B+ පිටුවෙන් අපේ බලාපොරොත්තුව ඔබට කතන්දර කියන එක. හැබැයි මේව අපි හදපු කතා නෙවෙයි. අපිටත් ඇහුන කතා. මේව වැඩිය දිග නෑ...කියවන්න. කියවල පොඩ්ඩක් හිතන්න. ගන්න දෙයක් තියෙනවනම් ගන්න. B+
අද අපේ පලවෙනි කතාව. මේක අශ්ව තාත්තෙකුයි පුතෙකුගෙයි කතාවක්. මේ දෙන්න හිටියෙ හොඳ තණ බිමක. එත් මේ පුත්තරයට මේ පොට් එක එච්චර ඇල්ලුවෙ නෑ. හැමදාම තාත්ත එක්ක කේස්. "මේක හරි නෑ. අපි වෙන ශිරා පොට් එකකට යමු" කියල. කොල්ලගෙ වදෙන් බේරෙන්නම බැරි තැන තාත්තාත් වැඩේට ඕකේ එක දුන්නා.
ඉතින් දෙන්න උදෙන්ම පිටත් උනා, හොඳ තණ පිට්ටෙන්නක් හොයන්න. දවසෙම පට්ට කට්ටක් කාල හෙව්වත්, කොහෙද, ශිරා පොට් එකක් තියා හිටපු එක තරම් හොද එකක්වත් සෙට් වුනේ නෑ. දැන් රෑ වෙන්නත් ඇවිත්. පුත්තරය පොර වගේ ආවට මොකද දැන් හොදටම හති වැටිලා. අන්තිමට තාත්තා කියනව, "හොඳයි, මං දන්න තව එක තැනක් තියෙනව, එතෙන්ටත් ගිහින් බලමු කියලා. පුතන්ඩියත් දැන් ඉන්නෙ එපා... වෙලා නිසා, "ඕන තැනක් තාත්තේ.. යමු" කියුවා.

තාත්ත කලේ කෙටි මගකින් ආපහු කලින් හිටිය පරණ තණ බිමටම ආපු එක. රෑ වෙලා තිබුන නිසා පුතාට වෙච්චදේ තේරුණේ නෑ. "ෂා... මරු පොට් එක" කියලා මාර ෆිට් එකෙන් වැටිච්ච තැනම හොඳට නිදා ගත්තා. උදේ නැගිටල බලද්දි තමයි පුතාට තේරුණේ....
අශ්ව පුතාට වෙච්ච දේ ගැන පොඩ්ඩක් හිතන්න. කතාවෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න. B+
3 comments:
mmmmmmm.....eka nam niyama kathawak...
thanx Muditha....
pattaaaaaaaaaaaaaaaaaaaaaaa
Post a Comment