒ මොහොතේ ඇයට දැනුන එම චිත්තප්‍රකම්පනයට හේතුව ඇයට ධර්මය දැනීමයි. එය කිසිසේත් වචනයෙන් විස්තර කල නොහැක්කකි. මවක්, පියෙක් තම දරුවන්ට ඇති ආදරය කෙලෙසක හෝ වචනයෙන් විස්තර කලද ධර්මය තමන්ට වැටහුනු බව කෙලෙසකවත් තවකෙකුට වචනයෙන් විස්තර කල නොහැකි කරුනක්ය යන්න උන්වහන්සේගේ පැහැදිලි කිරීමයි. 
                              
                            නැවතත් පවසන්නේ නම්, ධර්මය දැකීම සිදුවන්නෙ හදවතට දැනීමෙනි. හදවතට දැනෙන දෙය පිලිගත යුතුය. නමුත් අවාසනාව නම් දැනුමෙන් සුපෝශිත මොලය විසින් හදවත යටපත් කිරීමයි. තණ්හාව සංචිත කොටගෙන ඇති මොලය ඔබව මුලා කරන්නේය. මඟ වරද්දන්නේය. ඔබ මොලයෙන් පාලනය වනතාක් ඔබට හදවතට සමීප විය නොහැක. මේ කාරණාව පැහැදිලි කිරීමට පිටදූවෙ හිමියන් ජනප්‍රිය සෙන් කථාවක් ගෙනහැර පෑහ. 
                                 

දිනක් සෙන් හිමි නමක් වෙත පැමිණෙන දැනුමින් අගතැන්පත් මහාචාර්යවරයකු, ධර්ම කාරණා තම දැනුම සමඟ තර්ක කරමින් , ඒවා වටහ ගැනීම පසෙකලන කල්හි, "මහත්තයා, අපි තේ එකක් බීල ඉමු" යැයි සෙන් හිමියන් පවසයි. ආගන්තුකයාගේ තේ කෝප්පය වෙත තේ වත්කරන හිමියන් , කෝප්පය පිරී ඉතිරී අපතේ යන ලෙස තේ වත් කරයි. මෙය දකින මහාචාර්යවරයා "ස්වාමීනි, කෝප්පය පිරී ඉතිරී යනව නොවේදැයි" විමසන විට හිමියන් පවසන පිලිතුර අපූරුය. " ඉතින් මහත්තයා, තමුන්ගේ මොළයත් මේ තේ කෝප්පය වගේ නේද? "


                               අනවශ්‍ය දෑ මොලය තුල අධිකව සංචිත වූ කල්හි, ධර්මය දැකීමට නොහැකි වන්නෙය. ඒ සඳහා නිරවුල් මනසක් ස්ථාපිත විය යුතුය. ඒ නිසයි බුදු වදනෙහි සඳහන් වන්නේ, " මා කැණිමඩල කඩා ඉවත් කලෙමි" යි කියා. 

                           බුදු දහම පිලිබඳ පනිවිඩය ග්‍රහනය කරගන්න. එය ඇත්තේ ඔබ අවටමය. ස්වභාවදහම තුලය. "බුද්ධ" යනු ස්වභාවදහම හදුනා ගත් තෙනැත්තාය. බුදුන්වහන්සේ පිරිනිවණ් පෑවද ඒ මහානුබල සම්පන්නශක්තිය මෙ විශ්ව ධාතුව තුල නොනැසී පවතින්නේය. පහන් දැල්ලක් නිවුන කල එය ගිය තැනක් නොපෙනෙන්නාසේ ඒ ශක්තියද අප අවට ස්වභාවදහම තුල විශ්ව වියාපීව නොනැසී පවතින්නේය. එසේ නම් ඒ ශක්තියට හදවතට එන්න ඉඩ දෙන්න. ඔබේ හදවත නෙලුම් පොහොට්ටුවක් බඳුය. එය අවදි වීමට ධර්මයේ හිරු කිරණ වැටීමට සලස්වන්න.  

                                මනුෂ්ශයකු වීම තුල ඔබ ලඳ භාග්‍ය අත්විදින්න. අප්‍රමාදව කුසල් පුරවගන්න. සත්‍ය සොයා යන්න. සත්‍ය ඇත්තේ සම්ප්‍රදාය තුල නොවන බව වටහා ගන්න. ලොව සියලු ආගමික කතෘන් සාම්ප්‍රදායික නොවී රැඩිකල් වූයේ මේ පවතින සාම්ප්‍රදාය තුල නොමැති සත්‍ය සොයා යාමටයි. 




                                  ලුත් අවුරුද්දක් උදා වී තවම වැඩි කලක් ගතවී නැත. මේ අලුත් අවුරුද්දේ සියල්ල අලුත් කරන්න සේ තමුන්ගේ සිතද අලුත් කරගන්න.
අලුත් වන්න.
පුරුදු කරන්න හිතට,
නිදහස්ව ඉන්න !!!









Share |

0 comments:

Post a Comment