Liyawilla [ ලියවිල්ල ]
RSS Feed

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


අපේ ලියවිලි....

Posted by Gayan Anuradh Liyanage

Artistz
Social Review








Fiction Series

Fiction Series







Guidance
Religious View






Health Guide


Radical Side
Amateur 02










Amateur 01















( Banner උඩ click කරලා අදාල ලියවිලි වලට යන්න.)

 
Share |

නුඹ ගැනයි මං ලියුවේ...

Posted by Gayan Anuradh Liyanage


හිරු කිරණ හැඩ කලා දිලිසෙනා සුදු මූණ...
සුලඟ නෑ සැර කලේ දගකලත් කෙහෙරැල්ල...
නුඹෙ සිනා හඬ ඇසී නිහඬ විය කිංකිණිද...
කිතිකැවී හිනහුණා පා ගැටුණු තණ පලස...

කවි ලියනු වගක් නැති මටත් කවි ලියවෙව්ව...
කවිකාරි නුඹම වෙයි කවියක් වගේ ඉන්න...
මම නැතේ කවි ලියුවේ නොසිතමයි ලියවෙන්නේ...
කවිද මම දන්නෙ නෑ, නුඹ ගැනයි මං ලියුවේ... 
Share |

Official Web Releases of Liyawilla.Tk

Posted by Gayan Anuradh Liyanage








Share |

සිහියෙන් සිටිය යුතු කාලයයි මේ....

Posted by Gayan Anuradh Liyanage Labels:


විවිධ හේතූන් මත සිදුවූ දිගු නිහැඩියාවකට පසු ලියාගේ ලියවිල්ල හරහා තත්කාලීන සාමාජීය උදෘතයන් පිළිබඳ ලියාගේ ලපටි අදහස් දැක්වීමට නැවතත් එක් වෙමි. නිහැඩියව දිගු වූ නිසවෙන්ම සාකච්ඡවට බඳුන් කිරීමට පෙලගැසුනූ උදෘතයන්ද බොහෝය. මේ අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකීමට සිත්වූයේ සමස්ත පෘථිවි වාසීන්ගේම අවධානය දැඩිව වෙලාගත් "උතුරු අප්‍රිකානු - මැදපෙරදිග අර්බුදය" පිළිබඳවයි. 

                මාස කීපයකට පෙරදී අප අනාවැකි පල කල පරිදිම මැදපෙරදිග අර්බුධ්ය ඇමරිකානුවන්ට ජයග්‍රහණ අත් කරදෙමින් අනුක්‍රමිකව පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින් පවතී. ටියුනීසියාව , ඊජිප්තුව හරහා පැමිණ ලිබියාවේදී මල්වර වූ මේ කැරලි රැල්ල සත්‍ය වශයෙන්ම හුදී ජන නැගී සිටීමක් නොව සමස්ත බටහිර අධිරාජ්‍යවාදී සූක්ෂම කුමන්ත්‍රණයක මවා පෑමක් බව බහුතරයකට තේරුම් යමින් පවතී. තම පදයට නටනා රූකඩ නොවන, කශේරුකාව පණ ඇති නායකයන් සිටින ස්වාධීන රටවල තිබෙන්නා වූ යතුරු සිදුරු තුලින් රිංගා යමින් මහා අර්බුධකාරී වාතාවරණයක් රෝපණය කර , ඌරාගේ මාලු ඌරාලවාම කපවන තැනට පත් කරවීමේ අපූරු යටත් විජිතකරණ ව්‍යාපාරයක බටහිර ඇත්තෝ  ක්‍රියාත්මක වෙමින් සිටී. 
Share |

ස්තූතියි..... (එපා) නැවත එන්න...... (අකීකරු අකුරු-අවසන් කොටස)

Posted by Gayan Anuradh Liyanage Labels:




 හවල නිදිගත් පසු රාත්‍රිය උදාවෙන්නේ  පෙම්වතුන්ට අඩුවක් නැතිව සිසිල බෙදන්නද මන්දා? පෙම්වතුන්ට දවසෙම තිබුන මහන්සිය ඇති පමණ නිවා ගන්න, ගව් ගානක් දුරින් හිටියත් පපු තුරුලට තුරුල් වෙලා ඉන්නව වගේ අපරිමේය හැඟීමක් ලබා  ගන්න, රාත්‍රිය හදලා දෙන වටපිටාව කිසිම කෙනෙක් කීයක් දුන්නත් හදල දෙන එකක් නම් නෑ... මේ අව්අස්සෙ හදිස්සියකට call එකක් ගන්න බැරි තරමට mobile network busy වෙන එක අහන්නත් දෙයක්යැ...
                       
            පෙර කී හැමදේටම මාත් කාලයක් සාක්ෂි කාරයෙක් වෙලා හිටියා. ඒත් දැන් මට ඒ රාත්‍රියේ සිසිල නොදැනෙන තරමටම මගේ හිත ගිනියම් වෙලා. රාත්‍රියත් හරිම අකාරුණිකයි...
Share |

අපි දැන් යාළුවෝනේ... දැන්වත් නම කියන්න බැරිද ඔයාට... (සාවරියා-3)

Posted by Gayan Anuradh Liyanage Labels:





(පසුගිය කොටස්...)




සමාවෙන්න, මට ඔයාව ගෙදරට වෙනකම් ඇරලවන්න පුළුවන්ද?
නෑ... එපා මම ඔයාව දන්නේ නෑ......
බලන්න, මමත් ඔයාව දන්නේ නෑ තමයි. එත් මේ වෙලාවේ මට අවසර දෙන්න ඔයාව ගෙදරට යනකම් එක්කගෙන යන්න.
විහග මධුගේ පිටු පසින්ම ඇය සමග ගමන් කළේය.


මැඩම්.. අර මිනිස්සු ආයේ එන්න පුළුවන් ඔයාට කරදරයක් එහෙම උනොත්, විහග මධුගේ සමීපයටම විත් කිවේය.
මේ අහනවා.. ඔයා මම ගැන කරදර වෙන්න එපා මට යන්න පුළුවන් මධු විහගගේ මුහුණ දෙස නොබලාම තරහින් යුතුව පැවසිය.

Share |

ඔබ ඔහුට තුරුළුව නිදා ඇති....

Posted by Gayan Anuradh Liyanage Labels:

Created by Jagath Karunajeewa

Share |

සිතුවිලි with Jayangi...

Posted by Gayan Anuradh Liyanage Labels:

 සිතුවිලි with Jayangi...

Created by Jayangi Wickramasinghe
                                    jayangi@liyawilla.tk





Comments දාන්න.... මෙතන Click කරන්න...



Share |

මං නේද හොයන්නේ ඔබ ඔහුගෙ ලඟ ඉඳන්.....

Posted by Gayan Anuradh Liyanage Labels:





Created by Jagath Karunajeewa.....



Share |

සදාදරණීය දුෂ්ඨයෙක්ද මා............ (අකීකරු අකුරු 4)

Posted by Gayan Anuradh Liyanage Labels:


ස් දෙක පියාගෙන හිටිය ටික වෙලාවට නෙතු අස්සෙන් ඇද හැලුන කඳුලු කැට වල බර හොයන්න ගියේ නැති උනාට, ඒවායේ වෙනදා නැති දීප්තියක් තියෙන වග නම් මට හොඳටම තේරුණා.  ජීවිතේ මහා බරක් පපු කුහර අස්සේ හංගගෙන් හිටපු ඔයාටත්, හදවත පලාගෙන ඒ මහා බර පොළවට කෑගහගෙන ඇදවැටුණ වෙලාවෙ, මටත් වඩා ඇඩෙන්න ඇති නේද? ඒත් ඒ දිගු රාත්‍රියේ උනේ මොකක්ද අපි නොදන්නවට වැරදිලා හරි ඒ දේ උනේ අපි දෙන්නගේ ආත්ම වලට අවංකත්වයක් දෙන්නවත්ද? සමහරවිට ඔයාගේ හිත අස්සෙන් ඒ රහස එලියට පනිනවට ඔයත් ඒ වෙනකොට කැමැත්තෙන් ඉන්න ඇති.    
                  ඉස්සර මුලු ලෝකයම වුනු ඔය දෙන්නගේ ලෙන්ගතුකම, යල් පනිනකොට ඒ කල් පනින ආදරේ පිලිනු උන තැන් වමාරා කන්න මමත්
ඔයාට උදව් කලාද කියල වෙලාවකට මට හිතෙනවා.
Share |

කරුණාකරලා මගේ පිටිපස්සෙන් එන එක නවත්තන්න... ( සාවරියා 2 වන කොටස )

Posted by Gayan Anuradh Liyanage Labels:






ආදරය සදහටම වියෝ ගීතයක් කරගත්,
කවිකම පමණත් තනියට සිටි සුර දුතයෙකුගේ තවත් එක් කතාවක ඇරඹුමක්...



ඉස්සරහ තියෙන නිල් පාට බිල්ඩින් එකේ නවාතැන් පහසුකම් ගන්න පුළුවන් වෙයි... එහේ ජිවත් වෙන්නේ ලීලියන් කියලා වයසක ගැහැණියක්... එයා කැමති වුනොත් වැඩේ හරි ගියා කියලා හිතා ගන්න... සිතුවිලි ඉදිරියේ තිබු නිල් පැහැති ගොඩනැගිල්ලක් දෙසට අත දිගු කර පෙන්වමින් කිවේය,

එහෙනම් හෙට උදේට ගිහින් තමන්ගේ වාසනාව උරගලා බලන්න....

ස්තුතියි ! විහග සිතුවිලිට හිස නමා ආචාර කළේ සිනහ මුසු මුහුණින්ය,

එත්... ඔයාට අද රැ ගෙවන්න වෙනවා නේද? මේ අපේ තැන... කැමති කෙනෙක් තොර ගන්න පුළුවන් වෙයි..

එහෙම කොහොම වෙන්නද?
සිතුවිලි..... මේ ඉන්න අය කෙනෙක්ගේ අම්මා කෙනෙක්, තවත් කෙනෙක්ගේ සහෝදරියක්, තව කෙනෙකුගේ දුවෙක් වෙන්න පුළුවන් නේද?

එත් කාගේ වත් බිරිද වෙන්නේ නෑ නේද? සිතුවිලි.... සිනහ සෙමින් විහග දෙස බැලුවේය.
Share |

ඔබ නොඑන්නේ මට නොඉන්නයි......

Posted by Gayan Anuradh Liyanage Labels:

Created by Jagath Karunajeewa.....

Click here to Full-Size Image
Share |

ආත්මය දැල්වෙනවා, ඒත් පේන්නේ නෑ.... - සාවරියා පළමු කොටස

Posted by Gayan Anuradh Liyanage Labels:





                      
                     මේ මගේ සිහින ගැලපිමක්.... ලෝක සිතියේම කොහේ හරි තැනක මේ සිහින වලින් පිරුන ඒ නගරය ඇති කියලා මං හිතනවා,මොකද අදත් ඒ චරිත අප අතරේ ජිවත් වෙනවා කියලයි මම හිතන්නේ... මේ තමයි මගේ නගරයේ විශිෂ්ටම ආපනශාලාව ආර්.කේ ආපනශාලාව... මගේ බිස්නස් ඉහළ ගිය දවස්වලට මම මෙහේ ඇවිත් ඉංග්‍රිසින්ගේ අරක්කු බොනවා, හරිම තෘප්තියක් දැනෙනවා, මේ මම ගැන මම සිතුවිලි කොහේදීවත් දැකලා නැතිව ඇති ඔයාලා මං වගේ ගැහැණියක් හැමදාම රැට බොරු ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා, එත් කියන්න යන්නේ ඇත්ත ආදර කතාවක් ගැන මේ මං ඔයාලට කියන්න යන ආදර කතාව නිකන් සාමන්‍ය මනුස්සයෙක්ගේ කියලා කියන්න බෑ.. එක සුරදුතයෙක් ගේ කතාවක්.. පරණ කලිසම් ඇද ගත්ත, අතේ ගිටාරක් තියාගෙන ඉන්න සුපිරි තරුවක් වෙන්න හින දකින ලස්සන සුරදුතයෙක්, හැබයි එයා මට පළමු සැරේට මුණ ගැහුනේ මේ බාර් එකේ දී.. හැමදාකම වගේ එදා රැත් මම තමයි අන්තිම ගනුදෙනුකාරයා,

මට තව එක විස්කි විදුරවක් දෙන්න... සිතුවිලි බාර් එකේ සිටිය වේටර් ඇමතිය,
තව කිරි විදුරුවකුත් දෙන්න අයියේ... සිතුවිලි පිටු පස සිටි කඩවසම් තරුණයෙක් වේටර් ඇමතිය, එය අසා සිතුවිලිට මහා හයියෙන් සිනහ ගියේය.
කවුද මේ පිස්සා... අරක්කු විකුණන බාර් එකට ඇවිත් කිරි ඉල්ලන... සිතුවිලි තව තවත් හිනා විය.
Share |

මට මගේ ජීවිතය නැති කලේ ඇයි ..........

Posted by Gayan Anuradh Liyanage Labels:


Created by Jagath Karunajeewa.....

Share |

~~~සාවරියා~~~

Posted by Gayan Anuradh Liyanage Labels:




  
 ඇය ඔහුගේ ආදරය ලැබෙන තුරු බලා සිටි....
 ඔහු ඇයගේ ආදරය වෙනුවෙන් කැපකිරිම් කරයි.....
 ප්‍රර්ථනාවක් ඉටුවෙයි.....
 ආදරවන්තයින් දෙදෙනෙකු මුණ ගැසෙයි,
 මේ ඔවුන්ගේ ආදර කතාවයි........


ආදරය කදුළක් කරගත් චරිත හතරක වියෝ ගීතය....



තේරුමක් ඇති ආදරයක්......

''සාවරියා'' කියන්නේ වස්තුව, ඩාලිං හෝ ආදරණියාණෙනි කියන එක. ක්‍රිෂ්ණා දෙවියන්ව ආදරේට හදුන්වන්න මේ නමින්. එයට හේතු වුයේ විශ්ණු දෙවියන් මදක් කළු පැහැයට හුරු නිල් පැහැය ගත් නිසාය.

නියම ගනයේ විචාරයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එහි අර්ථය "ආදරණියයා" යන්නයි. නමුත් සෑම පුද්ගලයකුටම එම ස්ථානයට පැමිණිමට නොහැක. ආදරය පරික්ෂා කරන කාලයේදී එයට නිවැරදිව මුහුණ දෙමින් පැමිණෙන හැම බාධකයක්ම අභිබවන, සැම විටම ප්‍රේමයට මුල් තැන දෙන තමා ගැන නොසිතා ප්‍රේම කරන ස්ථිරසාර කලාතුරකින් මුණ ගැහෙන පුද්ගලයාට තමයි සාවරියා කියන්නේ....

සත්‍යය වු ආදර කතාවක්.....

''සාවරියා'' කියන්නේ සදාකාලික ආදර කතාවක්. තරුණ තුන්ඇදුතු ආදරවන්තයින් තිදෙනකු වටා ගෙතෙන ආදර කතාවක්. ඔවුන්  දැඩි ලැදි කමක් දක්වනවා තම ආත්ම විනාශය අද්දර තම ජිවිත ගොඩ නගා ගන්න. මේ සදාතනික ආදර කාතාවේ වෘතාන්තය  කාව්‍ය ස්වරුපයක් ගන්නා අතර මෙහි හුදෙකලා ආත්මයන් (චරිතයන් ) කුඩා ළමයින් මෙන් අහිංසකත්වයක් පෙන්වයි. එලෙසම එම ආත්ම සෘජුවම සඟවා තබා ගන්න උත්සුක කරනවා තමන්ගෙ ප්‍රශ්න, තරහව , අවුල් සහිත බව හා විශ්ෂයෙන් බලාපොරොත්තු සුන් වූ ආදරයක් පිළිබදව.


රාජ් යනු කිසියම් බොහෝ ඇතින් ඇති සිහිනයක් සොයා ගත් කෙනෙක්. ඔහු යම් චමත්කාරජනක නගරයකට පැමිණ එම ප්‍රදේශය කදුහෙල් වලින් වට වු මීදුමෙන් ආවරණය වු ලස්සන නැමති සළුවෙන් වැසුන අතිශය ලස්සන ප්‍රදේශයක සුන්දර යුවතියකට ආදරය කරනවා. (එම ප්‍රදේශය පුරාවෘර්තයේ සදහන් විදියටම චිත්‍ර ශිල්පියාගේ දර්ශනයට, නැතිනම් කවියාගෙ චිත්තරුපයට  ගැලපෙන ප්‍රදේශයක්)


කෙසේ හො රාජ් ගේ දෛවය චිත්‍රණය කරන්නේ වෙනස්ම චිත්‍රයක් . එක නිහඩ, ප්‍රභාවත් හා තරු සහිත රාත්‍රියක රාජ් දකිනවා අභිරහස්, පුදුමකාර තරුණියක් හුදෙකලාව පාලමක් මත සිට ගෙන සිටින ආකාරය. මේ අවස්ථාවේ සකීනා නැමති ලැජ්ජාශිලි, නිහඩ  වගේම ගුප්ත ( තේරුම් ගන්න අමාරු ) චරිතය හමු වන්නට වගේම රාජ් තුල කුතුහලයක් ඇති කරවනවා . මෙසේ සිදු වන අලුත් මිතුදම රාජ් තුල මනහර වගේම අවසන් නොවන උනන්දුවක් ති කරනවා. සකීනාගේ හදවත දිනා ගැනීම සදහා නමුත් රාජ්ට නොහැකි වෙනවා. පිළිගන්න ඇගේ සිත නිතරම සිහි වන අතීතය. මේ නිසා ඔවුන්ගේ මිතුදම ඇඳගෙන යන්නු ලබන්නේ සුලි කුණාටුවක් වැනි  වියරුව ප්‍රේම වෘතාන්තයක් තුලින්.
රාජ් හා සකීනා එක්ව යන ගමන තුලින් අපට සිහි කැඳවනු ලබන්නේ මිනිස් හදවතේ බිඳෙන සුලු ස්වභාවය. ආදරවන්තයින් යුවලකගේ සන්තාපය හා විශ්වාසය පිළිබද පරික්ශණය අත්හදාබැලිම තුලින් ආනාවරණය වෙන කොන්දේසි විරහිත ආදරය තුල මහත් කලබල වු දහස් ගනණක් චිත්ත වේගයන් ඇති බවය.

ආදරය වෙනුවෙන් කැප කිරිම් කළ චරිත හතරක්.....
 
විහඟ

 ඇයි දෙයියනේ මේ කෙල්ල මේ තරමට මගේ හිත පිස්සු වැට්ටුවේ....
මගේ ජිවිතේ සමහර දේවල් සිද්ධ වෙද්දී හරි දුකයි...
එත්...
සතුටකුත් නෑ කියනවා නෙමෙයි.....






මධු

මගේ ජිවිතේ කිසි දෙයක් ගැන මට ලොකු බලාපොරොත්තුවක් නෑ
එයා මගේ ජිවිතේට අදහන්න ලැබිච්ච දෙවියෙක් වගේ....
වෙලාවකට පුදුම ලෝබකමක් එනවා.....
එත්....
මාත් මගේ ජිවිතේ වෙනුවෙන්
භාර ගොඩාක් වෙලා තියෙනවා....





ගිහාන්

මං මේ තීරණය ගත්තේ වෙන තීරණයක් ගන්න බැරි
නිසා නෙමෙයි... මට මේ තීරණය ඕන වෙච්ච නිසා....



 



සිතුවිලි

ඔයා ඔය ප්‍රශ්න හිතන්නෙපා...
දෛවයේ ලියවිලා තියෙන හැටියට
ඒවා වෙයි.....
ඔන්න... ඔන්න... ආයේ ඇස්වල කදුළු පුරෝගෙන,
ඔය කදුළු දුක් කදුළු නෙමෙයි නේද....
සතුටු කදුළු නේද?




ලඟදීම......
ලියවිල්ලෙන් මුණගැහෙන්න.....
- www.Liyawilla.Tk -



Share |

~~~ සාවරියා ~~~

Posted by Gayan Anuradh Liyanage

ආදරය කදුළක් කර ගත් චරිත හතරක වියෝ ගීතය....
ලඟදීම......
ලියවිල්ලෙන් මුණගැහෙන්න.....
- www.Liyawilla.Tk -
 
Share |

ඔබ දකින තත්පරෙත් අලුත් දවසක් වගේ....

Posted by Gayan Anuradh Liyanage Labels:

Composed by Jagath Karunajeewa

Full -Size Image
Share |

Offline වෙන්න එපා..... ජීවිතෙන්ද ???? ( අකීකරු අකුරු 3 )

Posted by Gayan Anuradh Liyanage Labels:





[ 03 ]
වෙලාව හවස තුන හමාර වෙලත් ඇකුලුවෙ නැති නෙට් එක අමාරුවෙන් අකුලල ඇ උඩින් ඉඳ ගත්තේ මොනවහරි කුරුටු ගාන්න හිතාගෙන. ඉවර වෙන්න ලඟ පෑනත් අතට අරං කාමරය දිහා ඇස් යවද්දි දකින්න ලැබෙන මූසලකම හිතේ තියෙන රික්තය බිදින්න තරම් සමත් උනේ නෑ.... දූවිලි , මකුණුදැල් පිරුණු හැම මේසයක් පුටුවක් ගානෙම ඇඳුම් කෑලි. මුලු මුලු වල පොත් පත්තර ගොඩ ගහලා. හදන්න ගෙනාපු කොම්පියුටර් ලට්ට ලොට්ට ගොඩක් අස්සේ අතරමං වෙච්ච මගේ වැඩ කරන කොම්පියුටරේ. ඇත්තටම මූසලකමේ අන්තෙටම ගිය අපිළිවෙල කාමරයක්. මේක ඇතුලෙ ඉන්න එකා මොන තරම් අපිළිවෙල සතෙක් වෙන්නැතිද කියල මටම හිතුනත්, ඒ මමම නිසා මම මොනව කියන්නද? 
                   
                     කාලය හරි අපූරුවට ගෙවිල යනවා.... ඒත් අපි එකතැනමයි. ලෝකෙ වටේ රවුමක් ගිහින් හිටපු තැනටම ආව වගේ, මාත් මාස හයක් පුරාවට ආදරයේ අනන්තයටම ගිහින් ආව කියල මට හිතෙනවා පැටියෝ.... ඒත් මම හිතින් ගිය දුර සැබෑ ලෝකෙ ගියේ කොයිතරම් නම් අඩුවෙන්ද කියල ඔයයි මායි දෙන්නම දන්නවා... 
Share |

ලස්සනම සිහිනෙකි ඔයා.... - අකීකරු අකුරු [2]

Posted by Gayan Anuradh Liyanage Labels:



[ 02 ]


හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා...
ජීවිතයම දැන් මාගේ හීනයක් වෙලා...
කෙටි කාලයකින් හමුවී.... මගෙ ජීවිතයට පැමිණී.....
ලස්සනම සිහිනෙකි ඔයා........

                      
                  හිත තෝන්තු වෙලා Facebook ගිය වෙලාව මගේ FB මිත්‍ර රදීශ් හදපු නිරෝෂා විරාජිනි ගයන ඒ සින්දු ඛන්ඩය අහන්න ලැබුනේ රදීශ් දාල තිබුන පොස්ට් එකකින්. මං ඒ සින්දුව ඇහුවා. දෙතුන් සැරයක් ඇහුව. ඒ වචනත් එක්ක මට මතක් වෙන්න ගත්තා. මට මතකයි.. ඔයාට මතකද ? ඔයාට සමහරවිට අමතක ඇති. ඒත් මට අමතක වෙන්නෙ කොහොමද ?  

                     මතක් වුන ඒ අමතක නොවන සාමාන්‍ය ආරම්භය. හිතුවෙ නෑ කවදාවත් මෙච්චර දුර යයි කියලා පැටියෝ...

..... එහෙනම් ඉතින් Bio-Science, sure එකටම select වෙයි නේද?
ඔව්.. bio යන්න තමයි හිතන් ඉන්නේ....
ටීචර් කෙනෙක් වෙන්න
කැමති..
හ්ම්ම්ම්....
ඕනම දෙයක් හරියට කලොත් ගොඩ තමයි..
ටීචර්ස්ලට ගොඩක් ජෙන්ට්ස්ල
ත් කැමතියි නේ....
එහෙමද? අනේ මං දන්නෑ...
හික්z... ඔයා ඉතින් බබානේ...
ඔව්, එහෙම තමයි...
Share |

මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...

Posted by Gayan Anuradh Liyanage Labels:


 අපේ රටේ මිනිසුන්ගේ මතක ශක්තිය පිළිබඳ හොඳම සහතිකයක් දුන් අය අතර වසර දෙකකට පෙර අප අතරින් සමුගත් වේලුපිල්ලෙ ප්‍රභකරන් ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහුට අනුව සිංහලයන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක කාලයකි. ඔහු එම ප්‍රකාශය කලා නම් කලේ ප්‍රයෝගිකව අත්හදා බැලීමෙන් විය හැකිය. නමුත් ඒ මහතාගේ අවසන් කටයුතු සිදුවූ ඒ පුණ්‍යවන්ත දිනය නම් අපට සති දෙකකින් අමතක කල නොහැකිය. එසේ කලහැක්කෙක් මේ මාතෲ භූමියේ ජන්ම ලාභය ලබා ඇත්නම් ඔහු ගැන කවර කතාද?

                      වටෙන් වටෙන් ඇවිත් කියන්න හදන්නේ, ඔබට මේ දින වල  මාධ්‍ය නිසාවත් මතක් වෙච්ච දෙයක්මය. ඊයේ (මැයි 27) උදේවරුවේ අහම්බෙන් හෝ ඔබ රූපවහිනිය නැරබුවේ නම් සෑම නාලිකාවකම දුටු පොදු දර්ශන පෙල තුලවත් අපගේ අභිමානවත් උත්තමකාරණයක සැමරුම් සටහන් දකින්නට ඇත. වස 30ක් පුරා අමානුෂිකත්වය තුල විරූපිත වූ විකාරරූපි කාල පරිච්ඡේදයක, පරිපූර්ණත්වයට ආසන්න අවසානයක් අපි මීට වසර දෙකකට පෙර අත්වින්දෙමු. 
Share |

අකීකරු අකුරු

Posted by Gayan Anuradh Liyanage Labels:

[01]
ඳ සාවි සිනාසෙන අහස දෙස බලාගෙන පුංචි පුංචි තරු පැටවුන්ට කතන්දර කියපු කාලෙට වඩා අඟල් පහලොවක විකර්ණයක් ඇදත හැකි පොස්පරස් තිරයක් දිහා බලාගෙන ඇගිලි හොලවපු කාලේ ලස්සනයි පැටියෝ.... ඇගිලි වලින් දිගඇරෙන අකීකරු අකුරු එක්ක දිනපතා ගිහින් එන හොර ගමනක්, පුංචි ජනේලෙන් බෙල්ල දික් කරලා හඳ හාමිටත් කියා ගෙන, ජංගමේ අතට අරං ඔන්න ඔහේ ඉන්නම් නිදිමත එනකන්. ආපහු උදේට නැගිටලා, නිදිමතත් අරන් ලෙක්චර්ස් ගිහින් ඇවිත් ගුලිවෙලා දොයියන්නං. ටික දවසක් යද්දි දුක් නිවන කාලයාගේ කෝපි කඩෙන් බීලම, යන තැනකට යන්නැතෑ නේද?

                    මට මේ මොකද උනේ කියල කල්පනා කරන්න මටම හිතිලයි තියෙන්නෙ. ඇත්තටම මට මොකද මේ වෙලා තියෙන්නේ. අරමුණු නම් ඕන තරම් තියෙන ජීවිතයක්. ඒත් කෝ ඒ අරමුණු වලට යන්න පාරවල්. වල්මත් වෙනව් කියන්නෙ මේකට වෙන්න ඇති. ඒත් දෙයියනේ මේ වල්මත් වෙලා ඉන්නේ මමමනේ... පොඩ්ඩක් ජීවිතය undo කරලා බලමුද? ඔව්... ඇත්තටම ඒක හොඳ අදහසක්. අවුල් වෙච්ච නූල් බෝලයක් පූස් පැටියෙකුට දුන්නම වෙන දේ කරගන්නේ නැතිව පොඩ්ඩක් undo කරල බලන එකත් හොඳයි. ජීවිතය undo කරල එතන ඉදන් පටන් ගන්න බෑ තමයි. ඒත් ඒ උනාට මේ ඉන්න තැනට ආපු විදිය හරි බලාගන්න පුලුවන්වෙයිනේ... ඔන්න ඔහේ අපි undo කරමු.    
Share |

නිය දහම ඔබයි කාලයාණෙනි.......

Posted by Gayan Anuradh Liyanage Labels:

 
Share |

වෙද නලාව - පපුවෙ අමාරු...

Posted by Gayan Anuradh Liyanage Labels:

    පපුවෙ අමාරුවක් හැදිල නැති කෙනෙක් ඉන්නවනම් පුදුමයක් නේද? මොකද මේ ලොකේ කාටත් දුකක්, කරදරයක්,තරහක්, ආදරයක්, සතුටක් කියන මොනවිදියෙ මනෝභාවයකින් හරි, පපුවෙ රිදම් එක වෙනස් වෙලා ඇතිනේ.... ඉතින් ඔය කියන මොනවිදියකින් හරි පපුවට සුලුයම් හෝ අමාරුවකුත් දැනිල ඇතිනේ... එත් අද අපි "වෙද නලාව" පිටුවෙන් කතා කරන්නේ, පෙරකී තත්තවය රෝගයක තත්තවයකට පත්වුනාම මොකද කරන්නෙ කියලයි.... එහෙනම් පටන් ගමු දැනගන්න, හෘදයාබාධ ගැන.
Share |

රෝද හයක් උඩ, සිහින රැසක් ඇත....

Posted by Gayan Anuradh Liyanage Labels:

        පුංචි ඡන්දෙ සතියේ මැද දවසක ගත්ත එකට පිං සිද්ද වෙන්න, අපිට ගිය බදාදා ඉදන් දිග නිවාඩු ලැබෙන්න තිබුණා. ඒත් අපේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට පිං ඩබල් වෙන්න, අපේ නිවාඩුව තවත් දවසකින් වැඩි උනා. ඉතින් අපි අඟහරුවාදා උදෙන්ම දවස් 6ක නිවාඩුවක් පතාගෙන ගෙවල් බලා එන්න පාරට බැස්සා... උදේ 6.45ට විතර බෝඩිමෙන් එලියට බැස්ස ලියා, කවිඳු එකෙන් උදේට කාල, කටුබැද්දට යන්න බස් එකක් එනකන් පාරට වෙලා හිටියා...(කවිඳු එක කියන්නේ... මොරටු පුත්‍රයන්ගෙ ජනප්‍රියතම කෑම කඩය...)
                     වැඩේ කියන්නෙ මොරටුවෙ ඉදන් මාතරට යනවට වඩා අමාරුයි, මේ time එකේ 255 බස් එකක කටුබැද්ද හංදියට යන එක.. කොහොමහරි ලියා කටුබැද්දට ආවයි කියමුකෝ... කටුබැද්ද හංදියෙන් මාතර පැත්තට සෙනඟ පිරුණ බස් කීපයක් ගියත්, අදනම් හිට ගෙන යන්නෙ නෑමයි කියල, දිව විකාගෙන හිතාගත්තා. පාරෙ යන බසුත්, ගෑනු ලමයි වගෙයි කියල කතාවකුත් තියෙන එකේ, ලියා හිටියා සෙනඟ අඩු බස් එකක් එනකන්. ලියාගෙ ඔරලෝසුව හොදයි කියන්නෙ... කොහොමෙන් කොහොම හරි, සීට් කෑල්ලක් ඉතිරි වෙච්ච කතරගම CTB Express එකකට නැග ගන්න පුලුවන් උනා...
                     
                      දැන් අපි ටිකක් ඩීසන් විදියට කතාවට බහිමු...
ඇත්තටම කියනවනම් මගී ප්‍රවාහන බස් රථයක් කියන්නෙ සමාජ විද්‍යාව හදාරන කෙනෙකුට නම් හොඳම හොඳ වැඩ බිමක්. මොකද කියනවනම්,
Share |

Media මුදලාලිලාගේ රාජ්‍ය පාලනය.....

Posted by Gayan Anuradh Liyanage Labels:

                                

       ද වන විට ලෝකය පාලනය කරන්නේ රාජ්‍ය නායකයන්ද නැතිනම් Media මුදලාලිලාද යන ප්‍රශ්නාර්ථය, සෑහෙන කාලෙක ඉදන් ඇතිවුන එකක්... ඒකයි මේ වගේ ලියවිල්ලක් ලියන්න හිතුවේ.... වර්තමාන ලෝකයේ සිදුවන ඕනෑම කාරණයක් කෙරේ ජනමාධ්‍යයන්ගේ මැදිහත් වීමක් පැහැදිලි දැකගත හැකිවී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන යැයි කියාගන්නා ආයතන කීපයක් ඔවුන්ගේ මීලඟ Target Audience එක විය යුත්තේ කුමන කලාපයද යන්න මත ලෝකය තුල නව ප්‍රවණතා ඇති කරන අතර, සමහර විට ඒවා මහා ව්‍යයසන බවට පත් වූ අවස්ථා සහ පත් වන අවස්ථා දක්නට ලැබෙනවා. මේ අදිසි යථාර්තය සිනමාකරුවන්, කාටූන්කරුවන් වැන්නවුන් පෙන්වා දුන්නද තවමත් ඒවා එම අදිසි ස්වරූපයෙන්ම ක්‍රියාත්මකවීම වැඩි වෙනවා මිස අඩු වී නැත.ඒවායේ තියෙන අදිසි ස්වරූපය නිසාම මං මේ කියන්නේ මොනව ගැනද කියා ඔබට පැහැදිලි වැටහීමක් නැති වියද හැක. එනිසා මං ජාත්‍යන්තරය ගැන කතා කරන්නට කලින් අපේ රටේ ඇස් පනාපිට සිද්දවෙන මාධ්‍ය මෙහෙයුම්වල ගති ස්වභාවය ලියාගෙ ඇසින් පොඩ්ඩ්ක් කියන්නම්.... ( ලියා ඉතින් මීඩියා වලට  ඍජුව සම්බන්ද කෙනෙක් නෙවෙයිනේ.. පොඩි ප්‍රේක්ෂකයෙක් විතරයි...ඒ නිසා මේ ලියන දේවල් ක්ෂේත්‍රයේ කවුරුහරි අහම්බෙන් හරි දැක්කොත් ලියාගෙ වැරදි, නිවරදි කරයි කියල හිතලයි මේ ලියනනේ...)
                       
                      ලෝක පාලනය තවම නෛතිකව මීඩියා වලට ලබා දී නැතත් බොහෝ රටවල මිනිසුන්ගේ සංස්කෘතික ජීවිත වල මහ බැංකුව වෙලා තියෙන්නෙ නම් ජනමාධ්‍ය තමයි. ලංකාව කියන රට භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද
Share |

දියමන්ති සහ අප්‍රිකානු ගොවියා...[ B+ ]

Posted by Gayan Anuradh Liyanage Labels:

            මේ දිගහැරෙන්නෙ B+ පිටුවේ දෙවෙනි කතාව. පලවෙනි කතාව කාටත් මතක ඇතිනේ...(අශ්ව පුතා).  අද කතාවේ අන්තිමටත් අපි ඔබට යමක් හිතන්න ඉතිරි කරනවා... ඒ ගැන පොඩ්ඩ්ක් හිතන්න! ජීවිතයට යමක් ගන්න තියෙනවනම් ගන්න...  
     අද අපිට මුනගැහෙන්නෙ ගොවියෙක්. එයා ඉන්නේ අප්‍රිකාවේ. ( අප්‍රිකාවේ කොහේද කියලා අහන්න එපා ඉතින්.. අපි හිතමු ඔහු හිටියේ දකුණු අප්‍රිකාවේ කියල )
Share |

සමනළයකුට වෙඩි තියලා....

Posted by Gayan Anuradh Liyanage Labels:

            මම ඉපදුනේ ඔක්තෝම්බර් මාසෙ 4 වැනිදා වුනාට මගේ පියාට මගේ වයස මතක් වෙන්නේ පෙබරවාරි 16 වෙනිදට. ඒ ඇයි කියල ඔබ සිතනවා ඇති. ඒකට හේතුව සමනළයෙක්...
ඒ සමනළයා ගැනයි මේ කෙටි සටහන....
 

          මං ඉපදිලා මාස 4ක් ගිය තැන තාත්තාගේ ලෝකයේ ආසම කරපු සමනළයට පවුකාර අධමයෙක් වෙඩි තියලා. ඒ සමනළයා, සමනළයෙක් වුනේ අපේ තාත්තට විතරක් නෙවෙයි. ලංකාවෙ ඉන්න හිතක් පපුවක් තියෙන කාටත් ඔහු සමනළයෙක්.  ඒත් මේ අහිංසක සමනළයගේ ජීවන ගමන මීට විසිතුන් අවුරුද්දකට කලින් අද වගේ දවසක නතර වුනා... නතර වුනා නෙවෙයි, නතර කලා....
"අම්මපා...හදවත පැලෙනවා" යැයි මිනිස්සුන්ට කියවුනේ එ නිසා වෙන්න ඇති.  
Share |

අශ්ව පුතා... [B+]

Posted by Gayan Anuradh Liyanage Labels:

                            B+  පිටුවෙන් අපේ බලාපොරොත්තුව ඔබට කතන්දර කියන එක. හැබැයි මේව අපි හදපු කතා නෙවෙයි. අපිටත් ඇහුන කතා. මේව වැඩිය දිග නෑ...කියවන්න. කියවල පොඩ්ඩක් හිතන්න. ගන්න දෙයක් තියෙනවනම් ගන්න. B+

      අද අපේ පලවෙනි කතාව. මේක අශ්ව තාත්තෙකුයි පුතෙකුගෙයි කතාවක්. මේ දෙන්න හිටියෙ හොඳ තණ බිමක. එත් මේ පුත්තරයට මේ පොට් එක එච්චර ඇල්ලුවෙ නෑ. හැමදාම තාත්ත එක්ක කේස්. "මේක හරි නෑ. අපි වෙන ශිරා පොට් එකකට යමු" කියල. කොල්ලගෙ වදෙන් බේරෙන්නම බැරි තැන තාත්තාත් වැඩේට ඕකේ එක දුන්නා.
Share |

නැත මට වෙන කිසිවක්.... ( චෝදනාත්මක නොවන චෝදනාව )

Posted by Gayan Anuradh Liyanage Labels:



 මා අහසේ ලියූ දේ... : සිංදුව Download කරගන්න.

Share |

ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

Posted by Gayan Anuradh Liyanage Labels:

                                 

"ඇත්තටම අපි නිදහස්ද?" මැයෙන් පසුගිය නිදහස් දිනයේ මුදාහැරි ලියවිල්ල වෙ ලැබුන comments හමුවේ ලියාට හැඟුන දෑ නැව ලියවිල්ලකට එක් කල යුතු යැයි සිතුනා. (එල මචං, මාරයි..,පට්ටයි බං,මට ඇඩෙන්න ආවා.. වැනි comments 50ක් 60ක් නැති වුවද වැදගත් comments සුලු ප්‍රමාණයක් හෝ ලැබීම ආධුනිකයකු වශයෙන් ලියාට විශ්මිත සතුටක් ගෙන දීමට සමත් වුනා.)

        පෙර කී ලියවිල්ල තුලදී 48 දී ලැබූ නිදහස හුදු නාමමාත්‍රික, ලේඛනගත නිදහසක් ලෙස ලඝු කොට අර්ථ දැක්වීමට මට අවශ්‍ය වූයේ නැත.
Share |