Liyawilla [ ලියවිල්ල ]: ආත්මය දැල්වෙනවා, ඒත් පේන්නේ නෑ.... - සාවරියා පළමු කොටස

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


ආත්මය දැල්වෙනවා, ඒත් පේන්නේ නෑ.... - සාවරියා පළමු කොටස

Posted by Gayan Anuradh Liyanage Labels:





                      
                     මේ මගේ සිහින ගැලපිමක්.... ලෝක සිතියේම කොහේ හරි තැනක මේ සිහින වලින් පිරුන ඒ නගරය ඇති කියලා මං හිතනවා,මොකද අදත් ඒ චරිත අප අතරේ ජිවත් වෙනවා කියලයි මම හිතන්නේ... මේ තමයි මගේ නගරයේ විශිෂ්ටම ආපනශාලාව ආර්.කේ ආපනශාලාව... මගේ බිස්නස් ඉහළ ගිය දවස්වලට මම මෙහේ ඇවිත් ඉංග්‍රිසින්ගේ අරක්කු බොනවා, හරිම තෘප්තියක් දැනෙනවා, මේ මම ගැන මම සිතුවිලි කොහේදීවත් දැකලා නැතිව ඇති ඔයාලා මං වගේ ගැහැණියක් හැමදාම රැට බොරු ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා, එත් කියන්න යන්නේ ඇත්ත ආදර කතාවක් ගැන මේ මං ඔයාලට කියන්න යන ආදර කතාව නිකන් සාමන්‍ය මනුස්සයෙක්ගේ කියලා කියන්න බෑ.. එක සුරදුතයෙක් ගේ කතාවක්.. පරණ කලිසම් ඇද ගත්ත, අතේ ගිටාරක් තියාගෙන ඉන්න සුපිරි තරුවක් වෙන්න හින දකින ලස්සන සුරදුතයෙක්, හැබයි එයා මට පළමු සැරේට මුණ ගැහුනේ මේ බාර් එකේ දී.. හැමදාකම වගේ එදා රැත් මම තමයි අන්තිම ගනුදෙනුකාරයා,

මට තව එක විස්කි විදුරවක් දෙන්න... සිතුවිලි බාර් එකේ සිටිය වේටර් ඇමතිය,
තව කිරි විදුරුවකුත් දෙන්න අයියේ... සිතුවිලි පිටු පස සිටි කඩවසම් තරුණයෙක් වේටර් ඇමතිය, එය අසා සිතුවිලිට මහා හයියෙන් සිනහ ගියේය.
කවුද මේ පිස්සා... අරක්කු විකුණන බාර් එකට ඇවිත් කිරි ඉල්ලන... සිතුවිලි තව තවත් හිනා විය.
පිටු පස සිටි තරුණයා ඔහුගේ ගිටාරය මේසය උඩ තබමින් හඩ අවදි කළේය...
මම තමයි මේ බාර් එකේ අළුතින් වැඩට ආපු ගායකයා.. මම පුහුණු වෙනවා හෙට තියෙන මගේ ෂෝ එකට.. විහග
සිතුවිලි ළග තිබු අනෙක් පුටු වෙහි වාඩිවනවාත් සමග සිනහමුසු මුහුණින් යුතුව ඇයව ඇමතිය...
එත් මේක ළමයි නළවන තැනක් නෙමෙයි, සිතුවිලි සිනහ වෙමින් කිවේය.. මෙතන ඉන්නේ රාගන් පිරුණු සංවේදි මිනිස්සු.. සිතුවිලි අත තිබු විස්කි විදුරුව පානය කරමින් ඇය විහගව ඇමතීය...
ගීත කියන්නේ මිනිස්සුන්ගේ ආත්මයත් එක්ක බැදුණ දෙයක්... විහග පැවසීය
ආත්මය... ඔයා කවදාහරි ඔය කියන ආත්මය දැකලා තියෙනවාද? සිතුවිලිද විහගගෙන් ප්‍රශ්ණ කළේය...
විහග අත තිබු ගිනිකුරක් දල්වා ඇය දෙසට දිගු කළේය... මේ ගිනිකුරු දැල්ල වගේ තමයි ආත්මය, දැල්වෙනවා එත් පේන්නේ නෑ.... නැත්තම් අරක්කු වගේ ඔයා බොනවා මොනවා වෙනවද කියලා දන්නේ නෑ... විහග අත තිබු ගිණිකුර සිතුවිලි අත තිබු විස්කි විදුරුවට දැමිය..එහි ගින්දර ඇවිලිණි....
ඔයා මාරයි නේ....
හරියට මායාවක් වගේ ඔයාගේ කතා විලාශය... සිතුවිලි සිනහසෙමින් කිවේය..
මැඩම් එහෙනම් ඔයාට මගේ සින්දුවක් අහන්න වෙනවා... විහගද සිනා සෙමින් කිවේය,
හ්ම්... හැබයි පේළි දෙකයි අහන්නේ... හරිද සිතුවිලි කිහ.. යන්න ගිහින් කියන්න බලන්න
හරි... විහග ගිටාරය රැගෙන ආපනශාලා‍වේ තිබු වේදිකාව මතට ගියේය...




පුදුමාකර කොල්ලෙක් තමයි එයා... හැම කෙල්ලෙක්ගේ සිහිනවල ඉන්න සුරදුතයෙක් වගේ, එදා රැ එයාගේ ඒ සින්දුවම මට එයාගේ හැදුනුම්පත වුණා.. සාවරියා....

සාවරියගේ සින්දුව.. මට ගොඩක් අවස්ථාවලදි මතක් වුණා මගේ මුහුණට සිනහවක් ගෙනවා.. ඒ මතකයෙන් මට සිනහ වෙලා දින කිහිපයක් සතුටින් ඉන්න පුළුවන් වුණා. එක දවසක් මගේ පුරුදු ව්‍යාපරයට විදියේ වාඩිවෙලා ඉන්න විට....

එයි... කවුගේද මේ පන්දුව.. ඇවිත් අරගෙන යනවා මෙතනින්, සිතුවිලි බිම බලමින් කිහ,
ඒක මගේ ‍වොලි බෝලය... විහග පැවසීය....
හලෝ...මැඩම්, සුභ සැන්දෑවක්, විහග සිතුවෙලා දෙස බලා සිනහ වී පැවසිය...
මේකයි... ම‍ට ‍නිදාගන්න කොට්ටයක් නෑ... ඉතින් මේ වොලි බොලේ තමයි මගේ කොට්ටේ කරගෙන තියෙන්නේ, ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වොලි බොලය බිම වැටෙනවා නිදා ගන්න විට.. සමාවෙන්න යාළුවා මං එක අරගන්නම්, විහග කියවගෙන ගියේය...
අනේ දෙවියනේ... මේ ඔයාද? සිතුවිලිට අදහා ගත නොහැකි විය...
ඔයා අර ආර්.කේ බාර් එකේ විරයානේද?
ඔව්... විහග සිනහසෙමින් කිවේය...
මම හිතුවේ... ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා කියලා... එත් ඔයා මේ විදියේ නිදාගන්නේ මොකද? සිතුවිලි විහගගෙන් විමසීය...
ඉතින් එහෙනම් ඔයාම කියන්න මැඩම් මම මොනා කරන්නද කියලා.. ‍මම මේ නගරයට අළුතින්, රස්සාව අළුතින්, ඉතින් කවුරු කියලා අදුරන්ද?
කවුරු කියලා නවතින්න තැනක් දෙන්නද... කවුරුවත් කැමතිත් නෑ.. අදුරන්නේ නැති අයට නවාතැන් දෙන්න, ඉතින් කරන්නම දෙයක් නැති නිසා විදියේ නිදියනවා... විහග කීහ.
හ්ම්.... ඒ කියන්නේ ඔයාට ඉන්න තැනක් ඇත්තේ නෑ... සිතුවිලි ඇසීය
හරි.... විහග අත තිබු වොලි බොලය සිතුවිලි අතට විසි කරමින් කිහ.
ඔයා හරි තැන හොයාගෙන තියෙන්නේ,අර බලන්න උඩ තට්ටුව දිහා මගේ සහයිකාවෝ.... සිතුවිලි විදියේ තිබු තට්ටු කිහිපයක මහලක් දෙසට අත දිගු කරමින් ... ඈ සමග ජිවත් වෙන අනිත් ගණිකාවන් පෙන්විය...
ඔයා මොකද කියන්නේ... කැමතිද මගේ රසිකයෙක් වෙන්න.... අද රැට උත්සාහ කරලා බලමුද?
ස්තුතියි.... අපි වෙන වෙලාවක මුණ ගැහෙමු... විහග සිතුවිලිට එය පවසමින් ඔහුගේ වොලි ‍බෝලය ඉල්ලුවේය...
මම ඔයාට කැමති... සිතුවිලි රාගික මුවින් විහග දෙස බලා කිහ..ඔයා තමයි පළවෙනි පුද්ගලය සිතුවිලිට බෑ කියලා කිව්ව... ඔයා නම් විශිෂ්ඨයි... ඉතින් ඔයා වගේ කොල්ලෙක් විදියේ නිදා ගන්න හොද නෑ... සිතුවිලි අත තිබු වොලි බෝලය විහග අතට විසි කරමින් කිහ..

ආදරයේ සප්තස්වර වැයු.. 
ඔවුන්ගේ ආදර අන්දරයේ ඉතිරිය...
ලඟදීම Liyawilla.Tk වෙතින්.....

Share |

7 comments:

  1. Biyanka Piumal Amarasinghe

    patta machanzzz ela kiri

  1. හංසී

    ඇත්තටම ලස්සනයි....මං නම් මේ කතාව බලලා නෑ...
    පද වැල් ඇමුනුම අනර්ගයි....
    ඉතිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙනවා...
    ලියව්ල්ල සමග කරන මේ අලුත් ආද‍රයේ සප්ත ස්වරයට හදවතින්ම සුභ පතනවා...<3

  1. Anonymous

    ane me kathawe awsanaya godak dukaine...mn kamathima na...

  1. Gayan Anuradh Liyanage

    @Biyanka & Hansan :
    දිනේෂ් සමඟ මම, ඔයාලට ස්තූතියි කියන්නේ... හදවතින්මයි....

  1. Gayan Anuradh Liyanage

    දුක කියන්නෙත් එක්තරා විදියක සතුටක්ලුනේ... ඒ අකමැති මතකයට ගොඩක්ම අකමැති නම් අපි දිනේෂ්ට කියල කතව වෙනස් කරමු....

  1. pathum mal

    lassanayi..gudluk

  1. dharanee

    this is so nice

Post a Comment