Liyawilla [ ලියවිල්ල ]: අකීකරු අකුරු...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


අකීකරු අකුරු...

Posted by Gayan Anuradh Liyanage


මේක කතාවක්ද?
නෑ.....
එහෙනම් මේක කතාවක් නෙවෙයිද?
ඒත් නෑ.....
එහෙනම් මොකද්ද?
කතාවක් නොවන කතාවක්....
කියවලම බලන්නකෝ.......


___________________________________________________________________________________
 
 [ 01 ]
ඳ සාවි සිනාසෙන අහස දෙස බලාගෙන පුංචි පුංචි තරු පැටවුන්ට කතන්දර කියපු කාලෙට වඩා අඟල් පහලොවක විකර්ණයක් ඇදත හැකි පොස්පරස් තිරයක් දිහා බලාගෙන ඇගිලි හොලවපු කාලේ ලස්සනයි පැටියෝ.... ඇගිලි වලින් දිගඇරෙන අකීකරු අකුරු එක්ක දිනපතා ගිහින් එන හොර ගමනක්, පුංචි ජනේලෙන් බෙල්ල දික් කරලා හඳ හාමිටත් කියා ගෙන, ජංගමේ අතට අරං ඔන්න ඔහේ ඉන්නම් නිදිමත එනකන්. ආපහු උදේට නැගිටලා, නිදිමතත් අරන් ලෙක්චර්ස් ගිහින් ඇවිත් ගුලිවෙලා දොයියන්නං. ටික දවසක් යද්දි දුක් නිවන කාලයාගේ කෝපි කඩෙන් බීලම, යන තැනකට යන්නැතෑ නේද?

                    මට මේ මොකද උනේ කියල කල්පනා කරන්න මටම හිතිලයි තියෙන්නෙ. ඇත්තටම මට මොකද මේ වෙලා තියෙන්නේ. අරමුණු නම් ඕන තරම් තියෙන ජීවිතයක්. ඒත් කෝ ඒ අරමුණු වලට යන්න පාරවල්. වල්මත් වෙනව් කියන්නෙ මේකට වෙන්න ඇති. ඒත් දෙයියනේ මේ වල්මත් වෙලා ඉන්නේ මමමනේ... පොඩ්ඩක් ජීවිතය undo කරලා බලමුද? ඔව්... ඇත්තටම ඒක හොඳ අදහසක්. අවුල් වෙච්ච නූල් බෝලයක් පූස් පැටියෙකුට දුන්නම වෙන දේ කරගන්නේ නැතිව පොඩ්ඩක් undo කරල බලන එකත් හොඳයි. ජීවිතය undo කරල එතන ඉදන් පටන් ගන්න බෑ තමයි. ඒත් ඒ උනාට මේ ඉන්න තැනට ආපු විදිය හරි බලාගන්න පුලුවන්වෙයිනේ... ඔන්න ඔහේ අපි undo කරමු.    

                   මට මේ වෙනස දැනුනේ මාස කීපෙකට කලින් ඉඳන්. මොකද්ද මන්ද වාසනාවකට හරි අවාසනාවකට හරි එහෙම උනා. ඒත් මට හැමදේම වෙන්නෙ  වාසනාවට. ඒ මගේ එකම විශ්වාසය.  අද මේ අකීකරු අකුරු ලියවෙන්නෙ හරි, එදා මට මේ දේ වුන නිසානේ... එත් මේක එහෙමකට ලොකු කතාවකුත් නෙවෙයි. ගැඹුරෙන් බැලුවොත් පොඩිත් නෑ.. තව ටිකක් ගැඹුරින් බැලුවොත් ඇති දෙයක් ඇත්තෙම නෑ.... ඒ තරම්ම සරලයි.. 

                     කොල්ලෙක් කෙල්ලෙක් ගැන හිතල හිතල කාලය කාගෙන විභාගයක් ඇන ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්නේ..  ඔය සාමාන්‍ය දේ අසාමාන්‍ය විදියට මට උනේ නෑ... මූණට හම්බවෙලා වචයක්වත් කතා නොකරපු, ඒත් හිතින් යන්න තියෙන තැන් ගොඩක ගියපු ඒ කොල්ලට, කෙල්ලව අමතක කරන්න බැරිව එක එක විකාර කරනවා. ඔය අස්සෙ අර කලින් කියපු වාසනාව, කොල්ලව අලුත් පාරකට කරකවල තියනවා. අලියගෙ ඇහැතියා, බෝඩ් එක තියෙන පැත්තවත් දන්නේ නැති පොඩි එකෙක් අලියට ඇහැ තියන්න යනව වගේ, කොල්ලත් ඒ පාරෙ යනවා ඇස් ඇරගෙන අන්ධයෙක් වගේ. ඔය අතරෙ මට මතක් වෙනවා කපුගේ මහත්තයන්ගෙ සිංදුවක්. " මං මුලා වී පාර සොයාගෙන, කතරක් අසමින් යන ගමනේ... මං මුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ..." කතාව කෙටියෙන්ම පටන් ගන්න වෙන්නෙ එහෙමයි. ඒත් ඒකත් හරි පුදුමයක්. තේරෙන්න කියනවනම්, දුක කියන්න කියල මට හම්බ වෙල තියෙන්නේ.. මටත් වඩා දුකින් ඉන්න කෙනෙක්.  ඒත් එයා මං තරම් expressive නෑ... මගේ තියෙන ලොකුම මෝඩ ගති ගුණයත් ඕකම තමයි කියල මට දවසක් යාලුවෙක් කියුවා... ඒත් ඉතින් ඒ ඔයානේ අනූ... එහෙම නැත්නම් ඒ ඔයා නෙවෙයි කියලා තවත් යාලුවෙක් කියුවා. දෙන්නගෙම කතා "හරි " කියල මට කියවුනා... 
                     මම මගේ කතාව කීයද්දි, එයා මට නොදැනිම, මට ලං උනාද, නැත්නම් මම, මට නොදැනිම එයාට ලං උනාද කියන්න මට තේරෙන්නෙ නෑ... ඒක කොහොමද උනේ කියල හිතන්න හරි වෙලාවක් හම්බ උනේ කතාවට මාස හයක් උනාට පස්සෙනේ... කමක් නෑ... මේ මතක් උන වෙලේවත් ඒක මතක් කරමුකෝ.
                       මේ කතාව FB එකෙන් පටන් ගෙන ඊට වඩා දුරට තවමත් දුවන කතවක්. මගෙන් හරි අනිත් පාර්ශවයෙන් හරි confirm වෙච්ච request එකකින් පස්සෙ පටන් ගන්නවා chat එකක්. සාමාන්‍යයි... මුලින් Hi කිව්වෙ මමද මතක නෑ. කොහොමහරි දෙන්නම දෙන්නගෙ මූලික bio-data දීගෙන දීගෙන ගියා. කිසිම බයක් සැකක් නෑ.   සාමාන්‍යයි.... ඒත් සංවාදය දීර්ඝ වෙත්ම සාමාන්‍ය තත්වය අසාමාන්‍ය උනාද මන්දා... 


හ්ම්ම්.... මොකද කියන්නෙ, මං ඒ මතකය පිලිවෙලකට අවුස්සන්නද? මාත් එක්ක කාලෙ කාගෙන ඒ දේවල් අවුස්සන්න කැමති නම්  "ඔන්න ඔහෙ කියල දාන්න" කියල කියන්න. ඇකමැති නම් "තියාගන්නව තමුසෙගෙ මහලොකු කතාව " කියලා  හරි comment කරන්න. මම තනියම අවුස්සන් තනියමම විදල පාඩුවෙ ඉන්නම්. එහෙනම්...මම හෙට හවසට එන්නම්.. කාට හරි මේ කතාව අහන්න ඕන වෙලා තිබුණොත්, සත්තයි... මං ඔයාටත් ඇහෙන්න කියන්නම්...

- මං ඔයාගෙම ආදර සුළඟ...

----------------------------------------------------------------------------------------------------------------------------


[ 02 ]


හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා...
ජීවිතයම දැන් මාගේ හීනයක් වෙලා...
කෙටි කාලයකින් හමුවී.... මගෙ ජීවිතයට පැමිණී.....
ලස්සනම සිහිනෙකි ඔයා........

                      
                  හිත තෝන්තු වෙලා Facebook ගිය වෙලාවක් මගේ FB මිත්‍ර රදීශ් හදපු නිරෝෂා විරාජිනි ගයන ඒ සින්දු ඛන්ඩය අහන්න ලැබුනේ රදීශ් දාල තිබුන පොස්ට් එකකින්. මං ඒ සින්දුව ඇහුවා. දෙතුන් සැරයක් ඇහුව. ඒ වචනත් එක්ක මට මතක් වෙන්න ගත්තා. මට මතකයි.. ඔයාට මතකද ? ඔයාට සමහරවිට අමතක ඇති. ඒත් මට අමතක වෙන්නෙ කොහොමද ?  

                     මතක් වුන ඒ අමතක නොවන සාමාන්‍ය ආරම්භය. හිතුවෙ නෑ කවදාවත් මෙච්චර දුර යයි කියලා පැටියෝ...

..... එහෙනම් ඉතින් Bio-Science, sure එකටම select වෙයි නේද?
ඔව්.. bio යන්න තමයි හිතන් ඉන්නේ....
ටීචර් කෙනෙක් වෙන්න
කැමති...
හ්ම්ම්ම්....
ඕනම දෙයක් හරියට කලොත් ගොඩ තමයි..
ටීචර්ස්ලට ගොඩක් ජෙන්ට්ස්ල
ත් කැමතියි නේ....
එහෙමද? අනේ මං දන්නෑ...
හික්z... ඔයා ඉතින් බබානේ...
ඔව්, එහෙම තමයි...
හෙ හෙ......  බබාගේ ඇත්ත ෆොටෝ එකක් නැති එක තමයි අවුල....
ඒ ඇත්ත එක තමයි...
 

එහෙමද? හරී.... cute
නෑ... එහෙම නෑ...
 

හෙ හෙ...... ඒක නෙවෙයි... ගෙදරට වෙලා නිකන්ම ඉන්නවනම් මං edit කරපු videos තියෙනව youtube එකේ... ඒව බල බල ඉන්න...
නෑ නෑ... මට වැඩ තියෙනවා... මම English class යනවා...

ආ... කොහෙද?
ඔයාට මොකටද?
 

හපෝ.. බයවෙන්න එපා. මම class එන්නෙ නෑ...  අහ්...අනේ මට පොඩි වැඩකට එලියට යන්න වෙලා dear... අපි පස්සේ meet  වෙමුකෝ...
No dear.. just friend...
 

Ok OK ..., තියෙන ආඩම්බරකම... මං යනවා ආඩම්බරී... bye..
bye. bs!


                              ඒ විදියට ඉවර උනාට අපෙ පලවෙනි chat එක ඊට පස්සෙ අපි කොච්චර දෙවල් කතා කලාද බබා... ඒත් අද ,මං ඔයාට කතා කරද්දී ඔයාගේ phone එක waiting... පස්සෙ ඔයා එවපු msg එකේ තිබුණේ " එයා හුග දවසකින් කතා කලා... මට හරිම සතුටුයි" කියලා. මේව දකිද්දි මම ඔයාගෙන් ඇත් වෙන්න හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනව කරන්නද පැටියෝ... ඒත් මට ඔයාගේ සුදු පාට අහිංසක මූණ , මාව දැක්කම ඉස්සෙන දිලිසෙන ඇස්, ඔයාව අමතක කරන්න දෙන්නෙ නෑ රත්තරං.

                                 ඔයාව දැකපු මුල්ම දවස ... මතකද ඔයාට? FB එකෙන් විතරක් දැකල පුරුදු මාව, එකපාරම ඔයා අදුනගත්ත විදිය... මං දිහා ඉස්සුන ඇස් වලින් ඇහි පිල්ලම් ගහන්නෙ නැතිව බලන් හිටිය හැටි. ඔයාට මතකද? ඔයාට මතක නැතත් මං ඒව කොහොම අමතක කරන්නද? ඔයාටත් මතක් කරන්නද මං ඒවා.... ඔයා අහන් ඉන්නවනම්, මං මතක් කරන්නම්... සත්තයි... ඔයා අහන් ඉන්නවනම්........


සුවඳ මලේ..... ,

මම වෙමි නුඹෙ සුළඟ
කීව මතකද මගෙ සුවඳ මලට....
වෙන්වී යන්නට නුඹෙන් කිසි ලෙසක
ඇයි ද බැරි මලේ, මේ සුළඟට...

නොසිතුවත් වන්නට නුඹේ කිසිවිටෙක
ඇරඹි මිතුදම ඇයිද ගියේ මේ තරම් දුර....
නොදනිමි මා, මලේ එය වූයේ කෙලෙසකද
මා ඔබට පෙම් කලෙමි නොදුටුවද ඔබේ රුව....

දුටු විට පළමු දින මා නුඹේ මුව මඩල
වෙනසක් දුටුමි මා කලින් දුටු සේයා රුවට....
ඉස්වූ ඇස්  ඔබේ මාව දුටු විගස
දුටුවේද නොදන්නෙමි වෙනසක් මගේ කිසිලෙසක...

ජීවිතේ පලමු වර කෙල්ලක්ව දකින්නට
ගියපු ඒ ගමන කෙලෙස අමතක කරම්ද...
නොගැහුනත් හදවතත් පමණට වඩා සිට
චකිතයක් නොතිබුණා නොවෙයි ඔබ දැකීමට....

මා නැතේ හැඳගියේ කඩමාලු මිතුරන්ගේ
ටීෂර්ටය ඇදන් සුපුරුදුම කලිසමට....
පුයර සෙන්ට් කිසිත් නැත මා සුවඳ කරන්නට
ඩෙඩ්ෂූෂ් මට කොහිද නිකන් ෂූ වත් නැතිව....

ඉදින් පසු කථාංගය කියන්නම් විටින් විට
ඒ නමුත් අදම මට කීමටම යමක් ඇත....
කිසි දිනක නැතේ මම බොරු කලේ ඔය හිතට
නොවූවත් ප්‍රථම පෙම, ඔබයි මගේ ප්‍රථම පෙම....

                               - මං ඔයාගෙම ආදර සුළඟ...

---------------------------------------------------------------------------------------




[ 03 ]
වෙලාව හවස තුන හමාර වෙලත් ඇකුලුවෙ නැති නෙට් එක අමාරුවෙන් අකුලල ඇ උඩින් ඉඳ ගත්තේ මොනවහරි කුරුටු ගාන්න හිතාගෙන. ඉවර වෙන්න ලඟ පෑනත් අතට අරං කාමරය දිහා ඇස් යවද්දි දකින්න ලැබෙන මූසලකම හිතේ තියෙන රික්තය බිදින්න තරම් සමත් උනේ නෑ.... දූවිලි , මකුණුදැල් පිරුණු හැම මේසයක් පුටුවක් ගානෙම ඇඳුම් කෑලි. මුලු මුලු වල පොත් පත්තර ගොඩ ගහලා. හදන්න ගෙනාපු කොම්පියුටර් ලට්ට ලොට්ට ගොඩක් අස්සේ අතරමං වෙච්ච මගේ වැඩ කරන කොම්පියුටරේ. ඇත්තටම මූසලකමේ අන්තෙටම ගිය අපිළිවෙල කාමරයක්. මේක ඇතුලෙ ඉන්න එකා මොන තරම් අපිළිවෙල සතෙක් වෙන්නැතිද කියල මටම හිතුනත්, ඒ මමම නිසා මම මොනව කියන්නද? 
                   
                     කාලය හරි අපූරුවට ගෙවිල යනවා.... ඒත් අපි එකතැනමයි. ලෝකෙ වටේ රවුමක් ගිහින් හිටපු තැනටම ආව වගේ, මාත් මාස හයක් පුරාවට ආදරයේ අනන්තයටම ගිහින් ආව කියල මට හිතෙනවා පැටියෝ.... ඒත් මම හිතින් ගිය දුර සැබෑ ලෝකෙ ගියේ කොයිතරම් නම් අඩුවෙන්ද කියල ඔයයි මායි දෙන්නම දන්නවා... 

පෑන නම් ඉවර උනා. අලුත් පෑනක් අතට අරං ලියද්දී මූඩ් එකත් අලුත් වෙයි කියල හිතුවත් වැඩි වෙනසක් උනේ නෑ රත්තරන්... 
                    ආදරය මාව රැවැට්ටුවද ආදරයට මම රැවටුනාද කියන්න මම දන්නෙ නෑ. කොහොම උනත් අන්තිමට මම රැවටුනා වගේ දෙයක් වෙලා තියෙනව කියල මට හිතෙනවා. ඒත් ඒක හරිම අහිංසක රැවටීමක් පැටියෝ...  
                     හදවතට දැනෙන දේවල් විවෘතව කියන මිනිස්සු අඩු සමාජෙක, එක අතක් කරන දේ අනිත් අත නොදන්න මිනිස්සුත් එක්ක මං වගේ උන් පයගහල ඉන්නෙ කොහොමද කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් ඒ මගේ හැටිනේ.... හංගන්න දේවල් කොතෙක් තිබුනත් කිසිත් නොසඟවා සිටින විට දැනෙන මානසික නිදහස ඒ අය දන්නව නම් ඔවුනුත් මං වගේ වේවි කියල හිතෙනව පැටියෝ... අනේ මන්ද? ඒත් ඔයත් ඒ දේ දන්නෙ නැද්ද කොහෙද. 


විටෙක මං ඔයාගේ මතක අමතක කරන්න හදද්දි ඔයයි මට කිව්වේ.....  මම   දේවල් කියෙව්ව වැරදිද මගෙ රත්තරන්..... 
එදත් ඔයයි මුලින්  හායි කිව්වේ .

hi
hi
දැන් පේන්නෙත් නෑ නේද?
හ්ම්ම්ම්ම්....
මට වෛර කරනවද?
[Thakshila is offline]

offline වෙන්න එපා
ජීවිතෙන්ද???
මං නම් එහෙම තමයි කියන්නේ, ඒත් ඔයාට ඇහෙන්නේ නෑ...
මම යන්නම් එහෙනම්
අහන් ඉන්න... අහගෙන ඉන්න
මොනවද
මගෙ හිත මොනවද මුමුනනවා

හ්ම්ම්ම්ම්....
ඇහුනද?
මම යනව පොඩි වැඩකට
ok. කොහෙද යන්නෙ
තනිකම හොයගෙන. ඒකට පුරුදු වෙන්න.

හ්ම්ම්ම්ම්....

අනේ අයියා.... fb එකේ ඉන්න අනිත් girls  එක්ක cht කරන විදියටවත් මාත් එක්ක cht කරන්න plzzzzzzzzzzzz­­.
plzzzzzzzz අයියා­........­

ok... ඔයා ඊට පස්සෙ මට msg එව්වෙ නෑ නේද?

ඒ තරමටම මාව අමතකද?­­
මගෙ inbox පිරිල තිබුනෙ... කයි ඇහුවේ....
ඔයගෙ msgs මට delete කරන්න හිතෙන්නෙ නෑ....

මේ තරමට රිද්දන්න පුලුවන්නම්­­, ඇයි msgs delete කරන්න බැරි..­­ 
මට අන්තිමට ඉතිරි වෙන්නෙ ඒව විතරනෙ....
මට ඒවත් නෑ....
ඔයාට ඕනෙ නැනෙ මොකුත්, ඔයාට මාව පයට පෑගුන වැලි කැටයක් වගේනෙ..
මම ඔයට ඒ තරම් නරක විදියට සලකල තියෙනවද­­?
මට සමාවෙන්න­­... දහස් වාරයක් සමාවෙන්න­­....
ඇයි මේ.....
මම කරපු වැරැද්දට­­
මොකද්ද ඔ
යා කරපු වැරැද්ද?
මම ඔයාට මහ ලොකු වැරැද්දක් කරපු නිසා නේද­­
මෙ අසරන කෙල්ලට දරාගන්න බැරි තරමටම රිද්දන්නෙ...­­

අනේ ඇත්තටම ඔයාට මම කියන දෙවලින් රිදෙනවද පැටියෝ....
නෑ..
බොරු නේද....
මම යන්නද­­
එපා....
මං හිටියට වැඩක් නෑනෙ­­. ඔයා මාත් එක්ක කතා කරන්නෙ නෑනෙ­­...
ටිකක් කට්ටිය වැඩියි පැටියෝ... පොඩ්ඩක් ඉන්න මං කට්ටියට කියල එන්නම්
නෑ ඕන නෑ... මම යන්නම්­­...

අනේ එපා...... please wait for a while....

ඉතින් තක්ශි.... කියන්න බලන්න.
ඔයා කියන්න­­
තක්ශි කිව්වට කමක් නැද්ද? තක්ශි කියල වෙන කවුරුත් කියන්නෙ නෑනේ
නෑ
එහෙනම් මම විතරක් කියන්නම්කෝ....... ඔයාට ඒ විදියට හරි මාව මතක තියේවිනෙ.

හ්ම්ම්ම්ම්....
....
..........
..................

                    ඒත් ඔයා අද කියන්නේ " මට ඔයා මගේම අයියා කෙනෙක් වගේ, මගේ හොඳම යාලුවගෙ සීමාවෙන් එහාට ගෙනියන්න බෑ" කියලයි.  ඇත්ත වෙන්නැති. මගේ කියවීමේ දුර්වලකම මාව ඈතක ගෙනිච්චට ඔයා මොනව කරන්නද නේද?
                     ඒත් ඇයි පැටියෝ ඔයා මාව වැරදියට කියවන විදියේ දේවල් කිව්වේ... ඇයි ඔයා මට එයා වගේ නොකිව්වේ, කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි කවදාවත් හොඳම යාලුවේ වෙන්න බෑ... ආදරේ ඒ දෙන්නගෙ මැද්දට එනවා කියල. ඔයා කොච්චර නෑ කිව්වත් යටිහිතින් ඔයත් මට ආදරේ කලා නේද රත්තරන්.... ඔයා මට හැමදාම නොකියන විදියට සමහර දවසට ආදරේ ඉතිරෙන්න තවරපු ස්වරයෙන් " ඇයි මට ආදරේ කලේ පැටියෝ... පරිස්සමින් ඉන්න. බුදුසරණයි....." කියපු අවස්ථාවල මටත් ඒ දේ දැණුන රත්තරන්... මටත් ඒ දේ දැණුනා. ඒත් මං දන්නවා... ඔයා හීනෙන්වත් මාව රැවැට්ටුවෙ නෑ කියලා... ඔයා රවට්ට ගන්නෙ ඔයවමයි රත්තරන්.... ඔයාවමයි....

- මං ඔයාගෙම ආදර සුළඟ.....





සදාදරණීය දුෂ්ඨයෙක්ද මා............ (අකීකරු අකුරු 4)




 [04]
ස් දෙක පියාගෙන හිටිය ටික වෙලාවට නෙතු අස්සෙන් ඇද හැලුන කඳුලු කැට වල බර හොයන්න ගියේ නැති උනාට, ඒවායේ වෙනදා නැති දීප්තියක් තියෙන වග නම් මට හොඳටම තේරුණා.  ජීවිතේ මහා බරක් පපු කුහර අස්සේ හංගගෙන් හිටපු ඔයාටත්, හදවත පලාගෙන ඒ මහා බර පොළවට කෑගහගෙන ඇදවැටුණ වෙලාවෙ, මටත් වඩා ඇඩෙන්න ඇති නේද? ඒත් ඒ දිගු රාත්‍රියේ උනේ මොකක්ද අපි නොදන්නවට වැරදිලා හරි ඒ දේ උනේ අපි දෙන්නගේ ආත්ම වලට අවංකත්වයක් දෙන්නවත්ද? සමහරවිට ඔයාගේ හිත අස්සෙන් ඒ රහස එලියට පනිනවට ඔයත් ඒ වෙනකොට කැමැත්තෙන් ඉන්න ඇති.    
             
                   ඉස්සර මුලු ලෝකයම වුනු ඔය දෙන්නගේ ලෙන්ගතුකම, යල් පනිනකොට ඒ කල් පනින ආදරේ පිලිනු උන තැන් වමාරා කන්න මමත් ඔයාට උදව් කලාද කියල වෙලාවකට මට හිතෙනවා. ඒත් මං ඒ දේ කලේ මොනතරම් අහිංසක, පවිත්‍ර හැඟීමකින්ද කියල කාටත් වඩා හොඳට ඔයා දන්නව නේ?

" දෙපාරක් අඩන්න හිතෙන වැඩක්නෙ බං උඹට වෙල තියෙන්නෙ...වැරදිලවත් මේ වැඩේ නිසා ඒ කෙල්ල අතරමං උනොත්, උඹට සහගහනව යකෝ...."

මට නාඩි වැටෙන විදිය ගැන පවා අවබෝධයක් තියෙන ලඟම මිත්‍රයා වෙලත් ඉවක් බවක් නැතුව අතාරින කැකුලගේ ඊතල පාරවල් වලින් මගේ හිත තවත් ඔද්දල් වෙනවා මිසක් සුවපත් වෙන්නෙ නම් නෑ...

"මොනව කරන්නද බං. මං හිතාමතා කිසිම වැරැද්දක් කරල නෑනෙ"

මාත් ඔහේ කියල දැම්මේ වෙලා තියෙන දේ බර සැහැල්ලුවේද බලන්නත් එක්ක. 

"  උඹ මේ මරාලෙ පැටලුනේ විහින්මනේ... උඹල දෙන්නට මේ දේ නවත්තන්න තිබුණෙ මෙච්චර දෙයක් වෙන්න කලින්..."

" ඒත් බං, මේ හිත කියන එක මහා පුදුම එකක්. අපිට ඕන වෙලාවට ඒක නවත්තන්න බෑ බං. එහෙම නවතින්න නම්,  පණ ගැහෙන අපේ මේ හිත් දෙකත් නවතින්න වෙයි!"  
 මං ඒක කියල දැම්මෙ ආවේගයකින් උනත් ආයාසයකින් නෙවෙයි.

                    
                     කැඩි කැඩී බිදි බිදී තිබුණ අපි දෙන්නගෙ නමක් හැඳින්වීමක් නැති relationship එක ඔහුට දැනගන්න ලැබුණේ ඇත්තටම අහම්බයකින්ද කියන එක තවමත් මට සැකයක්. ඒත් කොහොමහරි අපි දෙන්නගේ නිමක් ඉමක් නැති facebook කතා දෙදාස් ගණනින් පන්සීයක්වත් එයා දකින්න ඇති. ඒ නිසාම වෙන්න ඇති මේක මේ තරම්ම එයාට දැනෙන්න ඇත්තෙ. මොකෙන් මොකක් වෙයිද කියල හිතාගන්න බැරිව මං ඉන්දෙද්දි, එයා ඔයාගෙන් උත්තර නැති ප්‍රශ්ණ ගොඩාක් අහන්න ඇත්තෙ හිතේ කේන්තියකුත් තියාගෙන වෙන්න ඇති. 

" Good morning! එයා හැමදෙයක්ම දැනගෙන. මං කරපු වැරැද්දට මට දඩුවම් ලැබෙන්න යන්නෙ..."
              
                  ඔයා එදා උදේ පාන්දරම එවපු msg එකේ තිබුණෙ එහෙමයි. එත් රත්තරන්.. අපි දෙන්න කිසිම වරදක් නොකල එකේ ඇයි ඔයා දඩුවම් විදින්න හදන්නේ....  නමක් හැඳින්වීමක් දෙන්න බැරි අමුතුම සුන්දර හදවත්   බැම්මකින් අපි බැඳුන මිසක් තුන්දොරින් සිදුවන කිසිම වරදකට හවුල්කාරකම් කිව්වෙ නෑ කියල අපි දිවුරන්න උනත් පුලුවන් නේද?

" ටික දවසකට මාව සතුටින් තිව්වට ගොඩාක් පිං අයියේ...  ඒත් ආයේ කවදාවත්ම මගේ ජීවිතේට සතුටක් නම් ලැබෙන්නෙ නැති වෙයි. මට මගේ හිත හදාගන්න, ආයෙ කවාදාවත්ම මාත් එක්ක කතා නොකර ඉන්න. please.... "   
                       ඔයා මට අන්තිමට කිව්වෙ එහෙමයි. ඒත් අපිට එහෙම නවතින්න පුල්වන්ද රත්තරන්....

හිනා වෙන්න හැදුවට මම.. හිනා වෙන්න නම් බෑ මට ...
තරහ ගන්න හැදුවත් මම.. තරහත් නෑ එන්නේ අද...
අඩන්න නම් හිතුවෙත් නෑ.. හිතන්න්වෙත් නෑ ඒ ගැන....
එත් ඔයා මතක් වෙද්දි.. ඇයි ඇඬෙන්නෙ ඉබේම මට....

                    
                   නිරන්තර දුක හිතේ තද කරගෙන පාලුවෙන් ගෙවුණු ඔයාගේ ජීවිතේට අහිංසක සතුටක් මිශ්‍ර මානුෂීය හිතවත්කමක් ලබාදෙන්න මට පුලුවන් උන එක මට මහා සතුටක්. ඒ බැදීමට අපි දෙන්න දෙවිදියකට කේන්දර හදන්න හැදුවත් ඒ බැදීමට ස්ථිරව කියන්න පුලුවන් නමක් හොයාගන්නවත් අපිට බැරි උනා නේද? කොහොමටත් අපි ඒකට නමක් හොයන්නෙ නැතිව ඉමු.

ඒත් ඔයදෙන්නගේ බැදීමට නම් එහෙම නමක් තිබුණා. ඔයා ඒ නම වෙනස් නොකරගන්න ගොඩාක් උත්සහ කල බවත්, ඒ වෙනුවෙන් අප්‍රමාණව කඳුලු හලපු බවත් මම දන්නවා. ඉර රස්නේ හොයාගෙන දුවන්න දගලන සූරියකාන්ත මලක් වගේ ඔයාත් එයාව හොයාගෙනම දුවන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.   නන්නත්තාරව නිදහසේ පාවුන ආත්මයක් වෙච්ච මං, කොහේදෝ ඉඳන් ඇවිත් ඔයාගෙ මුලු ජීවිතේටම සදාදරණීය දුෂ්ඨයෙක් උනාද කියල මගේ යටි සිත මගෙන් ප්‍රශ්ණ කරන්නෙන්
ඒ නිසා වෙන්න ඇති. 

                    බොඳව ගිය ඇස් අගින් අඬ අඬා හිනාවෙන්න, ජංගමෙන් කතා කරද්දි මිනිත්තු දෙක තුනක් කතා නොකර ඉද්දි තියෙන නිහඩ බවේ රහස අහන්න, දුක් නිවන කාලයා ආයෙ අපිටත් අවස්ථාවක් දේවි නේද රත්තරං. ඒ වෙනකං පපුතුරේ සඟවගෙන ඔයා උහුලන කඳුලු කැටේ මගෙ පංගුව, මටත් උහුලන්න, තියල තියනවා නේද?  සත්තයි!  මං ලඟින්ම ඉන්නවා.... 


- මං ඔයාගෙම ආදර සුළඟ...



ස්තූතියි..... (එපා) නැවත එන්න......    (අකීකරු අකුරු-අවසන් කොටස)

 හවල නිදිගත් පසු රාත්‍රිය උදාවෙන්නේ  පෙම්වතුන්ට අඩුවක් නැතිව සිසිල බෙදන්නද මන්දා? පෙම්වතුන්ට දවසෙම තිබුන මහන්සිය ඇති පමණ නිවා ගන්න, ගව් ගානක් දුරින් හිටියත් පපු තුරුලට තුරුල් වෙලා ඉන්නව වගේ අපරිමේය හැඟීමක් ලබා  ගන්න, රාත්‍රිය හදලා දෙන වටපිටාව කිසිම කෙනෙක් කීයක් දුන්නත් හදල දෙන එකක් නම් නෑ... මේ අව්අස්සෙ හදිස්සියකට call එකක් ගන්න බැරි තරමට mobile network busy වෙන එක අහන්නත් දෙයක්යැ...
                       
            පෙර කී හැමදේටම මාත් කාලයක් සාක්ෂි කාරයෙක් වෙලා හිටියා. ඒත් දැන් මට ඒ රාත්‍රියේ සිසිල නොදැනෙන තරමටම මගේ හිත ගිනියම් වෙලා. රාත්‍රියත් හරිම අකාරුණිකයි...

ඒ ගිණියම් වෙච්ච හිතසුවපත් කරනව වෙනුවට එයා කරන්නෙත් ඇස් අඟට කඳුළු පුරෝන එකමයි. මේ හැමදාම මාව සුවපත් කරපු රාත්‍රියම නේද කියල හිතෙද්දි මට මාවම තේරුම් ගන්න බැරි වෙන තරමටම නන්නත්තාර වෙලා යනවා.....

                       ඔයත් එක්ක ආයෙ කිසිම connection එකක් තියා ගන්න වෙන්නේ නෑ කියල ඔයා අන්තිමට call කල වෙලේ කියද්දි මට දරාගන්න බැරි වුනා. මම කිසිවක් නොකියා ජංගමේ කනේ තියන් හිටියත් ඔයා ගොඩක් දේවල් කිව්ව වගේ මට ඇහුණා. ඒත් වෙනදා උදේට Good Morning කියල ආව sms එක, දවල්ට හවසට ලෙක්චර්ස් අතරතුර ආව sms විතරක් නෙවෙයි, රෑට බෝඩිමේ ඉස්තෝප්පුවේ ඇවිද ඇවිද, ගෙදර ඉද්දි අම්මට ඇහෙනවට ඇඳේ ඉදන් රහසින් කොඳුර කොඳුර, කොයිතරම් නම් අපි කතා කලාද? ඒත් අපේ කතන්දරේ අවසන් වෙන්න සතියක් විතර කිට්ටු වෙද්දි මම call කලත් ඔයා answer නොකර හිටියා. මගේ හුගක් sms වලට reply ආවෙත් නෑ.. මම කොච්චර වෙලානම් බලං හිටියද?

               ඔයාගෙන් මට අන්තිම sms එක ආවේ මට කවදාවත් අමතක කරන්න බැරි දවසක. එදා මගේ උපන් දිනය. මම උදේ ඇහැරුනේ ඔයාගෙන් ලැබුණු  sms එකේ හඬින්. මට ඒක කට පාඩම් රත්තරං...

" සුබම සුබ උපන්දිනයක් මගේම අනූ අයියට. ඔයාගේ හිතේ  හැම යහපත් බලාපොරොත්තුවක්ම හොඳින් ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... මට සමාවෙන්න මගේ අයියේ....."

           විච්චූරණ වචන අමුණන්න දන්නෙ නැති වුනාට ඔයා මේ වචන ටික ඇමුණුවේ හිත යටින්ම ආපු පිවිතුරු හැඟීමෙන් බව මම දන්නවා... ඒත් ඊට පස්සේ ගතවුන හැම දවසක්ම මට මහා පාළු මූසල දවස් වෙන්න පටන් ගත්තා. මං කවදාවත් නැති විදියට හෝන්දු මාන්දු වෙලා. ෆෝන් එක දිහා පැය ගණන් බලං හිටියා. ඒත් වෙනදා හැලහොල්මනක් නැතිව සද්ද දාපු මගේ ජංගමය, මේසේ උඩට වෙලා ඔහේ බලං ඉන්නවා... ඔයාට call එකක් ගන්න, sms එකක් යවන්න හිතුන වාර අනන්තයි. ඒත් ඒ හැම වෙලාවටම මං හිත තද කරගත්තේ පුපුරන්න හදන බෝම්බයක් අතින් තද කරගන්නව වගේ. මට දැනුන දෙවල් ඔයාටත් ඒ විදියටම දැනුනා කියල මට තේරෙන්න පටන් ගත්තේ ඊට ටික දවසකට පස්සෙයි. 

                                     ඔයා කතා කරයි කියල කොච්චර මං බලන් හිටියත් , ඔයා කතා කලේ නෑ... ඒත් , පාරමී මට කතා කලා... පාරමී මගේ හොඳම යාලුවෙක්. එයා ඔයාව දැනගත්තෙ ඔයා යන්න ඉන්න කැම්පස් එකේ එයත් හිටපු නිසා, රෙජිස්ටර් වෙන්න යන දවසේ ඔයාට උදව් කරන්න කියල මං එයාට කිව්වට පස්සෙයි. එදා ඔයා රෙජිස්ටර් වෙලා කැම්පස් එකෙන් පිට උන මොහොතෙම  පාරමී මට කතා කලා. එදා එයා කියපු දේ, මට තාම මතකයි...

"ඇත්තටම අනූ..මට පුදුමයි. ඒ කෙල්ල තමුසෙ ගැන තියල තියෙන විශ්වාසේ තරම ගැන. ජීවිතේට දැකලත් නැති, අදුරන්නෙත් නැති කෙනෙක් එක්ක ජීවිතෙට නොගිය තැනකට එයා ගියේ අම්මවත් ගේට්ටුව ලඟ තියල"

ඒත් ඊයෙ පෙරේදා දවසක පාරමී මට කතා කරලා කිව්වෙ,
" අනූ... තක්ෂි නංගි මට කතා කලා. ඔක්කොම විස්තරේ කිව්වා... එයා හරිම අහිංසක කෙල්ලෙක්, එයාට ඔයාට දුකක් දෙන්න බෑ වගේම පරණ කෙනාට දුකක් දෙන්නත් බෑ.. එයාට තීරණයක් ගන්න බැරිවයි ඉන්නේ. ඔයා එයාගෙන් ඈත් වෙන්න  ගත්ත තීරණය දෙන්නටම හොඳයි. එයා හොඳ කෙල්ලෙක්.. ඒත් එයා මේ වෙලාවෙ දුර්වලයි... ඔයා දුක් වෙන්න එපා අනූ..."

                     පාරමී කිව්වා වගේම කාලයක් තිස්සේ මට ඔයාගෙන් දැනුන දේවල ප්‍රතිඵලයක් විදියට මං ඔයාගෙන් සදහටම, හැම විදියකටම වෙන් වෙන්න තීරණය කලා... ඒ නිසයි මං ඔයාට අවසන් sms එක යැව්වේ...

ඔයා නිසා මට ලැබුන හැමදේටම ගොඩාක් ස්තූතියි... Bye 4ever...

                ආදරේට වෙඩි තියන සමනලයෙක් වගේ, මං ඒ තරම් කෙටියෙන් අහිංසක දරුණු ස්වරයෙන් අවසන් පණිවුඩය යැව්වෙ, ඔයාට රිද්දන්නමද කියල මට තේරෙන්නෙ නෑ... ඒත් මට අන්තිමට සිද්ද වුන දේවල් ගැන තියෙන්නෙ කළකිරීම මිශ්‍ර වුන දුකක්... ඒත් තවමත්, මට වගේම ඔයාටත්, හදාගන්න බැරි තරමේ පාලුවක්, පාඩුවක් තියෙනව කියල මට හොදටෝම තේරෙනව. ඔයා මං ගැන අහන්න පාරමීට කතා කරන බවත්, මගෙන් සමාව ගන්න ඔයාට ඕන උනත් ඒක කරන්නවත් මට කතා කරන්න ඔයාට හිත හදාගන්න බැරි බවත් මං දන්නවා... ඒත් කවදාවත් මං ඔයා ගැන අහිතක් නොහිතන බව ඔයත් හොදටම දන්නව නේද? කවදහරි කොතනකදි හරි අපි හමුවුනොත්, දෙනෝ දාහක් මැද්දෙ වුනත් අපි අතර කිසිම දෙයක් නොවුන වගේ අපි ඉමු. 

                        විරහ වේදනාව හොඳහැටි දැනිලදෝ මන්,ද මං පිස්සෙක් වගේ හිතට දැනෙන  හැම සිංදුවක්ම අහන්න ගත්ත. ඒ ඇහෙන හැම සින්දුවක්ම කියන්නෙ අපි දෙන්න ගැන කියල හිතන්න ගත්තා. ඒත් ඒකත් ඔයා වගේ හරි ලස්සනම සිහිනයක් විතරයි...  මම දවසක් කියද්දි "මං ඔයා නිසා ආදරේ කරන්න, කවි කතා ලියන්න පුරුදු වුනා" කියල, ඔයා කිව්ව "ඇයි ඔයා අඬන්නත් පුරුදු වුනානේ" කියල. ඔයා කිව්වෙ ඇත්ත... ජීවිතේ වෙනදා නාඩපු විදියට අඬන්න ඔයා මට පුරුදු කලා. ඒත් ඒ වැටුණ හැම කඳුලකටම මම ඔයාට වගෙම ආදරෙයි..... 

                         දැන් හැමදේම ඉවරයි.... මං මගේ පාඩුවෙ ඉන්නවා.. delete නොකරපු  sms, fb msgs, record කරපු phone calls මට ඔයාව මතක් කරාවි, හැමදාමත්. කවදාවත් සතුටකදි ඇරෙන්න වෙන කිසිම මොහොතක ඔය දිලිසෙන නිල් තරු ඇස් වලට කඳුලක් නම් එන්න එපා...  ඔයා නිසා මට ලැබුණ සුන්දර මතකයන් මට වචනයෙන් කියන්න බැරි තරම්.. ඒත් පැටියෝ.... ජීවිතේ දිගයි, අපිට කාලය අඩුයි... යුතුකම් වගකීම් කියන දේවල් ජීවිතේදි අපිට මොනව නැති වුනත් ජීවත් වෙන්න බල කරනවා. ඒ නිසා, හදවතින්ම අවංකව කියන්න බැරි මොකක්දෝ කුකුසක් හදකොනේ තියාගෙන, අපි දෙන්නගෙම අනාගතේ වෙනුවෙන් මට ඔයාට කියන්න අවසර දෙන්න, "ස්තූතියි.... (එපා) නැවත එන්න..."


මගේ ආදර සුවඳ මලේ... ,

සිසිල දෙන රාත්‍රිය
නොදුන්නත් සිසිල මට...
නිදි කුමරි නොඑන්නේ 
දැනෙන්නද රැයෙහි දිග...

අහිමි බව කියද්දිත් 
දුරක ගිය මගේ හිත...
එනු පිණිස හිටි තැනට
මගෙන්ම අහනවනෙ මග...

ගියපු මග නොදන්නා
මගෙ මෝඩ කවි සිතට...
කොහොම කියනුද පාර
මමවත් දන්නෙ නැතිකොට...

එනමුදු අපූරුව
සිපගත් සැටි ඔබ මගේ හද...
වින්දෙමි සිත්පුරා තුට
මම මගේ පුංචි හිත ගැන...

මා නොදුටු මගේ කවි සිත 
සොයා දුන්නාට දුරක සිට...
පිදීමට අවසරද මට
ස්තුතිය ඔබ නමට...

ඇයි දැයි නොදන්නෙමි
පෙළුයේ මා මේ තරම...
පෙම් කරපු නිසාවෙද 
ඇත්තටම මා ඔබට...

වෙන් උනද නිමා කොට 
දසමසක වූ ඇසුර...
කියනු මැන සුවඳ මල
ඇතිද වරදක් මේ සුළඟ අත... 

- මං ඔයාගෙම ආදර සුළඟ.....   








Share |

2 comments:

  1. Aruni

    very nice,but sad conclusion...
    Aruni----

  1. Sulanga
    This comment has been removed by the author.

Post a Comment