වසරක් ගෙවී නව වසරක් උදා වී ඇත. ලියවිල්ලේ ලියන්නට දෙයක් නොමැතිව සති කිහිපයක් කල් මරමින් සිටි මට , වෙනස් දෙයක් ගැන වෙනස් විදියට ලියමින් "ලියවිල්ල" ඇරඹීමට සිත් විය.
දිනය 2010. 12. 29 , බදාදා . දිනය ඇරඹුමම වෙනස් කෙටි පණිවිඩයකින් ඇරඹුනද දිවා කාලය පුරාවටම විශේෂිත වූ වෙනසක් නොදුටුවෙමි. නමුත් රෑ බෝවීමේදී වෙනස් අත්දැකීම් කිහිපයක් අත්විදීම තුල, ලියන්නට දෙයක්ද ඉතිරි විය.

"වෙනස" කියන්නේ ITN එකේ බදාදා රෑ 10 ට telecast වෙන program එකක්.(නොදන්න කෙනෙකුට දැන ගන්නයි කිව්වේ...)
මේක ITN එකේ විතරක් නෙවෙයි, ලංකාවෙ TV channel සියල්ල තුල වෙනසක් ඇති කරවන්නට සමත් ගාමක බලයක් ඇති, වෙනස්ම වෙනස් ආකෘතියක් හදුනගත්, සඟරාමය යැයි සාම්ප්‍රදායිකව වර්ගීකරණය කල හැකි වැඩසටහනක්.
පූරකවරුන් ( presenters ) දෙදෙනා වන ඩිල්ෂාන් හා සම්පත් , වෙනසේ වෙනස ප්‍රේක්ෂකයාට දැනෙන්නට සැලැස්වීමම වටිනා දෙයක් බව මුලින්ම කිව යුතුයි. ( මේ දෙන්න කව්ද කියල දන්නෙ නැත්නම් program එක බලලම බලා ගන්නකෝ )
"අපි නොදන්න LIVE" ලෙස මීට වසර කීපයකට පෙර සිට අපි දුටුවේ හාස්යූත්පාදනය foundation එක කරගත්, නමුත් මේ අද දකින වෙනසේ මව් ආකෘතිය දැයි විටෙක මට සිතේ... එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මාගේ අදහසට අනුව එදා ගාමින්ද හා සුනෙත් ඇතුළු වෙනස් පිරිස, මොන විදියකට හරි කියන්නට දැඟලූ දෙය, අද වනවිට ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කෙරීමට එවැනිම ( ඊටත් වඩා ) ඇම්මක් ඇති තවත් කොල්ලන් පිරිසකට හැකි වීම සැබවින්ම සතුටුජනකය.
"වෙනස" තුල අමුවෙන්ම ඇත්තේ වෙනසය. එය comedy හෝ වෙනයම් හෝ ආටෝපයකින් වසා ඉදිරිපත් නොකරන නිසා එය මිනිසුන්ට අමුවෙන්ම වැටහේ. එනිසා එය වඩාත් ප්‍රායෝගික හා ඵලදායි මාධ්‍ය භාවිතයකි. ( මා මෙවෙන් ලියවිල්ලක් ලියන්නේ මාධ්‍ය පිළිබඳ කිසිදු න්‍යායාත්මක දැනිමකින් නොව හුඳු වසර 20 ක පමණ කාලයක් රූපවාහිනිය ඉදිරිපිට ඇස් දන් දී ලැබූ පරිචය තුලය )
අනේක විදි ලාංකේය රූපවාහිනී වැඩසටහන් නරඹා ඇති මට, "වෙනස" තුල ඇති අමු වෙනස පළමු දිනයේදීම පත්තියන් විය. "වෙනස" මාගේ favorite programs ගොන්නට එක් වූයේ ඒ වෙනස නිසාමය. මම මේ කතා කරන දිනයේ වෙනස ගැන කියන්නේ නම්, අදත් ඔවුන්ගේ Line-up එක හැමදාම වාගේ පොහොසත්ය.
- බෝගල පතල දිගේ ගමන.....
- ලාංකේය "නයගරා" ලෙස නම් කලහැකි බුලත්කොහුපිටියේ "ඕලු" ඇල්ලේ විශ්මය
- හුලංගමුවේ ඇති ලංකාවේ දිගම සංගිලි පාලමට වෙන්න යන දේ....
- අහිකුංටකයන්ගේ පදිංචි මාරුව...
- Film Trailer එක... - "SkyLine"
- Magic...
- Music Magic .... - "G අරවින්ද"
- පට්ට Video Mix එක...
- නටන වලිය...
මේ හැම අංකයකම තිබූ අමු වෙනස program එක බැලුව අයට මතක ඇති. ( බැලුවෙ නැත්නම් මෙන්න ලින්ක් එක, ඔක්කම ප්රොග්රම්ස් ටික ඕන නම් බලත හැකි )
http://itn.lk/venasa.html
සතියක් තුල මෙච්චර වෙනස් දේවල් තොගයක් හොයාගන්න එකත් වෙනස්ම අභියෝගයක් නේද?
ගිය සතියේ program එක ගැන මේ සතියෙ program එක යන්න කලින් කොහොම හරි ලියන්න පුලුවන් වෙච්ච එක ගැන ටිකක් සන්තෝසයි... (but ප්‍රමාදය මගේ ජන්ම ගතියක් වීම ගැන දුකයි..)
වෙනසට පතනව පැතුම් සුභ !!!
හිතනව ලියන්න වෙනසට venasa@itn.lk තුලින් දිගටම....
මා වැනි වෙනසකට කැමති උන්ට කියනවා වෙනස බලන්න...
වෙනස බලන්න...වෙනස කියවන්න....
වෙනස තේරුම්ගන්න....වෙනස් වෙන්න.
4 comments:
මමත් ඔය වැඩසටහන දවසක් බැලුව මචං....සීරා ....ඒත් ඒක තාම එච්ච්චර ජනප්‍රිය නැහැ වගේ....
ඒක තමයි මචං.. මමත් ඔය ගැන ලියන්න හිතුවේ....
මමත් මග නොහැරම බලන වැඩසටහන් දෙකක් තමා වෙනස, දොරමඬලාව කියන්නේ.
ela ela Batta...
Post a Comment