Liyawilla [ ලියවිල්ල ]: වෙද නලාව....

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


වෙද නලාව....

Posted by Gayan Anuradh Liyanage

                     
                       තම පීවිත කාලය තුළදී කිනම් හෝ රෝග තත්ත්වයක් උදෙසා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා නොගත් පුද්ගලයෙකු මෙලොව නොමැති තරම්ය. එතරම්ම ලෙඩ රෝග අප ජීවිතය හා බැදී පවතී. රෝගයක් වැළඳුන විට අප කායිකව හෝ මානසිකව අපහසුතාවන්ට පත්වේ. එවිට කිසියම් ක‍්‍රමයක් මගින් එම අපහසුතාවයන් මගහරවා ගැනීමට පිළියම් යෙදීම අවශ්‍ය වනවාමය.
                      
                     වෛද්‍ය විද්‍යාව යනු සුවකිරීමේ විද්‍යාව නොහොත් සුවකිරීමේ කලාවයි. එම කලාවේ හාස්කම් මගින් නීරෝගී පරපුරක් බිහිවනු දැකීම වෛද්‍ය විද්‍යවේ පරමාර්ථයයි. ඒ උදෙසා අනේක විධ වූ ක‍්‍රම සහ විධි උපක්‍රම රාශියක් උපයෝගී කර ගනිමින් ලෙඩ රෝග වලක්වා ගැනීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම සිදුකෙරේ. මෙම සද්කාර්යය උදෙසා වෛද්‍යවරුන් පෙරටු කොට ගනිමින් සුවිසල් වූ මිනිස් කැලක් විවිධාකාර වූ වෘත්තීය නාමයන්ගෙන් යුක්තව සේවයේ යෙදී සිටී. තවද ලක් රජය ඇතුළු ලොව සියළු රාජ්‍යයන් බිලියන ගණනින් මූල්‍ය සම්පත් ස්වකීය මහජන සුබසෙත උදෙසා වාර්ශිකව වැය කරනු ලැබේ.
වෛද්‍යවරුන් හා අනෙකුත් පාර්ශවයන්ට මෙහිදී බොහෝදුරට කළ හැක්කේ යමෙකු රෝගී තත්ත්වයකින් රෝහලක් කරා පිවිසි කල්හි අදාල වූ ප‍්‍රතිකාර කරමින් ඔහු හෝ ඇය එම තත්ත්වයෙන් මුදා ගැනීමයි. මෙම කි‍්‍රයාවලිය බොහෝවිට සාර්ථක වන නමුත් ඇතැම් රෝග සදහා මේවනතෙක්  ප‍්‍රතිකාර සොයා ගෙන නොමැත.එවිට රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද අසරණය. එහෙත් එවන් වූ බිහිසුණු රෝග පවා වැළදීමෙන් ගැලවී සිටිය හැක.
                               

                                එහෙයින් වඩාත්ම වැදගත් කර්තව්‍යයය වන්නේ රෝග ඇතිවීමට පෙර ඒවා වලක්වා ගැනීමයි. ඒ උදෙසා දැනුවත් සමාජයයක් බිහි වීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සදහා ඔබ සැම, යම් දිනක ඔබට ඇති විය හැකි රෝගාබාධ, ඒවාට ඇති ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබදව දැනුවත්ව සිටිය යුතු අතරම වඩාත්ම අවධාරණයෙන් පවසන්නේ නම් එම රෝග වළක්වාගත හැකි ක‍්‍රම පිළිබදව දැනුවත් වීම අත්‍යාවශ්‍ය කරුනක් වන්නේය. තවද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අදාල වන විවිධ ආයතන මගින් සපයන සේවවාවන් හා ඒවා ලබාගත හැකි නිවැරදි ක‍්‍රමවේදයන් පිළිබදවත් දැනුවත්ව සිටීමද වටී. "වෙදනලාව" කැපවන්නේ එම කාර්යභාරය සපුරාලීම පිණිසමය. මෙම පිටුවෙන්, ලියවිල්ලේ අපි, ඔබට එවන් වූ සුවිශේෂී වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් සරලව, ඔබේ මවුබසින්ම දැන ගත හැකි වනු පිණිස සපයන්නෙමු.   රැදී සිටින්න ඉදිරියට අප සමඟම.... අහන්න අපෙන්, ලියන්න වෙදනලාවට,

අපේ ලිපිනය : wedanalawa@liyawilla.tk


වෛද්‍ය විද්යාත්මක තොරතුරු :  Sumith Gunawardhana
                                                     www.wedasara.com 




01.   පපුවෙ අමාරු...
Share |

0 comments:

Post a Comment