Liyawilla [ ලියවිල්ල ]: නොහඳුනන වැලන්ටයින්...

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


නොහඳුනන වැලන්ටයින්...

Posted by Gayan Anuradh Liyanage Labels:

  වැලන්ටයින් දවස ගෙවිලත් දවස් 2ට පස්සේ ඒ ගැන post දාන්න මූට පිස්සුද කියල සමහරු හිතනවා ඇති. අනේ මන්දා?? ඒත් ඇත්ත කතාව මේකයි.
   මං මාර ට්‍රයි එකක් දුන්නා 14, 15, 16 කියන දවස්තුනේදිම, වැලන්ටයින් දවස සහ ආදරය ගැන ලියවිල්ලක් ලියන්න. කොහෙද, කොච්චර ලියන්න හැදුවත් අතරමඟ මාව හිරවෙනවා. දත්ත නැතුව. පස්සේ මම දත්ත හෙව්වා. කවුරුත් තම තමන්ගෙ blogs වල special valentine editions කරලා තිබුණා. මම ඒවා ගොඩාක් කියෙව්වා. දත්තත් ගොඩාක් ලැබුණා. ඒත් ලියවෙන්නෙ නෑ.... 
                      පස්සෙයි මට තේරුණේ, ගොඩ ඉදන් පීනන්න කොච්චර ට්‍රයි කලත් ඒක කරන්න බැරි බව. වැලන්ටයින් අඳුනන් නැති මම කොහොම ඒ ගැන ලියන්නද? ඒ පශ්චත්ථාපී හැගීම තමයි මේ ලියවෙන්නෙ... 
                   ඔව්.. ඒක පශ්චත්ථාපී හැගීමක් තමයි.. ඒකට හේතුව තමයි, මේ අවුරුද්දෙ වැලන්ටයින් දවස බොහෝ දුරට සමරාවියි කියලා මට පුංචි විශ්වාසයක් ගිය දෙසැම්බරයේ විතර තිබුණ එක. ඒත් අද මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒක මම ලබන අවුරුද්දෙවත් සමරන එක අවිශ්වාසයි කියලා..
                      මේ ඔක්කොම අස්සේ මට මතක් වෙනවා, දෙමල චිත්‍රපටයක් ඇසුරෙන් හැදුන, දැනට ටික කලකට කලින් ඉතාම ජනප්‍රිය වුන සිංහල ටෙලි නාට්‍යයක ගී ඛණ්ඩයක්....

තුන් හිතකින්වත් නොසිතූ...  එක බැන්මෙන් පැතූ පැතුම්.....
දෛවය පෙන්වූ පරිදි...  හමුවීම අහම්බයකී......
හිමිනොවෙනා බව දැනුනත්... වෙන්වීමක් නොමැතී.....
ආදරේ...... සමරු සයුරකී........

(මේ ගී කොටස හුඟ දෙනෙක් අහල නැතිව ඇති. අහල නැත්නම් තරහ නැතිව මෙතනින් Download කරලා අහන්න. කිලෝබයිට් 888 යි...)

                      මට මතක විදියට මේ පද ටික ලියල තිබුණේ කැලුම් ශ්‍රීමාල් කියන සුපිරි ගේය පද රචකයා. (මම වැරදි නම් නිවරදි කරන්න.) මේක ඔබ ඇහුව නම් ඔබට දැනෙයි මේක තුල, 'හරි දැනෙනෙ බවක්'. එහෙම වෙන්නේ මෙහි අපූරු තනුව නිසයි. ඒක කලේ දිනෙශ් සුභසිංහ සොයුරා. මේ සම්මිශ්‍රණයට අමල් පෙරේරා යන ගායන පෞර්ෂය එක් වූ කල උද්දීපනය කරන ඒ හැගුම් සමුදාය, ආදරයේත් ජීවිතයේත් සුන්දර යථාර්තය තෙරුම් ගන්න පාර කියනවා නේද කියල මට හිතෙනවා... අනේ මන්දා.. ඒ මට දැනුන හැටි.
            කොහොම උනත්, ඔබ හඳුනන, මම නොහඳුනන වැලන්ටයින් ගැන මීට වඩා යමක් අපි ලබන අවුරුද්දෙවත් කතා කරමු. ( ඒත් කලින් කිව්ව වගේ, ඒක අවිශ්වාසයි )

හිමි නොවෙනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති ආදරේ...........                        


Share |

0 comments:

Post a Comment