Liyawilla [ ලියවිල්ල ]: කරුණාකරලා මගේ පිටිපස්සෙන් එන එක නවත්තන්න... ( සාවරියා 2 වන කොටස )

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


කරුණාකරලා මගේ පිටිපස්සෙන් එන එක නවත්තන්න... ( සාවරියා 2 වන කොටස )

Posted by Gayan Anuradh Liyanage Labels:






ආදරය සදහටම වියෝ ගීතයක් කරගත්,
කවිකම පමණත් තනියට සිටි සුර දුතයෙකුගේ තවත් එක් කතාවක ඇරඹුමක්...



ඉස්සරහ තියෙන නිල් පාට බිල්ඩින් එකේ නවාතැන් පහසුකම් ගන්න පුළුවන් වෙයි... එහේ ජිවත් වෙන්නේ ලීලියන් කියලා වයසක ගැහැණියක්... එයා කැමති වුනොත් වැඩේ හරි ගියා කියලා හිතා ගන්න... සිතුවිලි ඉදිරියේ තිබු නිල් පැහැති ගොඩනැගිල්ලක් දෙසට අත දිගු කර පෙන්වමින් කිවේය,

එහෙනම් හෙට උදේට ගිහින් තමන්ගේ වාසනාව උරගලා බලන්න....

ස්තුතියි ! විහග සිතුවිලිට හිස නමා ආචාර කළේ සිනහ මුසු මුහුණින්ය,

එත්... ඔයාට අද රැ ගෙවන්න වෙනවා නේද? මේ අපේ තැන... කැමති කෙනෙක් තොර ගන්න පුළුවන් වෙයි..

එහෙම කොහොම වෙන්නද?
සිතුවිලි..... මේ ඉන්න අය කෙනෙක්ගේ අම්මා කෙනෙක්, තවත් කෙනෙක්ගේ සහෝදරියක්, තව කෙනෙකුගේ දුවෙක් වෙන්න පුළුවන් නේද?

එත් කාගේ වත් බිරිද වෙන්නේ නෑ නේද? සිතුවිලි.... සිනහ සෙමින් විහග දෙස බැලුවේය. එත් කෙනෙකුගේ යහළුවෙක් වෙන්න පුළුවන්නේ? විහගද සිතුවිලිට පෙරලා පිළිතුරු දුන්නේය.

මොකද කියන්නේ?
උත්සහා කරලා බලනවද පාට්නර්... විහග සිතුවිලිට අත දිගු කළේ ,  සිතුවිලිට විහහගේ කතා විලාශයට සිනහ ගියේය.

දැන් ඔයාට ඔන යාළුවෙක් වෙන්නද?  එහෙනම් ඔන්න දැන් මගේ යාළුවෙක්....

විහග සිතුවිලි දෙසට දිගු කළ අත... සිතුවිලි ඔහු දෙස බලා සිනහවෙමින් ඇල්ලුවාය.

ඔවුන් සිටි ස්ථානයේ පිටු පසින් තිබු ගොඩනැගිල්ලේ කුඩා දරුවෙකු අඩන ශබ්දයක් සිතුවිලට ඇසිනි. ඇයේ මුහුණේ ඉරියවුව හිටි හැටියේම වෙනස් විය,

මේ පොඩි ළමයි අඩන සද්දේ මට ඇහෙන කොට... හරිම දුකක් ඇති වෙන්නේ...
මම කැමතිම නැහැ....
මේ හැමදාම වෙන කතාවක්,

සිතුවිලි තමන් අසල සිටි විහගට අතින් ළගට කතා කළේය, විහගද සිතුවිලිගේ මුහුණේ ඉරියව් වෙනස් විම සිතා ගැකිම නොහැකි වි සිටියේය.. විහග සිතුවිලි ළගට තවත් ළං විය,

ඒ දරුවගේ අම්මා... රැට වැඩට යනවා,
ඉතින් හැමදාම රැට එන්න වෙන්නේ නෑ.....  සිතුවිලි විහගට මෙය කියමින් සිනහවිය.

අපි හැමෝගෙම පුංචි කළේ මේ වගේ තමයි ගෙවිලා ගියේ...  අම්මා නැතිව රැට අඩ අඩා ඉන්නවා, නැත්තම් රැ සුරංගනාවියන් එනකම් මග බලාගෙන ඉන්නවා, සිතුවිලි අහස දෙසට අත දිගු කරමින් කිවේය.

කිසිම සුරංගනාවියක් ආවේ නම් නෑ..... අපිට ළමා කාලයක් තිබුණද කියලත් මතකයක් නෑ...   සිතුවිලි සිනහ සෙමින් කිවේය.

ඔයා දැන් ගිහින් නිදා ගන්න... සිතුවිලි විහග ළගින් නැගිට සිනහවෙමින් විදිය දිගේ ඇවිද ගියේය.

සිතුවිලි... විහග වාඩි වි සිටි බංකුව මත වාඩි වි විහගගේ උර හිසට බර විය....

නින්දෙන් සිටින මිනිසුන් අවදි කරන.... නිල් ඇස් ඇති සුරංගනාවියක්
දවසක,
සුරලොවින් බැහැලා නිල් ගුවනේ ඇවිද ගෙන,
අනිවාර්යයයෙන්ම එවි...  
එනමුත් ඇය කවදාවත්ම යන එකක් නම් නෑ....
 



ලීලියන් නෝනා.....

කවුද?

මම...

ඇත්තටම මට ආරංචි වුණා  නවාතැන් ගන්න පුළුවන් කියලා. විහග ඇය දෙස බලමින් කිවේය.

එත්... කවුද මම කියන්නේ? ලීලියන් නෝනා විහග දෙස බලා තරහින් යුතුව ඇසීය.

විහග සත්සර,
එත් හැමෝම මට කතා කරන්නේ විහග කියලා. විහග ලීලියන් නැමැති වයසක කාන්තාව සමිපයට ගොස් ඇය දෙසට අත දිගු කළේය.

ලීලියන්... එය ගැන කිසි තැකිමකින් තොරව ඇයට අසන්නට තිබු සියල්ල ඇසුවේය.

තාත්තගේ නම මොකක්ද? අරක්කු බිලා සේසතම නැති වෙලාද?

මොකක්... විහගට ඇය කියන කිසි දෙයක් සිතා ගත නොහැකි විය. විහග ඇය දෙස බලා සිනහ විය,

මම කවදාවත් සුදු කෙලින්න ගිහින් නෑ... ඒ වගේම මම පොරොන්දු වෙනවා කරන්නෙත් නෑ... මම මත් පැන් භාවිතා කරන්නෙත් නෑ....

මොනවද ඔයා කරන්නේ? කාත් එක්ද සම්භන්දතා තියෙන්නේ, ලීලින් ඇසිය.

ඇත්තටම මම මේ නගරයට අළුතින් ආවේ...

සමාවෙන්න... අපි අදුරන්නේ නැති පුද්ගලයන්ට නවාතැන් දෙන්නේ නෑ...  එළියට යන්න, ලීලියන් කිසිදු තැකිමකින් තොරව කියවගෙන ගියේය.

විහග... බලා පොරොත්තු සුන් වු පුද්ගලයකු ලෙස ගොඩ නැගිල්ලෙන් පිටත් වන්නට ගියේය.  මද දුරක් ගමන් කොට නැවත ලීලියන් දෙසට ආවේය.

මම දන්න එක කෙනෙක් ඉන්නවා... ලීලියන් නෝනා

කවුද ? ලීලියන්ට සිතා ගැනිමට නොහැකි විය.

මම....

මම... ?

බලන්න ලීලියන් නෝනා...  විහග කටට ආ සෑම දෙයක්ම තැකිමකින් තොරව කියවගෙන ගියේය... ඔහු කියු කිසිම දෙයක් ලීලියන්ට තේරුම් ගැනිමට නොහැකි විය.

විහග පසෙක තිබු පියානෝව ළගට ගියේය. ඔහු අත තිබු ගිටාරය මේසය උඩ තබා තමන් සංගිතයට ප්‍රිය කරන බවත් රැකියාව වශයෙන් එය කරන බවත් කිවේය. එලෙස කිමට හේතුව වුයේ ලීලියන් සංගිතියට කැමති බව ඔහුගේ නිවසේ තිබු යම් යම් සංගිත භාණ්ඩ දැකිමෙන් විහගට සිතා ගැනිමට හැකි විය.


පියානෝවේ... යතුරු කියක් තියෙනවද ? ලීලියන් විහග දෙසට අත දිගු කොට ඇසුවේය...

88 තියෙනවා. විහග ලීලියන් දෙස බලමින් පියානෝව මත අත තබා සිනහ මුසු මුහුණින් කිවේය.

එතකොට වයලින් එකේ තත් කීයක් තියෙනවද?

හතරයි.

විහග පිළිතුරු දෙමින් ලීලියන් ළගට පැමිණියේය. ඇය ළග තිබු පුටුව රැගෙන ඇය ඉදිරියෙන්ම තබා වාඩි විය.

ලීලියන් නෝන කියන ඕනිම වැඩක් මම කරන්නම්... ඒ ගැන බය වෙන්න දෙයක් නෑ... විහග කියවගෙන ගියේය.
 
සංගිතයට අමතරව වෙන වැඩ කරන්නත් දන්නවද?  ලීලියන් විහගගෙන් ඇසීය.

මට ප්‍රශ්ණයක් අහන්න පුළුවන්ද ලීලියන් නෝන...  විහග ඇය දෙස අහිංසකව බලා ඇසීය,

මොකක්ද?

මගේ හිනාව දැක්කම ඔයාට කිසිම කෙනෙක් මතක් වෙන්නේ නැද්ද ලීලියන් නෝනා,

ඒ කිව්ව කතාවේ තේරුම මොකක්ද? ලීලියන්ට විහගගේ ඒ කතාව තේරුම් ගැනිමට නොහැකි විය.

ඔයා කවදද අන්තිමට ආදරේ කළේ
කාත් එක්කද අන්තිම හිනා වුනේ,
කාවද අන්තිමට වැළද ගත්තේ.... විහග එක දිගට ලීලියන් ගෙන් ඇසීය... විහගගේ එම කතා ශෙලියට දරදඩු හිතකින් කතා කළ ලීලියන් පවා වශි විය ඇයගේ ඇස් වලට කදුළු ආවේය.

මගේ ළමයා...  ලීලියන් අත මෙතුවක් වෙලා තුරුල් කරන් සිටි ඇයගේ දරුවගේ ඡායා රූපය ඇය විහගට පෙන්නනු ලැබිණි.

වින්සන් මගේ ළමයා...

මම එයාට හමුදාවට යන්න එපා කියලා කිව්වම එයා යන්න ගියා.
අවුරුදු 37 වෙනවා වින්සන් මගේ දරුවා සදහටම මාව දාලා ගිහින්, ලීලියන් කදුළින් යුතු දෑස් බිම හොවා කිවේය.

ඒ කියන්නේ ඔයා... අවුරුදු 37 හිනා වෙලා නෑ... කාටවත්ම ආදරෙන් කතා කරලා නෑ... කාවවත් වැළදගෙන නෑ... මට ඔයාගේ කාමරේ නැති උණාට කමක් නෑ එත් මට ඔයාට සතුට දෙන්න ඕනි... විහගගේ දෑස් වලද ලීලන්ගේ කතාව ඇසු පසුව කදුළු මතුවි තිබු‍නේය.  විහග වාඩි වි සිටි පුටුව පසෙකට තල්ලු කොට ඇය ළග දණ ගසා වාඩි විය.

මොනවද ඔයා මට දෙන්නේ? ලීලියන් කදුළු පිරුණු දෙනෙතින් ඔහු දෙස බලමින් ඇසීය.

මට ඔයාව වැළද ගන්න දෙන්න එක පාරක්, විහග ලීලින් දෙස බලා කිවේය.

ඔයා මහ කපටියෙක් දරුවෝ...  විල්සනුත් ඔය වගේමයි එයා මට ලෝලි පොප් ‍ගෙනත් දෙනවා තරහ වුණ දවස් වලට...

ඔයා මව වැළ ගන්නවද .... මං ඔයාට ලෝලි පොප් හොයලා ගෙනත් දෙන්නම්.. ලීලන්ගේ අත අල්ලමින් විහග සියුම් ස්වරයකින් ඇයව ඇමතීය..

ලීලන්ගේ ඇස්වලට කදුළු ආවේය. ඇය විහගගේ අත ඇල්ලිය, ඇයට ඒ මොහොතේ දැනුනේ තමන්ගේ නැති වු දරුවා විල්සන්ගේ උණුසුමයි.  ඇය විහගව දෑතින් තමන්ගේ පපුවට තුරුල් කරගෙන ඇසට ආ කදුළු සියල්ල තැකිමකින් තොරව බිම වැටිමට සැලස් විය. විහගගේ දෑස් වලින් ද කදුළු කැට කඩා වැටෙන්නට විය.


එදා රෑ ලීලියන්ට තමන්ගේ නැති වුණ දරුවා ආයේ මුණ ගැහුණා... ඒ තමයි මගේ සාවරියා, පියානෝවෙන් පටන් ගත්ත කතාව නැවතුනේ ආදරේ යතුර නැමති තත් වලින්...  එ වගේම අපි වගේ ගෑණුන්ට හොද අවංක යාළුවෙක් ලැබුණා.  එයා අපි හැමෝටම කතා කලා එත් එයාට කිසිම දෙයක් නැම් ලැබුනේ නෑ දෛවය හැමදාම දුන්නේ පරික්ෂාවයි, දුකයි විතරයි....  එදා රෑ තමයි මගේ සාවරියට ඇය මුණ ගැහුනේ...

විහග ඈත පාලම උඩ... කාන්තාවක් කුඩයක් ඉහළ ගෙන සිටිනු දුටුවේය. ඔහු අත තිබු වොලි බෝලය උඩ දමමින් සිරුවම් කරමින් ඇය සමිපයට ගියේය.

හලෝ.....

මැඩම් පොද වැටෙන්නෙවත්, වහින්නෙවත් නම් නෑ... එත් ඇයි ඔයා මේ කුඩේ දිග ඇ‍රගෙන... විහග මධුව පළමු වරට ඇමතීය.

මැඩම් ඔයා අඩනවද? බලන්න බලන්න මිස් කරුණාකරලා අඩන්න එපා,  කමක් නෑ ඔයා ඔයාගේ කුඩේ දිග ඇරලා තියා ගන්න කමක් නෑ කිසිම ප්‍රශ්ණයක් නෑ මැඩම්... විහග ඇය දෙස බලන්න සැදු සෑම වාරයක් පාසා මධු අත තිබු කුඩයෙන් ඇගේ මුහුණ සගවා ගත්තේය.

විහග ඔයා නම් මහ මෝඩයෙක්...  විහග පිටු පස හැරි  ඔහුටම කියා ගත්තේ අත තිබු වොලි බෝලයෙන් තමන්ගේ හිසට තට්ටු කරන ගමන්ය.

සමාවෙන්න මැඩම් ම.... විහග පිටු පස සිටි කාන්තාව ආමන්ත්‍රණය කරන්න විය එහෙත් ඇය එතැන සිටියේ නැත. විහගට සිතා ගැනිමට නොහැකි විය. පිටු පසින් එක විටම කාන්තාවක් මහා හයියෙන් කෑ ගැසිය. ඒ ශබ්දයට විහගද තිගැස්සී ගියේය. ඔහු ශබ්දය තිබු දිශාවට දිව ගියේ අත තිබු බෝලයද පසෙකට විසිකරමින්ය.

අනාචාරයේ හැසිරෙන මිනිසෙකු ඇය පසු පස ලුහු බදින්නට විය. ඇය අසල තිබු තාප්පයකට මුවා විය. එහෙත් එම පැත්තෙන් දිව ආ විහග ඇයව ඇමතීය.

මැඩම් ඔයා හොදින් නේද? මම ඔයාට උදව් කරන්නද

නෑ එපා... මට උදව් එපා. කරුණා කරලා මගේ පිටි පස්සෙන් එන එක නවත්තන්න. ඇය දිව යන ගමන් පිටු පස හැරි කිවේය.. ඇයගේ ස්වරය (කට හඩ) ඉතා මිහිරිය එහෙත් අදුරේ ඇයගේ මුහුණ දැක ගැනිමට නම් විහගට නොහැකි විය.

පස්සෙන් එන්න එපා... මැඩම් ඔයා මේ මොනවද කියන්නේ, මම ඔයාට උදව් කරන්නනේ හැදුවේ.
මෙකත් මාර ලෝකයන් දෙයියනේ... විහග ඔහුටම කියා ගත්තේය.

මැඩම් ඔයාට මගේ උදව්වක් ඕනි උනොත් මම මේ එහා පැත්තේ තියෙන කොෆි ෂොප් එකේ ඉන්නවා.. ඔයා මට කතා කරන්න,

හරිද ?

විහග ඇයට සමු දී ගියේය. එහෙත් ඇය පසු පස අනාචාරයේ හැසිරුණ පුද්ගලයාගේ ලුහු බැදිම එලෙසම විය. ඇය විදියේ ගොඩ නැගිලිවලට මුවා වි ඔහුගෙන් පලා යෑමට උත්සාහා දැරිය. එහෙත් ඇගේ දුවන විට ඇගේ පද සළබ වල නාදයට ඔහුට ඇය පසු පස ලුහු බැදිමට පහසු විය. එහෙත් ඇය ඔහුගෙන් ස්වල්ප මොහොතකට නිදහස් වි අසල තිබු ගොඩ නැගිල්ලට මුවා විය.  එම ස්ථානයේ තිබු බංකුවක් මත විහග වාඩි වී සිටියේය. විහගට තමන් දුටු දර්ශනය ගැන නම් තවමත් සිතා ගැනිමට නොහැක. ඇගේ මුහුණ නොදැක්කත් අගේ කට හඩ... පාලම මත ඇය සිටි දර්ශනය විහගට සිහිනයක් බදුය.

සද එළියද මේ... නැත්තම් සිහිනයක්ද... දෙවියන්ගේ තිළිණයක්ද... නැත්තම් සුරංගනාවියක්ද ?
දෙවියනේ....
සුරඅගනක් බදු මේ රැව මෙතරම් ලස්සනද?



ආදරයේ සප්ත ස්වරය වැයෙනා,
ආදරණියයාගේ ජිවිත වෘතාන්තයේ....
තවත් කොටසකින් නැවතත් හමුවෙමු.......

Share |

1 comments:

  1. හංසී

    අපි හැමෝගෙම පුංචි කළේ මේ වගේ තමයි ගෙවිලා ගියේ... අම්මා නැතිව රැට අඩ අඩා ඉන්නවා, නැත්තම් රැ සුරංගනාවියන් එනකම් මග බලාගෙන ඉන්නවා''''
    ඒක නම් අැත්ත තමා.....
    ඒත් ඒ හින කවදා හැබැ ෙවයි ද දන්නැ....

    ලස්සනයි හංස....
    ඉතිරිය ඉක්මනින්ම බලා ෙපාෙරාත්තු ෙවනවා....
    ලියව්ල්ලත් ඒක්ක කරන ....
    අාදරෙය් සප්ත ස්වරයට හදවතින්ම සුභ පතනවා.....

Post a Comment