නුඹ ගැනයි මං ලියුවේ...
Posted byහිරු කිරණ හැඩ කලා දිලිසෙනා සුදු මූණ...
සුලඟ නෑ සැර කලේ දගකලත් කෙහෙරැල්ල...
නුඹෙ සිනා හඬ ඇසී නිහඬ විය කිංකිණිද...
කිතිකැවී හිනහුණා පා ගැටුණු තණ පලස...
කවි ලියනු වගක් නැති මටත් කවි ලියවෙව්ව...
කවිකාරි නුඹම වෙයි කවියක් වගේ ඉන්න...
මම නැතේ කවි ලියුවේ නොසිතමයි ලියවෙන්නේ...
කවිද මම දන්නෙ නෑ, නුඹ ගැනයි මං ලියුවේ...
5 comments:
කවි දන්නෑ කියලා බොරු නේ කියලා තියෙන්නේ...
හෙ හෙ.. ඔයාට කවි කියල හිතුන නම් මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි මිත්රයා..
ලස්සනයි...
ස්තුතියි...
නියමයි තව ඉස්සරහට් යමු..
Post a Comment