Liyawilla [ ලියවිල්ල ]: නුඹ ගැනයි මං ලියුවේ...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


නුඹ ගැනයි මං ලියුවේ...

Posted by Gayan Anuradh Liyanage


හිරු කිරණ හැඩ කලා දිලිසෙනා සුදු මූණ...
සුලඟ නෑ සැර කලේ දගකලත් කෙහෙරැල්ල...
නුඹෙ සිනා හඬ ඇසී නිහඬ විය කිංකිණිද...
කිතිකැවී හිනහුණා පා ගැටුණු තණ පලස...

කවි ලියනු වගක් නැති මටත් කවි ලියවෙව්ව...
කවිකාරි නුඹම වෙයි කවියක් වගේ ඉන්න...
මම නැතේ කවි ලියුවේ නොසිතමයි ලියවෙන්නේ...
කවිද මම දන්නෙ නෑ, නුඹ ගැනයි මං ලියුවේ... 
Share |

5 comments:

  1. Unknown

    කවි දන්නෑ කියලා බොරු නේ කියලා තියෙන්නේ...

  1. Gayan Anuradh Liyanage

    හෙ හෙ.. ඔයාට කවි කියල හිතුන නම් මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි මිත්‍රයා..

  1. The තරුවා

    ලස්සනයි...

  1. Gayan Anuradh Liyanage

    ස්තුතියි...

  1. වෙද සිතක සිත්තම

    නියමයි තව ඉස්සරහට් යමු..

Post a Comment