Liyawilla [ ලියවිල්ල ]: නිය දහම ඔබයි කාලයාණෙනි.......

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


නිය දහම ඔබයි කාලයාණෙනි.......

Posted by Gayan Anuradh Liyanage Labels:

 


නිය දහම ඔබයි කාලයාණෙනි.......  

 
මගේ පෙම්වතිය ඔබ
සදා මා හැර නොයන
දුක උරුම මා දිවිය
මැදුම් පිළිවෙත් පුරන
විදසුනක් බවට අද
පත් කළේ ඔඛෙ පෙමයි

මට පමණකදු නොව
සත් හටම සුවය වුණ
ඔබ පමණම යි ලොව
තව දිනක් ජීවත්ව
සිටින්නට දිරිය දුන්
එකම එක සුව ඔසුව

දිනූ ජය සතුට නැත
සැමදාම පවතින්නෙ
ලොව එපා වූ කළෙක
සිහි විකල් ජීවයට
සදා සරණක් වූයේ
ඇවෑමයි කාලයේ

නිමේෂය හෝරාව
සතිය මාසය තුළින්
වසරකදු ඇවෑමෙන්
මා සිතට සුවය දුන්
"කාලයාණෙනි”
ඔබට මා ආදරෙයි
සියලූ දන මෙන්ම ලොව

Share |

0 comments:

Post a Comment