Liyawilla [ ලියවිල්ල ]: Offline වෙන්න එපා..... ජීවිතෙන්ද ???? ( අකීකරු අකුරු 3 )

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


Offline වෙන්න එපා..... ජීවිතෙන්ද ???? ( අකීකරු අකුරු 3 )

Posted by Gayan Anuradh Liyanage Labels:





[ 03 ]
වෙලාව හවස තුන හමාර වෙලත් ඇකුලුවෙ නැති නෙට් එක අමාරුවෙන් අකුලල ඇ උඩින් ඉඳ ගත්තේ මොනවහරි කුරුටු ගාන්න හිතාගෙන. ඉවර වෙන්න ලඟ පෑනත් අතට අරං කාමරය දිහා ඇස් යවද්දි දකින්න ලැබෙන මූසලකම හිතේ තියෙන රික්තය බිදින්න තරම් සමත් උනේ නෑ.... දූවිලි , මකුණුදැල් පිරුණු හැම මේසයක් පුටුවක් ගානෙම ඇඳුම් කෑලි. මුලු මුලු වල පොත් පත්තර ගොඩ ගහලා. හදන්න ගෙනාපු කොම්පියුටර් ලට්ට ලොට්ට ගොඩක් අස්සේ අතරමං වෙච්ච මගේ වැඩ කරන කොම්පියුටරේ. ඇත්තටම මූසලකමේ අන්තෙටම ගිය අපිළිවෙල කාමරයක්. මේක ඇතුලෙ ඉන්න එකා මොන තරම් අපිළිවෙල සතෙක් වෙන්නැතිද කියල මටම හිතුනත්, ඒ මමම නිසා මම මොනව කියන්නද? 
                   
                     කාලය හරි අපූරුවට ගෙවිල යනවා.... ඒත් අපි එකතැනමයි. ලෝකෙ වටේ රවුමක් ගිහින් හිටපු තැනටම ආව වගේ, මාත් මාස හයක් පුරාවට ආදරයේ අනන්තයටම ගිහින් ආව කියල මට හිතෙනවා පැටියෝ.... ඒත් මම හිතින් ගිය දුර සැබෑ ලෝකෙ ගියේ කොයිතරම් නම් අඩුවෙන්ද කියල ඔයයි මායි දෙන්නම දන්නවා... 
පෑන නම් ඉවර උනා. අලුත් පෑනක් අතට අරං ලියද්දී මූඩ් එකත් අලුත් වෙයි කියල හිතුවත් වැඩි වෙනසක් උනේ නෑ රත්තරන්... 
                    ආදරය මාව රැවැට්ටුවද ආදරයට මම රැවටුනාද කියන්න මම දන්නෙ නෑ. කොහොම උනත් අන්තිමට මම රැවටුනා වගේ දෙයක් වෙලා තියෙනව කියල මට හිතෙනවා. ඒත් ඒක හරිම අහිංසක රැවටීමක් පැටියෝ...  
                     හදවතට දැනෙන දේවල් විවෘතව කියන මිනිස්සු අඩු සමාජෙක, එක අතක් කරන දේ අනිත් අත නොදන්න මිනිස්සුත් එක්ක මං වගේ උන් පයගහල ඉන්නෙ කොහොමද කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් ඒ මගේ හැටිනේ.... හංගන්න දේවල් කොතෙක් තිබුනත් කිසිත් නොසඟවා සිටින විට දැනෙන මානසික නිදහස ඒ අය දන්නව නම් ඔවුනුත් මං වගේ වේවි කියල හිතෙනව පැටියෝ... අනේ මන්ද? ඒත් ඔයත් ඒ දේ දන්නෙ නැද්ද කොහෙද. 


විටෙක මං ඔයාගේ මතක අමතක කරන්න හදද්දි ඔයයි මට කිව්වේ.....  මම   දේවල් කියෙව්ව වැරදිද මගෙ රත්තරන්..... 
එදත් ඔයයි මුලින්  හායි කිව්වේ .

hi
hi
දැන් පේන්නෙත් නෑ නේද?
හ්ම්ම්ම්ම්....
මට වෛර කරනවද?
[Thakshila is offline]

offline වෙන්න එපා
ජීවිතෙන්ද???
මං නම් එහෙම තමයි කියන්නේ, ඒත් ඔයාට ඇහෙන්නේ නෑ...
මම යන්නම් එහෙනම්
අහන් ඉන්න... අහගෙන ඉන්න
මොනවද
මගෙ හිත මොනවද මුමුනනවා

හ්ම්ම්ම්ම්....
ඇහුනද?
මම යනව පොඩි වැඩකට
ok. කොහෙද යන්නෙ
තනිකම හොයගෙන. ඒකට පුරුදු වෙන්න.

හ්ම්ම්ම්ම්....

අනේ අයියා.... fb එකේ ඉන්න අනිත් girls  එක්ක cht කරන විදියටවත් මාත් එක්ක cht කරන්න plzzzzzzzzzzzz­ ­.
plzzzzzzzz අයියා­........ ­

ok... ඔයා ඊට පස්සෙ මට msg එව්වෙ නෑ නේද?

ඒ තරමටම මාව අමතකද?­ ­
මගෙ inbox පිරිල තිබුනෙ... කයි ඇහුවේ....
ඔයගෙ msgs මට delete කරන්න හිතෙන්නෙ නෑ....

මේ තරමට රිද්දන්න පුලුවන්නම්­ ­, ඇයි msgs delete කරන්න බැරි..­ ­ 
මට අන්තිමට ඉතිරි වෙන්නෙ ඒව විතරනෙ....
මට ඒවත් නෑ....
ඔයාට ඕනෙ නැනෙ මොකුත්, ඔයාට මාව පයට පෑගුන වැලි කැටයක් වගේනෙ..
මම ඔයට ඒ තරම් නරක විදියට සලකල තියෙනවද­ ­?
මට සමාවෙන්න­ ­... දහස් වාරයක් සමාවෙන්න­ ­....
ඇයි මේ.....
මම කරපු වැරැද්දට­ ­
මොකද්ද ඔ
යා කරපු වැරැද්ද?
මම ඔයාට මහ ලොකු වැරැද්දක් කරපු නිසා නේද­ ­
මෙ අසරන කෙල්ලට දරාගන්න බැරි තරමටම රිද්දන්නෙ...­ ­

අනේ ඇත්තටම ඔයාට මම කියන දෙවලින් රිදෙනවද පැටියෝ....
නෑ..
බොරු නේද....
මම යන්නද­ ­
එපා....
මං හිටියට වැඩක් නෑනෙ­ ­. ඔයා මාත් එක්ක කතා කරන්නෙ නෑනෙ­ ­...
ටිකක් කට්ටිය වැඩියි පැටියෝ... පොඩ්ඩක් ඉන්න මං කට්ටියට කියල එන්නම්
නෑ ඕන නෑ... මම යන්නම්­ ­...

අනේ එපා...... please wait for a while....

ඉතින් තක්ශි.... කියන්න බලන්න.
ඔයා කියන්න­ ­
තක්ශි කිව්වට කමක් නැද්ද? තක්ශි කියල වෙන කවුරුත් කියන්නෙ නෑනේ
නෑ
එහෙනම් මම විතරක් කියන්නම්කෝ....... ඔයාට ඒ විදියට හරි මාව මතක තියේවිනෙ.

හ්ම්ම්ම්ම්....
....
..........
..................

                    ඒත් ඔයා අද කියන්නේ " මට ඔයා මගේම අයියා කෙනෙක් වගේ, මගේ හොඳම යාලුවගෙ සීමාවෙන් එහාට ගෙනියන්න බෑ" කියලයි.  ඇත්ත වෙන්නැති. මගේ කියවීමේ දුර්වලකම මාව ඈතක ගෙනිච්චට ඔයා මොනව කරන්නද නේද?
                     ඒත් ඇයි පැටියෝ ඔයා මාව වැරදියට කියවන විදියේ දේවල් කිව්වේ... ඇයි ඔයා මට එයා වගේ නොකිව්වේ, කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි කවදාවත් හොඳම යාලුවේ වෙන්න බෑ... ආදරේ ඒ දෙන්නගෙ මැද්දට එනවා කියල. ඔයා කොච්චර නෑ කිව්වත් යටිහිතින් ඔයත් මට ආදරේ කලා නේද රත්තරන්.... ඔයා මට හැමදාම නොකියන විදියට සමහර දවසට ආදරේ ඉතිරෙන්න තවරපු ස්වරයෙන් " ඇයි මට ආදරේ කලේ පැටියෝ... පරිස්සමින් ඉන්න. බුදුසරණයි....." කියපු අවස්ථාවල මටත් ඒ දේ දැණුන රත්තරන්... මටත් ඒ දේ දැණුනා. ඒත් මං දන්නවා... ඔයා හීනෙන්වත් මාව රැවැට්ටුවෙ නෑ කියලා... ඔයා රවට්ට ගන්නෙ ඔයවමයි රත්තරන්.... ඔයාවමයි....

- මං ඔයාගෙම ආදර සුළඟ.....

Share |

6 comments:

  1. Anu

    හැමදාමත් වගේ හරිම ලස්සනයි මල්ලියො...

  1. Gayan Anuradh Liyanage

    බොහොම ස්තූතියි.... ( ඔයා ප්‍රවීනා අක්කද )

  1. Anonymous

    godaaaak lassanai....

  1. Gayan Anuradh Liyanage

    bohooma sthuthiy.....

  1. Channa

    bokkatama wadinawa machan.....

  1. Gayan Anuradh Liyanage

    Thanku machoo....

Post a Comment